නව XBB.1.5 ප්‍රභේදයෙන් ඔස්ට්‍රේලියාවට ඇති තර්ජනය සහ සංචාරය කිරීමේදී නිකුත් කළ නවතම සංචාරක උපදෙස්

මේ වන විට, ඔස්ට්‍රේලියාවේ XBB.1.5 රෝගීන් අටක් හඳුනාගෙන ඇත.

APTOPIX Virus Outbreak California

Australia's mandatory pre-departure screening of COVID positive passengers from China, Hong Kong and Macau bound for its shores is being termed as "politically-driven" by some quarters. Source: AP / Jae C. Hong/AP/AAP Image

COVID වසංගතයේ සිව්වන වසරට අප පිවිසෙන විට, ලෝකයේ බොහෝ රටවල් වෙනත් ශ්වසන වයිරස් රෝග මෙන් කොවිඩ් රෝගයට ප්‍රතිකාර කිරීමට පටන් ගෙන තිබේ.

කෙසේ වෙතත්, චීනයේ මෑත කාලීන කොවිඩ් ආසාදන වැඩිවීම සහ උතුරු අර්ධගෝලයේ නව Omicron උප ප්‍රභේදය XBB.1.5 මතුවීම සහ පැතිරීම, කොවිඩ් වසංගතය තවමත් අවසන් වී නැති බව පෙන්නුම් කරයි.

ඔස්ට්‍රේලියාවට ඇති තර්ජනය

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, Omicron හි නව උප ප්‍රභේදය වන XBB.1.5, මේ වන විට රටවල් 29 කින් අනාවරණය වී ඇත.

එය BA.2 sublineages දෙකක ප්‍රතිසංයෝජනයක් වන අතර එහි ඇති විකෘතිය හේතුවෙන් ඉතා වේගයෙන් සම්ප්‍රේෂණය වේ.

XBB.1.5 යනු මෙතෙක් අනාවරණය කරගෙන ඇති වඩාත්ම වේගයෙන් සම්ප්‍රේෂණය විය හැකි කොවිඩ් උප ප්‍රභේදය වන අතර අනෙකුත් සංසරණ ප්‍රභේදයන් වේගයෙන් ප්‍රතිස්ථාපනය කර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ඇමෙරිකාවේ ඊසානදිග කොටසේ, නව කොවිඩ් රෝගීන්ගෙන් ආසන්න වශයෙන් 70% ක් සඳහා XBB.1.5 වගකිව යුතු අතර, එක්සත් රාජධානියේ මෑත දත්ත පෙන්වා දෙන පරිදි කොවිඩ් ආසාදිතයින් 25න් එක් අයකු හට XBB.1.5 වගකිව යුතුවේ.

මේ වන විට, ඔස්ට්‍රේලියාවේ XBB.1.5 රෝගීන් අටක් හඳුනාගෙන ඇත.

XBB.1.5 ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් රැල්ලක් ඇතිකිරීමේ සැලකිය යුතු සම්භාවිතාවක් පවතින බව දකුණු ඔස්ට්‍රේලියා විශ්වවිද්‍යාලයේ වසංගත රෝග විද්‍යාඥයෙකු වන මහාචාර්ය Adrian Esterman පැවසීය.

කෙසේ වෙතත්, දැනටමත් COVID ආසාදනය වී සහ සැලකිය යුතු කොවිඩ් එන්නත් ආවරණයක් ලබා ඇති බොහෝ පුද්ගලයින් සමඟ එය වර්තමාන උප ප්‍රභේදයන් නිසා ඇති වූ ආසාදනයන්ට අයහපත් විය නොහැකි බවද මහාචාර්ය Esterman විශ්වාස කරයි.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

මුල් දත්ත වලට අනුව XBB.1.5 වයිරසයේ පෙර මාදිලිවලට වඩා ප්‍රතිශක්තිකරණයෙන් ගැලවී යාමේ හැකියාවක් පවතින අතර වත්මන් එන්නත් අඛණ්ඩව ප්‍රබල ආරක්ෂාවක් සපයන බවද ඔහු පැහැදිලි කළේය.

XBB.1.5 දරුණු රෝග (මරණය ඇතුළුව) ඇති කිරීමට ඉඩ ඇති බවට යෝජනා කිරීමට දැනට දත්ත නොමැත.

ඔස්ට්‍රේලියානු රජය දේශීය සහ ගෝලීය COVID-19 තත්ත්වය ඉතා සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවත් මෙම අවස්ථාවෙහිදී, අතිරේක දේශසීමා පියවරයන් හඳුන්වා දීමට කිසිදු සැලසුමක් නොමැති බවත් සෞඛ්‍ය හා Aged Care දෙපාර්තමේන්තුව SBS වෙත පැවසීය.

චීනයේ BF.7 ව්‍යාප්තිය කෙසේද?

චීනය, හොංකොං සහ Macau සිට ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංචාරකයින් අදාළ ගුවන් තොටුපොළවලින් පිටත්වීමට පැය 48 කට පෙර COVID පරීක්ෂණ සිදුකර ඍණාත්මක ප්‍රතිඵල පෙන්විය යුතු බවට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය නීති හඳුන්වා දී ඇත.

2023 ජනවාරි 05 සිට මෙය ක්‍රියාත්මක වෙයි.

ඔස්ට්‍රේලියාවේ ප්‍රතිශක්තිකරණ මට්ටම සහ ප්‍රජාව තුළ සංසරණය වන ප්‍රභේදවල ප්‍රමාණය සහ වර්ගය අනුව, BF.7 හි තර්ජනය අවම බව Deakin විශ්ව විද්‍යාලයේ වසංගත රෝග විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය Hassan Vally පැවසීය.

"චීනයේ සිට පැමිණෙන පුද්ගලයින් ඔස්ට්‍රේලියානු ජනගහනයට සැලකිය යුතු තර්ජනයක් එල්ල කරන බව මම විශ්වාස නොකරමි," ඔහු SBS වෙත පැවසීය.

"නිශ්චිත රටවලින් පැමිණෙන සංචාරකයින් සඳහා පනවා ඇති ඕනෑම සීමාවක් සාක්ෂි මත පදනම් විය යුතුයි," ඔහු තවදුරටත් පැවසීය.

වත්මන් සංචාරක උපදෙස්

චීනය සහ ඕස්ට්‍රේලියාව අතර සංචාරයට කිසිදු සීමාවක් නොමැති වුවද, ඉහළ ප්‍රවේශමකින් කටයුතු කරන ලෙසට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මේ වන විට චීනයට යන ඔස්ට්‍රේලියානු සංචාරකයින්ට උපදෙස් දෙයි.

ඇමෙරිකාවට ගමන් කරන විට සාමාන්‍ය ආරක්‍ෂිත පූර්වාරක්ෂාවන් ක්‍රියාත්මක කරන ලෙස දැනට උපදෙස් දී ඇත. කෙසේ වෙතත්, චීනය, හොංකොං හෝ Macau සිට ඔස්ට්‍රේලියාවට පැමිණිමේදී පූර්ව කොවිඩ් පරීක්ෂාවන් සිදුකර ඍණාත්මක ප්‍රතිඵල පෙන්විය යුතුය.

"සංචාරකයින් ඔවුන්ගේ එන්නත් සමඟ යාවත්කාලීනව සිටින බවට වග බලා ගන්නා ලෙස රජය නිර්දේශ කරයි, SmartTraveller වෙබ් අඩවිය පරීක්ෂා කර අදාළ සංචාරක නිර්දේශ සලකා බලන්න."යනුවෙන් රජය උපදෙස් දී ඇත.

2023 දී වසංගතය කෙබඳු වනු ඇත්ද?

හදිසි ප්‍රතිචාර අවධියේ සිට වයිරසය සමඟ ජීවත් වීමට ඉගෙනීම දක්වා සංක්‍රමණය වන අතර, අපි තවමත් 2023 දී යළි ඇතිවන ආසාදන රැල්ලක් දැකීමට ඉඩ ඇත.

"ඒවායේ ප්‍රමාණය සහ සෞඛ්‍ය බලපෑම අනුව මේවා දිගටම අඩු වනු ඇතැයි බලාපොරොත්තු වෙනවා" යනුවෙන් වෛද්‍ය Vally පැවසීය.

COVID සමඟ ජීවත් වීමට ඉගෙන ගැනීම COVID නොසලකා හැරීම හා සමාන දෙයක් නොවන බව අපට පැහැදිලි විය යුතු බවද ඔහු පැවසීය.

ඔහුට අනුව මෙම රෝගය යම් කාලයක් සඳහා අපට සැලකිය යුතු මහජන සෞඛ්‍ය තර්ජනයක් එල්ල කරනු ඇත.

එබැවින්, ඉදිරි වසර තුළ කොවිඩ් එන්නත් සහ ප්‍රතිකාරවල අඛණ්ඩ දියුණුවක් සඳහා බලාපොරොත්තුවෙන් සිටින අතරම ආසාදනය වීමේ සම්භාවිතාව අවම කිරීම සඳහා පසුගිය වසර තුන තුළ අප ඉගෙන ගත් දේ දිගටම ක්‍රියාත්මක කළ යුතු බව ඔහු පැහැදිලි කළේය.


Share

4 min read

Published

By Yumi Oba, Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now