Bullying හෙවත් හිරිහැර බලය අඩු කෙනෙකු වෙත හිතාමතා , නැවත නැවත හිරිහැර කිරීමක් ලෙසට හඳුන්වනවා. Alannah & Madeline Foundationහි උපදේශිකා Jessie Mitchell පවසන්නේ එය පහර ගැසීම , තල්ලු කිරීම වැනි ශාරීරික ලෙසත් වාචිකව භයකිරීම වැනි ලෙසත්, සාමාජිය ලෙස කටකතා පැතිරවීම වැනි ලෙසත් සාමාජිය ලෙස සමච්චලයට ලක්කිරීම ද සිදු විය හැකි බවයි
Getty Images
දෙමාපියන් ලෙස කල හැකි දේ
Bully Zero යන ආයතනයේ ප්‍රධානී Andre Carvalho පවසන්නේ මෙවන් හිරිහැර සැම විටම දරුවන් ඔබ සමග හෙළි බොහෝ විට දරුවාගේ දුරකථනය වැනි එම උපකරන ඔවුන් වෙතින් ඉවත් කිරීම වැනිදේට බිය නිසා දරුවන් එලෙස කරන බව ඔහු පවසනවා. ඒනිසා ඔවුන්ට සවන් දීම ඉතාම වැදගත්
Getty Images
එවිට ඔවුන්ගෙන් සත්ය විමසා එවන් හිංසන පිළිනොගත හැකි බව පවසන්න. Jessie Mitchell පවසන්නේ ඒ පිළිබද තරහ නොගැනීම වැදගත් බවයි . සමහර දරුවන් හාස්ය හෝ එය මගහැරීම තුලින් එය වැලක්වීමට උත්සහ ගන්නවා. එසේම මිතුරන්ගේ සහයද අවශ්යයි
එය වෙබ් අඩවි ඔස්සේ හෝ සමාජ ජාලා වලින් සිදු වේ නම්, එම ආයතන වලට එය වාර්තා කල හැකියි. එම වෙබ් අඩවි වලින් ඒවා ඉවත් කොට නැත්නම් esafety.gov.au හරහා පැමිණිලි කල හැකියි.
ඔබේ දරුවා විසින් හිංසන සිදු කරයි නම් ?
ඔබේ දරුවා මෙසේ හිරිහැර කරන්නෙකු නම්, ඒ පිළිබදවද ඔබ කලබල නොවී සිටිය යුතුයි. Andre Carvalho පවසන්නේ එම දරුවාට මෙය බරපතල කාරණයක් බවට පහදා දී, ඔවුන්ට එයින් මිදීමට උපදේශන දීම වැදගත්. ඒ පිළිබද දේශනා පැවැත්වීම දරුවන්ට තේරුම් ගැනීමට සාර්ථක නොවන බවත් ඔහු පවසනවා
සහය ලබා ගත හැකි ආකාර
දරුවන් Kids Helpline සහය සදහා යොමු කල හැකියි. එසේම දෙමාපියන් ලෙසParentline ඔස්සේ ද ඔබට දැනුවත් විය හැකියි
පහත වෙබ් අඩවි ඔස්සේද තොරතුරු ලබා ගන්න

Source: SBS