ඕස්ට්‍රේලියාවේ පාසල් අධ්‍යාපනය හමාර කිරීම බොහෝ දරුවන් සමරනු ලබනවා. සතියක් පුරා schoolies නමින් මෙය සැමරීම සිදුවනවා. මේ සදහා සිසුන් 18000ක් පමණ නොවැම්බර් මස Gold Coast නගරය මේ සදහා තෝරා ගනීති.
මෙම සම්ප්‍රදාය ක්වීන්ස්ලන්තයේ හා බටහිර ඕස්ට්‍රේලියාවේ Leavers යනුවෙන් හඳුන්වන අතර ACT ඔවුන් ‘Coasties’ ලෙසින් හඳුන්වනවා. මෙය සතියක නිවාඩුවක් වන අතර වැඩිහිටි වියට පාතබන දරුවන්ට නිදහසේ සිටිය හැකි සතියක් ලෙසට නම් කෙරේ.
90%කම දරුවන් මේ සදහා Gold Coast තෝරා ගන්න අතර තවත් සමහර සිසුන් වෙනත් ප්‍රදේශ තෝරා ගනී. Airlie Beach, Byron Bay, හා වික්ටෝරියා හි Lorne ප්‍රදේශය , බාලි හා ෆිජි රටවල්ද අයත්

මෙහිදී දෙමාපියන් මදක් චකිතයට පත් වීම දක්නට ලැබෙනවා. තම දරුවා ප්‍රථම වරට ඔවුන්ගෙන් වෙන්ව යාමත් මත්ද්‍රව්‍ය භාවිතය සිදුවීමේ පුවත් මෙයට හේතු විය හැකියි. වසර 2011 දරුවන් 1500ජ ගෙන් 4.4% මත්ද්රවය් ශරීර ගත කොට තිබෙන බව හෙළිව තිබේ. එයින් 3.5%කම සිරින්ජයක් හුවමාරු කරගෙන ඇත.
මෙහිදී දෙමාපියන් මදක් චකිතයට පත් වීම දක්නට ලැබෙනවා. තම දරුවා ප්‍රථම වරට ඔවුන්ගෙන් වෙන්ව යාමත් මත්ද්‍රව්‍ය භාවිතය සිදුවීමේ පුවත් මෙයට හේතු විය හැකියි. වසර 2011 දරුවන් 1500ජ ගෙන් 4.4% මත්ද්රවය් ශරීර ගත කොට තිබෙන බව හෙළිව තිබේ. එයින් 3.5%කම සිරින්ජයක් හුවමාරු කරගෙන ඇත.
වසර 2012 දී සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ වික්ටෝරියා හි Lorne හි schoolies සාදයට සහභාගී වූ සිසුන් මත්පැන් විදුරු 8ක් වත් පානය කල බව.

Safer Schoolies Response වැඩසටහන
ක්වීන්ස්ලන්තයේ Department of Child Safety, Youth and Women හා City of Gold Coast මෙහිදී දරුවන්ගේ ආරක්ෂාව පිලිබදව කටයුතු කරයි.
Safer Schoolies Response නම්ආයතනය විසින් මත්පැන් රහිත සාද සංවිධාන කරන අතර නොවැම්බර් 16-22 දක්වා fenced Schoolies Hub හි එය පවත්වයි.
Safer Schoolies Response හි Mark Reaburn පවසන්නේ මීට පෙර දරුවන් හා පොලීසිය අතර නොයෙක් ගැටුම් ඇතිවූ බවයි. 20000ක් පමණ තරුණ තරුණියන් එක්ව සිටින විට ඔවුන්ට ආරක්ෂිතව විනොදයක් ලබාදීම ඔවුන්ගේ අරමුණ බව ඔහු පවසනවා.
දෙමාපියන්ට schoolies ට පෙර දරුවන් දැනුවත් කිරීම කල හැකියි. ඔබට ඔවුන්ට රුපවාහිනිය නරබමින්ම schoolies සාද පිළිබද ඔවුන් ගෙන් විමසිය හැකියි. ඔවුන් මත්පැන් හා මත් ද්‍රව්‍ය පිළිබද දන්නා දේ පිළිබද ඔබට දැනගත හැකියි


