මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයේදී සිදුවූ විශේෂ සිදුවීම්.

Sri Lanka Politics

Source: Indian Express

  • ශ්‍රී ලංකාව ගොඩනැඟීමට සහායකයෙකු  හා මිතුරෙකු ලෙස ඉන්දියාව ළඟින් සිටින බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා පැවසීය.
  • වසර දෙදහස් පන්සියයක් පැරණි වුවද, බුදුන් වහන්සේගේ පණිවිඩය 21 වන සියවසටත් වලංගු බවත්, එම වටිනාකම් ඉදිරියටත් ආරක්ෂා කරගත යුතු බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
  • එළඹෙන අගෝස්තුවේ සිට බරණැස සිට කොළඹ දක්වා ‘එයාර් ඉන්දියා‘ සෘජු ගුවන් සේවයක් ආරම්භ කරන බව ද හෙතෙම පැවසුවේය.
  • බස්නාහිර හා දකුණු පළාත්වල පමණක් ක්‍රියාත්මක වන 1990 ගිලන් රථ සේවාව අනෙකුත් පළාත් සභාවන් සඳහාද ලබාදීමට තීරණය කළ බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි පැවසීය.
  • වතුකරයේ ජනතාව වෙනුවෙන් ඉන්දියානු ආධාර යටතේ දැනට ඉදිකෙරෙමින් පවතින නිවාස 4000ට අමතරව තවත් නිවාස 10,000ක් එම ජනතාව වෙනුවෙන් ලබාදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පැවසීය.
  • ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් සමග ඊයේ (12/05) දිනයේදී විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති අතර මහින්ද රාජපක්ෂ මහතාගේ විශේෂ ඉල්ලීමක් මත එම සාකච්ඡාව පැවැත්වුණු බව වාර්තා වේ.
  • ජාත්‍යන්තර වෙසක් උත්සවය වෙනුවෙන් ශ්‍රී ලංකාවට පැමිණ සිටි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු පිරිස ඊයේ (12/05)  පස්වරු 5.35ට කටුනායක ගුවන්තොටුපළින් යළි ඉන්දියාව බලා පිටත්ව ගියහ.

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: Daily News, Daily Mirror




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now