දැනට ඇති දීමනා ක්‍රම වෙනුවට Child Care Subsidy යනුවෙන් මෙය හැඳින්වේ
අධ්‍යාපන අමාත්‍ය Simon Birmingham පවසන්නේ විවිද භාෂා පසුබිම් වලින් පැමිණෙන අයට වඩා සරල ක්‍රමයක් මෙතුලින් ලැබෙන බවයි
මෙය ක්‍රියාත්මක වන ආකාරය
මෙම දීමනාව කෙලින්ම සුරැකුම් ආයතන වෙත ලබා දේ .
එය ඔබේ අදායම, ඔබ ලබා ගන්නා සුරැකුම් සේවාව හා දෙමාපියන් රැකියා කිරීම මත තීරණය කෙරේ
උපරිම අගය ලබා ගැනීමට දෙමාපියන් වැඩි පැය ගණනක් රැකියා කල යුතුයි
නමුත් ස්වෙච්චා සේවා, අධ්‍යාපනය හා රැකියා සෙවීමේ නිරත වීමත් මෙහිදී ගණන ගැනේ

ඔබට බලපාන අන්දම
දැනට ඇති ක්‍රමය තුල වසරකට ඩොලර් 7500 ක සීමාවක් ඇතත් නව ක්‍රමය තුල වසරකට ඩොලර් 185,710 අඩු වෙන් උපයන පවුල් වලට එවන් සීමාවක් නොමැත
රජයට අවශ්‍ය ළමා සුරැකුම් නිසා දෙමාපියන් රැකියා නොකිරීම වැලක්වීමටයි
නමුත් මෙම ක්‍රමය නිසා දෙමාපියන් දෙදෙනාම රැකියා කරන පවුල් වලට වඩා වාසි ඇත වන බවට විවිධ සංවිධාන පවසයි
එනිසා අනියම් සේවයේ ආදී රැකියා වල යෙදෙන පුද්ගලයන් ට මෙහිදී වඩා අඩු දීමනාවක් ද ලැබිය හැකියි , ඒ ඔවුන් ගේ වැඩ කරන පැය ගණන අඩු නිසා.

ඔබ සුදානම් වන්නේ කෙසේද ?
online estimator යන වෙබ් අඩවියෙන් ඔබට ලැබෙන දීමනාව පිළිබඳව අදහසක් ලබා ගත හැකියි
ඒ නිසා ඔබත් දැන්ම ස්වෙච්චා සේවා කටයුතු වලට සම්බන්ධ වී හෝ ඔබේ වැඩ කරන පැය ගන්නේ සාමාන්‍ය අගය දියුණු කර ගන්න
රජය විසින් ඔබට මේ නව දීමනාව පිළිබඳව හඳුන්වා දීමට විවිධ භාෂා වලින් ද තොරතුරු නිකුත් කර තිබේ
පහත වෙබ් අඩවි තුලින් වැඩි තොරතුරු ලබා ගන්න
education.gov.au/ChildCarePackage.

