SKIP TO MAIN CONTENT

"..ඔස්ට්‍රේලියානු මහා මැතිවරණය 2016.." Malcolm Turnbull ගේ මීලඟ පියවර කුමක් වේද ? ඔහු තවත් මැතිවරණයක් කැඳවනු ඇති බව Shorten පවසයි

Turnbull Tense
Source: AAP

2 min read

Published

Updated

By Charitha Adikari



Skip to article content

ජුලි 2 වැනිදා මැතිවරණයෙන් ඉගෙනීමට බොහෝ දේ ඇති බව අග්‍රාමාත්‍ය Malcolm Turnbull පවසනවා. තවමත් චන්ද ගණන් කිරීම සිදු වන නිසා ප්‍රධාන පක්ෂ දෙකම රජයක් පිහිටවා ගත හැකි කුමන පක්ෂයකටද යන බව අවින්ශ්චිත ව සිටිනවා ඒ ස්වාදීන අපේක්ෂක සහය ඇතිව හෝ නැතිව. Malcolm Turnbull මහතා සන්ධානයේ තත්වයට වගකීම භාර ගන්න බවට පවසා තිබෙනවා. මේ මැතිවරණය තුලදී ඕස්ට්‍රේලියානුවන් ප්‍රකාශ කර ඇති දේ පිළිබඳව අවධානය කල යුතු බවත් එම කරුණු විමසා බැලිය යුතු බවත් , දැනට හරි ආකාරයේ තීන්දුවක් ඒ පිලිබඳ දීමට  නොහැකි බවද Turnbull මහතා ප්‍රකාශ කළා.

 

මේ අතර නියෝජ්‍ය අග්‍රාමාතය Barnaby Joyce ප්‍රකාශ කොට ඇත්තේ සන්ධානය තනිවම රජයක් පිහිටුවීමට හැකි දැයි තහවුරු කර ගන්නා අතරතුර ස්වාදීන අපේක්ෂයන් හා Nick Xenophon සමගත් සාකච්චා කරනා බවයි. අවසන් ප්‍රතිපලයක් ලැබීමට තවත් සතියක් පමණ ගත විය හැකි බවයි පැවසෙන්නේ. ඒ තවත් චන්ද මිලියනයක් පමණ ගණන් කිරීමට ඇති නිසා. ප්‍රතිපලයක් ගැන අනාවැකි කීම අපහසු වුවත් චන්ද කරට කර ඇති බව අමතක නොකළ යුතු බවත් Joyce මහතා පවසනවා. 

 

නමුත් විපක්ෂ නායකයා පවසා ඇත්තේ Malcolm Turnbull විසින් මෙම අවහිරතා මගහැරීමට තවත් හදිසි මැතිවරණයක් කැඳවීමට ඉඩ ඇති බවයි. එසේ තවත් මැතිවරණයක් පැවැත්වුවා හොත් එය පහල මන්ත්‍රණ සභාවට පමණක් වෙනවා. Bill Shorten මහතා පවසන්නේ එය එතරම් හොඳ අදහසක් නොවන බවයි. ඔහු පවසන්නේ අග්‍රාමාත්‍යවරයා සිය පක්ෂයේ අස්ථාවර බව නිසා ජනතාවට තවත් මැතිවරණයකට යාම වැරදි බවයි. ඔහු පවසන්නේ Malcolm Tunbull විසින් පාර්ලිමෙන්තුව ස්ථාවර කිරීමට කෙසේ හෝ කටයුතු කල යුතු බවත් ඔහුට එල්ල වී ඇති විරෝධතාවය හෝ ඔහුගේ සංශෝධන නිසා අත්වූ අස්ථාවර සෙනට් සභාව නිසා හෝ ජනතාවට නැවත මැතිවරණයකට යාමට සලකා නොබැලිය යුතු බවයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now