කොරෝනා වෛරසය හේතුවෙන් මුල්‍ය අර්බුධයක සිටින ඔබ දැනගතයුතු දේ (සිංහල / වාර්තා )

Young man dealing with home finances

Young man dealing with home finances Source: Getty Images

කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට ඕස්ට්‍රේලියානු ආර්ථිකයට දරුණු බලපෑම් එල්ලව ඇති අතර මේ හේතුවෙන් ඕස්ට්‍රේලියානුවන් බොහෝ දෙනෙකුද මුල්‍ය දුෂ්කරතා රැසකට මුහුණ දී තිබේ.

පෞද්ගලික මුල්‍ය කටයුතු පිළිබඳව අන්තර්ජාලය තුල විවිධ වූ උපදෙස් පවතී.නමුත් අගෝස්තු මස 30 වැනිදායින් JobKeeper, ඉහල දැමු JobSeeker පැකේජ සහ කල් දැමුණු නිවාස කුලී සහ නිවාස ණය අවසන් වීමට නියමිත අතර මෙම තත්වයත් සමග තම ජීවිතයට බලපාන ආකාරයේ මුල්‍යමය වෙනසකට එළඹීමට පෙර ඔබ ඒ පිළිබඳව දෙවරක් සිතීම වැදගත් වේ.

නිවාස ණය කල්දැමීම

නිවාස ණය කල්දැමීම මධ්‍යම රජයේ නීතීන් මගින් ආවරණය වන අතර මෙහිදී ණය ලබාදෙන්නන් සහ ණය ලබාගන්නන් යන දෙපාර්ශවය සම්බන්ධයෙන්ම සලකා බැලේ. උදාහරණයක් ලෙස ජුනි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා පවතින ගෙවීම් තාවකාලික රැදවීමකට ලක්කරන ලෙස ඔබට ඔබගේ ණය ලබදෙන්නගෙන් ඉල්ලා සිටිය හැකි අතර එම ගෙවීම් වලට කුමක් වේද යන්න පිළිබඳව තහවුරු කිරීමේ වගකීම සම්පුර්ණයෙන්ම ඔබ සහ ණය හිමියා සතු වේ. මෙහිදී ඔබ ණය ලබාදෙන කොන්ත්‍රාත්තුවේ අවසානය තවත් දීර්ග වනවාද සහ ණය නැවත පියවීමේදී අමතර මුදලක් ඔබට ගෙවීමට සිදුවේද යන්න ඔබේ වගකීම වේ.

මෙම කාර්යයේදී ඔබගේ ණය නැවත ගෙවීම කල් යයි නම් එය නැවත පියවීමේදී අමතර පොලියක් සඳහා කොපමණ මුදලක් වැයවේද යන්න පිළිබඳව ඔබ වටහාගතයුතු අතර ණය නැවත පියවන කාලසීමාව කල්යාමේදීද යම් මුදලක් අමතරව ගෙවීමට සිදුවන බව අවබෝධ කරගතයුතු වේ.

අධික මුදලක් වැයවීම වැඩි කාලයක් ගතවීම වැනි කරුණු මත බොහෝ නිවාස ණය ලබාදෙන්නන් ඔබගේ නිවාස පවරා ගැනීමට නොපෙළඹෙන නමුත් ඔබගේ නිවස ණය ගෙවීම කල්දැමීමට ඉල්ලීමේදී පසුකාලීනව නැවත ණය ගෙවීම සඳහා ඔබ සතුව සැලැස්මක් තිබිය යුතුය.

ඔබගේ සාමාන්‍යයෙන් සිදුකරනු ලැබූ නැවත ණය පියවීමට අපහසු වුවහොත් බලපත්‍රලාභී මුල්‍ය වුත්තියවෙදියකු හරහා ඔබට නිවාස ණය පියවීම කල් දමාගතහැකි වේ. ණය පත් පිළබඳව වන ගැටළු සඳහාද බලපත්‍රලාභී මුල්‍ය වුත්තියවෙදියකු හරහා ඔබට සහාය ලබාගත හැක කෙසේ වුවද පළමුවෙන්ම මුල්‍ය උපදේශනයක් ලබාගැනීමට පෙළඹීම යෝග්‍ය වන අතර ඒ සඳහා 1800 007 007 දුරකථන අංකය ඔස්සේ National Debt Helpline ඔස්සේ සම්බන්ධ වීමේ හැකියාව පවතී.
file-20200623-188904-f06gjl.jpg?ixlib=rb-1.1.0&q=45&auto=format&w=754&fit=clip
Shutterstock

නිවාස කුලී සහන

ඔබට යම්කිසි මුල්‍ය ගැටළුවක් හේතුවෙන් නිවාස කුලිය ගවීමේ අපහසුතාවයක් මතුවුවහොත් කුලිය අඩු කිරීමට හෝ කල් දැමීමට නිවාස හිමියා සමග සාකච්චා කිරීමට හැකි වේ. නමුත් නිවාස හිමියා ඊට එකඟවන්නේද නොවන්නේද යන්න පිළිබඳව සැකසහිතය.

නිවාස ණය මෙන් නොව නිවාස කුලී පිළිබඳව වන ක්‍රියාවලීන් ප්‍රාන්තයන් අතර වෙනස් වේ.

ඇතැම් නිවාස හිමියන් විසින් විවිධ මුල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කොට ඇති අතර ඔවුන්ගේ කුලී නිවැසියන්ට කුලී ගෙවීම සඳහා superannuation ගිණුමෙන් කලින් මුදල් ලබාගැනීමට අවසර දෙන ලෙස එමගින් ඉල්ලා තිබේ.

ඕස්ට්‍රේලියානු සුරැකුම්පත් සහ ආයෝජන කොමිෂන් සභාව විසින් දේපල වෙලදාම් නියෝජිතයින්ට අනතුරු අඟවා ඇත්තේ සිය කුලී ගෙවීම් කටයුතු සඳහා කුලී නිවසියන්ව superannuation ගිණුමෙන් මුදල් ලබාගැනීමට පෙළඹවීම නිල නොලත් මුල්‍ය උපදේශයක් ලබාදීමක් වන බවයි. ඒ සඳහා දඩ හෝ සිරදඩුවම් පවා ලබාදීමට හැකියාව පවතින බව ඔවුන් පවසයි.

ඔබගේ නිවාස හිමියා සමග ඔබ කුලී ගෙවීම් ගැටළුවක් පිළිබඳව එකඟතාවයකට පැමිනෙනේ නම් එය නිවාස කුලිය කල් දැමීමක්ද , කුලිය අඩු කිරීමක්ද එසේ නොමැතිනම් කුලිය සම්පුර්ණයෙන්ම අත්හැර දැමීමක්ද යන්න පිළිබඳව අවබෝධකරගතයුතු වේ. මේ සඳහා කුලී නිවැසියන්ට tenants’union හරහා හෝ මුල්‍ය උපදේශකවරුන් මගින් නොමිලේ උපදේශන ලබාගත හැක.

කුලී නිවැසියන්ගේ මෙම ගැටලුව හේතුවෙන් ඔස්ට්‍රේලියාව පුරා ප්‍රාන්ත රජයන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටී.

බංකොලොත්භාවය

බංකොලොත් වීම පුද්ගලයකුට අවසාන වශයෙන් සිදුවිය හැකි වන අතර යම් පුද්ගලයකුට සිය ණය නැවත ගෙවීම අපහසුනම් ඒ සඳහා ණය ලබාදෙන්නන් විසින් විශාල පිරිසක් කෙටි කාලීන ප්‍රමාදයන් සඳහා වන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනු ලබයි.

සෑම ජීවිතයකම ක්ෂණික මුල්‍ය වෙනස්කම් ඇතිවීමේ හැකියාවක් පැවතීම හේතුවෙන් ණය ලබාදෙන්නා විසින් නය ලබාගන්න වෙත ගාස්තු නැවත්වීම් සහ කල්දැමීම් ඔස්සේ උපකාර කලයුතු බව පාරිභෝගික ණය ගිවිසුම් වලද පවතී.

යමකු බංකොලොත්භාවයට පත් වුව හොත් එම පුද්ගලය නැවතත් ණයකරුවකු වෙත යාමේ හැකියාවක් නොපවතින හෙයින් මුල්‍ය ගැටළු සඳහා මුහුණ දී සිටින පුද්ගලයින් බංකොලොත් වීමෙන් මුදවා ගැනීමට සෑම විටම ණය ලබාදෙන්නන් කටයුතු කරයි.
file-20200624-132385-1fpjsa4.jpg?ixlib=rb-1.1.0&q=45&auto=format&w=754&fit=clip
Shutterstock

අන්තර්ජාලය තුල විවිධ ණය ගිවිසුම් පිළිබඳව තොරතුරු පැවතියද එම ණය ලබාදෙන සමාගම් පිළිබඳව ප්‍රවේශම් විය යුතු වේ.

යම් මුල්‍ය ගැටලුවකදී අපක්ෂපාති වුර්තියමය උපදේශන ලබාගැනීම සඳහා රජයේ MoneySmart වෙබ් අඩවිය ඔස්සේ ඔබට උපදේශක වරුන් සොයාගැනීමේ හැකියාව පවතී.

ඔබට යම් හෙයකින් ණය ආපසු ගෙවීමේ ගැටලුවකට මුහුණ දී සිටි නම් ඔබට ඒ සඳහා හැකියාවන් රැසක් පවතින අතර ඔබ කල යුත්තේ එහිදී විශ්වාසනීය පුද්ගලයා හෝ සමගම තෝරාගැනීමයි.

 


Share

Published

Updated

By Gregory Mowle, Nipuna Dodangoda
Source: The Conversation

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
කොරෝනා වෛරසය හේතුවෙන් මුල්‍ය අර්බුධයක සිටින ඔබ දැනගතයුතු දේ (සිංහල / වාර්තා ) | SBS Sinhala