ඕස්ට්‍රේලියාවේ NBN සේවාව පිළිබදව ඔබ දැනුවත්ද ?

NBN technician Rajav Kapil

Source: AAP

ජාතික broadband ජාලය හෙවත් NBN දුරකථන හා අන්තර්ජාල එකම සේවාවක් යටතට කරන ඔස්ට්‍රේලියාවේ ජාතික වැඩපිළිවෙලයි . වසර 2020 වන විට සියලු නිවාස මේ හා සම්බන්ධ වේ.

මේ සදහා ඔබ සුදානම්ද ?

ඔබේ ප්‍රදේශයේ NBN ලැබෙන අවස්තාව පිලිබදව ලිපියක් මාර්ගයෙන් දැනුම් දේ. එසේ නැත්නම් පහත වෙබ් අඩවිය තුලින් ඔබේ ලිපිනය ඇතුලත් කර එය දැනගන්න.

NBN website 

“check your address” function

ඔබ වෙත හදිසි අවස්ථා සදහා වන එලාම, emergency call button හෝ විදුලි සෝපාන දුරකථන , EFTPOS උපකරණ ඇත්නම් ඒවාද NBN යටතේ ලියාපදිංචි කල යුතුවේ.

NBN සවි කිරීම NBN Co ආයතනය විසින් සිදු කලද එම සබදතා ඔබ වෙනත් දුරකථන සේවා ආයතන වලින් ලබා ගත යුතු වේ. ඔබට ඔබේ දුරකත පකරණ ආදියද වෙනස් කිරීමට සිදුවේ

ඔබේ ප්‍රදේශයේ NBN ලබා දෙන දිනයෙන් පසුව ඔබේ පෙර පවතී දුරකත සබදතාව අහෝසි වේ

NBN technician in front of an aparthament block that s been connected to the National Broadband Network
Source: AAP Image/David Crosling

ඔබේ අවශ්‍යතාව අනුව ඔබට සරිලන NBN පැකේජය ඔබට තොර ගත හැකියි. ඔබට අන්තර්ජාලය වැඩි පුර භාවිතා කොට වීඩියෝ ආදිය අවශ්‍ය නම් වේගය වැඩි සබදතාවක් අවශය වේ .ඔබ විවිද සේවා සපයන ආයතන වෙත ගොස් ඔවුන් ලබා දෙන සබදතා පිළිබද සොයා බලන්න

Ethernet data cables are seen in a server room in Canberra
Source: AAP Image/Mick Tsikas

ඔබේ NBN සේවාවේ ගැටළු ඇත්නම් සේවා සපයන සමාගම අමතන්න. ඔවුන්ට ඔබට සහය වීමට නොහැකිවුවහොත් විදුලි සංදේශ ඕම්බුඩ්ස්මන්වරයාට පැමිණිලි කල හැකියි.

Telecommunications Industry Ombudsman,

 1800 062 058, 

වැඩි විස්තර භාෂා 16 කින් ඔබට පහත වෙබ් අඩවිය ඔස්සේ ලබා ගත හැකියි

NBN website in 16 other languages.

භාෂා පරිවර්තන සහයද ලබා ගත හැකියි 

Translating and Interpreting Service on 13 14 50.

පහත වෙබ් අඩවිය ඔස්සේත් වැඩි විස්තර ලබා ගන්න 

5 things you need to know about the NBN by ACCAN

Tips for picking a good value NBN plan by ACCAN


Share

2 min read

Published

Updated

By Charitha Adikari




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now