SKIP TO MAIN CONTENT

එදා උතුරට සිදු කළ සේවාව ජාත්‍යන්තර ඇගයීමට ලක්වුණේ නැහැ - ගෝඨාභය රාජපක්ෂ.

Gotabhaya Rajapaksa
Source: Asian Mirror

2 min read

Published

Updated

By Madhura Seneviratne



Skip to article content

එල්.ටී.ටී.ඊ සංවිධානය පරාජය කිරීමෙන් පසු උතුරු පළාතේ ඡන්දය පවත්වා එහි වැසියන්ට ප්‍රජාතන්ත්‍රවාදය උදාකරලීමට හිටපු ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගත් ක්‍රියාමාර්ග එකල ජාත්‍යන්තර ප්‍රජාව ඇගයීමට ලක් නොකළ බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර රියර් අද්මිරාල් මොහාන් විජේවික්‍රම මහතා හා උතුරේ හිටපු ආණ්ඩුකාර මේජර් ජෙනරාල් ජී.ඒ චන්ද්‍රසිරි විසින් ලියන ලද "වියවුල හා ස්ථාවරත්වය"  කෘතිය හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනයේදී  ඊයේ (15/11) පස්වරුවේ එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ බව පැවසීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමයේදී යුද්ධයෙන් පසු උතුරු - නැගෙනහිර පළාත්වල සාමය හා ස්ථාවරය වෙනුවෙන් සිදුකළ සංවර්ධන කටයුතු ආදිය ගැන විවරණයක් එම කෘතිය මගින් සිදුකර ඇත.

උතුරට ඡන්දයක් පැවැත්වීමට සුදානම් වූ අවස්ථාවේ එසේ කළහොත් ඉදිරි මැතිවරණයකදී ඔබතුමා පරාජය වේ යැයි එවකට ආණ්ඩුවේ සිටි ඩග්ලස් දේවානන්ද මහතා ප්‍රකාශ කළ බවද එහිදී හිටපු ආරක්ෂක ලේකම්වරයා වැඩි දුරටත් කියා සිටියේය.

එසේම මේවන විට ටී.එන්.ටී පක්ෂයට සහය දක්වන සිද්ධාර්ථන් පවා ඡන්දයක් තිබුණහොත් ඉන් ටී.එන්.ඒ පක්ෂය  බලවත් විය හැකි යැයි තමන් සමග කියා සිටි බව හිටපු ආරක්ෂක ලේකම්වරයා පැවසුවේය.

කෙසේ වුවද හිටපු ජනාධිපති හට අවශ්‍ය වූයේ උතුරේ ඡන්දය පවත්වා එම ප්‍රදේශවල ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ලබාදීම බවත්, යුද්ධයෙන් පසු උතුරු නැගෙනහිර පළාත් සංවර්ධනය කරමින් එම ප්‍රදේශවල ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා විශාල වැඩ කොටසක් කළ බවත්, ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

මීට අමතරව අනෙකුත් රජයන් වලින් එවකට සන්නද්ධ කරනු ලැබූ සෙසු දෙමළ සංවිධාන තම පාලන කාලයේදී නැවත නිරායුධ කිරීම ආරම්භ කළ බවද ඔහු පැවසුවේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now