SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා - බංග්ලාදේශ ලෝක කුසලාන තරඟයේදී මැතිව්ස්ට ඇත්තටම සිදුවුනේ කුමක්ද? බංග්ලාදේශය නිවැරදිද?

CRICKET-ICC-MENS-WC-2023-BAN-SRI-ODI
Sri Lanka's Angelo Mathews (L) speaks with Bangladesh's players after he was timed out during the 2023 ICC Men's Cricket World Cup one-day international (ODI) match between Bangladesh and Sri Lanka at the Arun Jaitley Stadium in New Delhi on November 6, 2023. Source: AFP / ARUN SANKAR/AFP via Getty Images

3 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS


Skip to article content

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඊයේ, එනම් නොවැම්බර් 6 දා පැවති ශ්‍රී ලංකා - බංග්ලාදේශ තරඟයේදී ශ්‍රී ලංකා හිටපු නායක සහ මෙවර මැදපෙළ පිතිකරුවෙකු වන ඇන්ජෙලෝ මැතිව්ස් හට ඉතා අවාසනාවන්ත තත්වයකට මුහුන දීමට සිදුවුනා.

මැතිව්ස් , ICC නිර්දේශ වලට අනුව පිතිකරුවෙකු පිටියට පැමිණීමට ගතවන කාලය ඉක්මවා පිටියට පැමිණීම හේතුවෙන් දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙසට ප්‍රකාශයට පත්කිරීම මහත් ආන්දෝලනයට තුඩුදුන් කරුණක් වුනා. එපමණක් ද නෙවේ, ලෝක ක්‍රිකට් ඉතිහාසයේ මෙසේ දැවී යාමකට මුහුණ දුන් පළමු ක්‍රීඩකයා බවට ද මැතිව්ස් ඉතිහාසගත වුනා

ශ්‍රී ලංකා පිලෙහි 4 වන කඩුල්ල දැවී යාමත් සමග පිටියට පිවිසි ඇන්ජලෝ මැතිව්ස්ගේ හිස්වැසුමේ ඇති පටියේ ඇතිවූ දෝශයක් හේතුවෙන් කඩුල්ල වෙත පැමිණ ඔහුගේ ඉනිමේ ප්‍රථම පන්දුවට මුහුණ දීමට ඔහුට විනාඩි දෙකකට වඩා වැඩි කාලයක් ගත වුනා.

එම අවස්ථාවේදී පන්දු යවමින් සිටි බංග්ලාදේශ කණ්ඩායමේ නායක, ෂකීබ් අල් හසන් විනිසුරුගෙන් ඉල්ලා සිටියේ මැතිව්ස් දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස සඥා කරන ලෙසයි.

ජාත්‍යන්තර ක්‍රිකට් නීතිය කුමක්ද?

ජාත්‍යන්තර ක්‍රිකට් නීති අනුව කඩුල්ලක් දැවී යාමෙන් පසු මිනිත්තු දෙකක් ඇතුළත පිතිකරන ලැයිස්තුවේ සිටින ඊළඟ පිතිකරු පිටියට පැමිණ පන්දුවට පහර දිය යුතුයි යම් හෙයකින් එසේ කිරීමට අපහොසත් වුවහොත් එම ක්‍රීඩකයා දැවී ගිය ක්‍රීඩකයකු ලෙස සැලකේ.

එහෙත් ප්‍රතිවාදී කණ්ඩායම එම පිතිකරු ගේ හෝ පිතිකරණය ආරම්බ කිරීමේ පමාව ගැටලුවක් නොවන බව විනිසුරුවරුනට දන්වා සිටියහොත් පමණක් අදාල ක්‍රීඩකයාට පන්දුවට පහර දීමට අවස්ථාව ලැබේ.

මේ ගැන නායක ෂකීබ් ගේ මතය?

තරඟයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී මේ පිළිබඳව බංග්ලාදේශ නායක ශකීබ් හසන් ගෙන් විමසා සිටිය අතර ඔහු එහිදී පවසා සිටියේ ලෝක කුසලානය තුල තම කණ්ඩායම රඳවා ගැනීම සම්බන්දයෙන් තමා ඉතා පීඩනයකට පත්ව සිටි බවයි. එම නිසා ක්‍රිකට් නීති රාමුව තුල තිබෙන නීතියක් තම කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් ගැනීමට සිදුවීම තමා වැරද්දක් ලෙස නොදකින බවද ඔහු පවසා සිටියේය. එය ක්‍රිකට් වල යහගුණය පවත්වාගැනීම සම්බන්දව ගත් කල බොහෝ විවේචනයට ලක්විය හැකි වුවද, එම අවස්ථාවේදී තමා එම තීරණය ගැනීම වරදක් නොවන ලෙස තමා සිතන්නේ යැයි ෂකීබ් අල් හසන් තරඟයෙන් අනතුරුව ලෝක කුසලාන නිල විකාශක වන ෆොක්ස් ස්පෝර්ට්ස් වෙත පවසා සිටියේය.

ශ්‍රී ලංකා බංග්ලාදේශ තරඟය

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඊයේ (6 නොවැ ) පැවති ශ්‍රී ලංකා - බංග්ලාදේශ තරඟයෙන් බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 3 ක ජයග්‍රහණයක් අත්කරගත්හ. පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49 යි පන්දු 03ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 279ක් ලබා ගැනීමට සමත් වුහ. පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ බංග්ලාදේශ කණ්ඩායම ඕවර 41 යි පන්දු 1 කකදී ජයග්‍රාහී ලකුණු 280ක් ලබාගනිමින් ජයග්‍රහණය සනිටුහන් කළහ.

ශ්‍රී ලංකා ඉනිමේදී චරිත් අසලංක සිය එක්දින දිවියේ දෙවන ශතකය රැස්කිරීමට සමත්වූයේය. පන්දු 101කදී හයේ පහර 4ක් සහ හතරේ පහර 6ක් සමග ඔහු එම ශතකය රැස්කළේය.

මෙම තරඟ පරාජය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර 2023 ලෝක කුසලාන තරඟාවලියෙන් ඉවත් වේ.

————————————————————————————————————————————

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න පිවිසෙන්න

·SBS සිංහල Facebook පිටුවට www.facebook.com/sbssinhala

SBS සිංහල වෙබ් අඩවියෙන් www.sbs.com.au/sinhala

SBS Audio APP එකෙන් (Free)


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now