තරගාවලියේ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබන අවසාන කණඩායම තීරණය කරන ඉන්දීය - ඕස්ට්රේලියා තරගය තීරණාත්මක තරගයක් බවට පත් වූ අතර, මෙම තරගයේ කාසියේ වාසිය දිනු ඕස්ට්රේලියාව පලමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.
එහිදී කඩුලු 6ක් දැවී ලකුණු 160ක් වාර්තා කරන්නට ඔස්ට්රේලියාව සමත් වූ අතර, පිළිතුරු ඉනිම ආරම්භ කල ඉන්දියාව, කඩුලු 4ක් දැවී පන්දු 4ක් දැවී ලකුණු 161ක් වාර්තා කරමින් තරගයේ ජය සහතික කර ගන්නට සමත් විය. ලකුණු 161ක ජයග්රාහී ඉලක්කය හඹා යාමේදී ඉන්දියාව වෙනුවෙන් විරාත් කෝලි වාර්තා කල ලකුණු 82 සුවිශේෂී දායකත්වයක් ලබා දුන්නේය. පන්දු 51දී හතරේ පහර 9ක් සහ හයේ පහර දෙකක් සමගින් නොදැවී මෙම ලකුණු ප්රමාණය රැස් කරන්නට කෝලි සමත් විය.
ඉන්දියාව ජයග්රහණ වාර්තා කල 20-20 ජාත්යන්තර තරග වල කෝලිගේ සාමාන්ය සටහන් වන්නේ 122.83ක් වශයෙනි. Tweet : Sachin Tendulkar
Tweet: Narendra Modi
එමෙන්ම ලකුණු පසුපස හඹා යාමේදී කෝලිගේ සාමාන්ය 228.50ක් බව සදහන්. මෙම තරගයේදී වාර්තා කල ලකුණු 82ත් සමගින් ඔහු 20-20 ජාත්යන්තර පිටියේ ලකුණු හඹා යාමේදී වාර්තා කර ඇති ලකුණු ප්රමාණය 918ක් බවට පත් වූ අතර, ඔහු දෙවැනි වන්නේ නවසීලන්තයේ බ්රෙන්ඩන් මැකලම් ට පමණි.
තවද මෙම තරගයේදී කෝලි 20-20 ජාත්යන්තර පිටියේ ලකුණු 1500 සීමාව පසු කරන්නට සමත් වූ අතර, මේ වන විට ඔහු 20-20 ජාත්යන්තර තරග පිටියේදී ලකුණු 1552ක් වාර්තා කරන්නට සමත් වී තිබේ.
Tweet : Michale Vaughan
තවද ඉන්දියාව ඕස්ට්රේලියාවට එරෙහිව පිට පිට වාර්තා කල 6වැනි විස්සයි විස්ස ජයග්රහණය මෙය බවද සදහන්.
මෙම පරාජයත් සමගින් ඕස්ට්රේලියාවට තරගාවලියෙන් ඉවත් වීමට සිදුවන අතර, ඉන්දියාව, නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව් දේශය සහ එංගලන්තය විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබන්නට සමත් වී තිබේ.

