ආර්ථික බංකොලොත් භාවය යනු කුමක්ද ? එහි ඇති බලපැම් මොනවාද ?

Young couple having finacial problems

Worried couple looking documents with domestical costs. Source: Getty

බංකොලොත් භාවය යනු කුමක්ද ?

ඕස්ට්රේලියානු ආර්තිකය සෙමින් වර්ධනය වීමත් සමග මුල්ය අර්බුධ වලට මුහුණ දී ඇති පිරිස් වැඩි වී ඇති අතර අද ඕස්ට්රේලියාවේ ස්ථාපිත වීම ට අවශ්ය තොරතුරු ගෙන එන Settlement Guide වෙතින් අපි තොරතුරු ගෙන එන්නේ එවන් අවස්ථාවකට මුහුණ දුන හොත් ඔබට කල හැකි දේ පිලිබදව .

ඔබට ගත්  ණයක්  ගෙවා ගැනීමට නොහැකිව බංකොලොත් තත්වයට පත් වීම නීතිමය වශයෙන් බැලපෑමක් ඇති කරයි. මෙය සෑම විටම කුඩා ණයක් නොගෙවා කල් ගත වීමෙන් පොලී ගෙවීමට සිදුවීම්න් ආරම්භ විය හැකියි.

එසේම සබදතා බිඳ වැටීම, රැකියා අහිමි වීම, රෝග තත්ත්ව ආදිය නිසා ද මෙවන් තත්වයන් ඇති වේ

Financial Rights Legal Centre  හි නීතීඥය Ma’ata Solofoni පවසන්නේ ලගදී සිට වන බංකොලොත් භාවයට පත් වූ අය ගෙන් දුරකථන ඇමතුම් වැඩියෙන් ලැබුණු බවයි

gettyimages-871979718.jpg?itok=Derl7Z9L&mtime=1567557456

Getty Images

බංකොලොත් වීමට ඩොලර් 5000 වැනි මුදලක නොගෙවා සිටීම මගිනුත් විය හැකි අතර එමගින් ඔබේ නිවාස පවා අහිමි විය හැකියි

එවන් අවස්තාවක දී ඔබට ඔබේ වත්කම් විකිණීමට නොහැකි අතර භාරකරුවෙකු ඒ සදහා පත් කෙරේ. එසේම ඔබට රටින් පිටවීමට එම භාරකරුගෙන් අවසර ගැනීමට සිදුවේ . ඔබ ආර්ථික වශයෙන් බංකොලොත් වුපසු ඔබේ නම එසේ ප්‍රසිද්ධ කෙරෙන අතර National Personal Insolvency Index වෙත සදාකාලිකව ඔබේ නම එක්‌ වනු ඇති

එසේම ණය වාර්තා තබා ගන්න ආයතන ද අවුරුදු 5ක් ඔබේ වාර්තා තබා ගන්නා නිසා ඔබට නැවත ණයක් ලබා ගැනීම අපහසු වේ

gettyimages-88621051.jpg?itok=QOIm3eAY&mtime=1567557595

Getty Images

වාර්තා වලට අනුව ඕස්ට්‍රේලියානුවන් ඩොලර් ,ඊලියන 50ක් පමණ credit card පත් හිඟ ලෙස පවත්වා ගෙන යයි . එසේම දැන් දැන් after pay වැනි ක්‍රම මගින්ද නොදැනුවත්වම අතේ ඇති මුදලට වඩා භාණ්ඩ මිලදී ගැනීම් සිදු වෙන නිසා ඒ පිළිබදවද ඔබ අවධානයෙන් සිටිය යුතුයි

gettyimages-168343711.jpg?itok=0d96TAe6&mtime=1567557705

Getty Images

සමාජ පීඩනය

බොහෝ දෙනා සන්ස්කෘතිකමය  වශයෙන් මෙසේ මුදල් හිඟ වීම පෞද්ගලික දෙයක් ලෙස සිතන නිසා උදව් ඉල්ලීමට මැලි කමක් දක්වයි . සමහර පුදගලයන් ජීවිත හානි පවා කරගැනීමට උත්සහ කර තිබේ

ඔබටත් ණය පිළිබද සහන ලබා ගැනීමට National Debt Helpline ඇමතිය හැකියි- 1800 007 007.


2 min read

Published

Updated

By Charitha Adikari



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now