සෑම දිනකම ඔස්ට්‍රේලියානුවෝ දහස් ගණනක් Facebook Marketplace සහ Gumtree වැනි අන්තර්ජාල වෙළඳ වෙබ් අඩවි වල ඔවුන්ගේ අනවශ්‍ය භාණ්ඩ අලෙවිය සඳහා ලැයිස්තුගත කරති.
කිසිදු මුදලක් ප්‍රචාරණය සඳහා නොගෙවා අදාළ භාණ්ඩ අලෙවි කරගැනීමට මේ හරහා ඔස්ට්‍රේලියානුවාසීන්ට අවස්ථාව උදාවේ.
නමුත් අවාසනාවකට මෙන්, වංචාකරුවන් නිරන්තරයෙන් නොසැලකිලිමත් ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් ඉලක්ක කරයි.
2022 දී වංචනික මිලදී ගැනීමේ සහ විකිණීමේ වැඩසටහන් හරහා ඔස්ට්‍රේලියානුවාසීන්ට ඩොලර් මිලියන 45 කට වඩා අහිමි වූ බව වාර්තා වේ.
Online වෙලඳපොලවල්වල ජනප්‍රියතාවය නිසාම ඒවා වංචනිකයින්ට වංචා කිරීමට තෝතැන්නක් බවට පත් කර ඇත.
කෙසේ වෙතත්, වංචාකරුවන් ගෙවීම් ක්‍රම හරහා මුදල් ලබා ගැනීමට උත්සාහ කරනු ඇත.
PayID වංචාව මේ සඳහා ජනප්‍රිය උදාහරණයකි, 2022 දී මෙම විශේෂිත ක්‍රමය හරහා ඔස්ට්‍රේලියානුවාසීන්ට ඩොලර් 260,000 කට වඩා අහිමි වී ඇත.
PayID යමු කුමක්ද?
PayID යනු ගනුදෙනුව සිදු කරන පුද්ගලයාට මුදල් ලබන්නාගේ නම පෙන්වීමෙන් - වැරදි ගෙවීම් නොකිරීමට මෙන්ම වංචාවන් අවම කිරීමට 2018 දී ඔස්ට්‍රේලියාවේ හඳුන්වා දුන් නීත්‍යානුකූල විද්‍යුත් ගෙවීම් ආකාරයකි.
මුදල් සම්ප්‍රේෂණය සරල කිරීම එහි අරමුණය.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
PayID මගින් බැංකු ගිණුම් සහ BSB අංක මතක තබා ගැනීමේ අවශ්‍යතාවය අඩු කරන අතර, ඒවා වැරදි ලෙස ඇතුළත් කළ විට ලැබෙන පාඩු අවම කරගැනීමට හැකිවීම මෙහි ඇති වැදගත්කම වේ.
PayID එකක් නිර්මාණය කරගැනීමට, පාරිභෝගිකයින්ට ඔවුන්ගේ දුරකථන අංකය, ඊමේල් ලිපිනය හෝ ABN එක අනන්‍යතාව සනාථ කරන ක්‍රමයක් ලෙස භාවිතා කළ හැක.
බැංකුව මෙම තොරතුරු අදාළ පුද්ගලයා සතු බව තහවුරු කර, පසුව එම පුද්ගලයාගේ බැංකු ගිණුම මෙම PayID එකට සම්බන්ධ කරයි.
PayID භාවිතයෙන් මුදල් සම්ප්‍රේෂණය කිරීම සඳහා, බොහෝ online බැංකු පද්ධති මුදල් ලබන්නාගේ PayID ඉල්ලනු ඇත.
දුරකථන අංකය, ඊමේල් ලිපිනය හෝ ABN එක ටයිප් කිරීමෙන්, අපේක්ෂිත මුදල් ලබන්නාගේ නම පෙන්වනු ඇත.
එය නිවැරදි නම්, ගනුදෙනුකරුට ගෙවීමට අවසර දිය හැකිය. පෙන්වා ඇති නම වැරදි නම්, ගනුදෙනුකරුට පහසුවෙන් ගනුදෙනුව අවලංගු කළ හැකිය.
PayID වංචාව සිදුවන්නේ කෙසේද?
ඔබ අන්තර්ජාලය හරහා භාණ්ඩයක් ප්‍රචාරණය කරන්නේ නම්, එම භාණ්ඩය මිලදී ගැනීමට වංචාකරුවෙකු ඔබව සම්බන්ධ කර ගනී.
ඔවුන් සාමාන්‍යයෙන් මිල ගැන ප්‍රශ්න නොකරන අතර, ඔවුන්ට භාණ්ඩය බැලීමට පවා අවශ්‍ය නොවනු ඇත.
පවුලේ සාමාජිකයෙකු හෝ මිතුරෙකු එය ඔබෙන් ලබාගනු ඇති බව බොහෝ අවස්ථාවලදී, ඔවුහු පවසති.
වංචාකරුවා PayID හරහා ගෙවීම් භාර ගන්නා ලෙස ඔබෙන් ඉල්ලා සිටියි.
ඔබ ඔබේ PayID (සාමාන්‍යයෙන් දුරකථන අංකය හෝ විද්‍යුත් තැපැල් ලිපිනය) වංචාකරුවාට යැවූ පසු දේවල් කිහිපයක් සිදු විය හැක.
වංචාකරුවා තමන් ගෙවීම සිදු කර ඇති බව පවසනු ඇති නමුත් ඔබට සුදුසු PayID ගිණුමක් නොමැති නිසා එම ගෙවීම ලබාගත නොහැකිය.
ඔබගේ ගිණුම "upgrade කළ යුතුය" හෝ අදාළ ගෙවීම මුදා හැරීම සඳහා අමතර ගෙවීමක් කළ යුතු බව ඔබට කියනු ඇත.
එවිට වංචාකරු තමන් විසින් අවශ්‍ය අමතර මුදල ගෙවා ඇති බව පවසන අතර එසේ වියදම් කළ අමතර මුදල් ලබාදෙන ලෙස ඔබෙන් ඉල්ලා සිටිනු ඇත.
එහිදී ඔබ යම් මුදලක් සම්ප්‍රේෂණය කළහොත්, එය සෘජුවම වංචාකාරයා වෙත ගොස් නැති වනු ඇත.
මෙහි කොටසක් ලෙස, වංචාකරුවන් විසින් ගෙවීම් තහවුරු කරමින් හෝ ගැටළු සඳහා උපදෙස් දෙමින් PayID වෙතින් යවන බව අඟවන කෙටි පණිවිඩ සහ ඊමේල් නිර්මාණය කරනු ඇත.
එවැනි පණිවිඩ ඔබගේ බැංකුව සමඟ පවතින SMS දාමයක පවා දිස් විය හැක.
ඒවා අව්‍යාජ යැයි ඔබ සිතනවා විය හැක, නමුත් ඒවා ව්‍යාජ ඒවාය, වංචාකරුට මුදල් සම්ප්‍රේෂණය කිරීම සඳහා එය ඔබව රැවටීමට කළ සැලසුමකි.

The popularity of online marketplaces has made them a fertile ground for fraudsters. Credit: The Conversation
PayID වංචාවක් වළක්වා ගන්නේ කෙසේද?
අන්තර්ජාලය හරහා භාණ්ඩ විකිණීමේදී අවධානය යොමු කළ යුතු අනතුරු ඇඟවීමේ සංඥා කිහිපයක් තිබේ:
PayID යනු නොමිලේ ලබා දෙන සේවාවකි. එය භාවිතා කිරීම හා ඊට සම්බන්ධ කිසිදු පිරිවැයක් නොමැත, එබැවින් කිසිඳු ගාස්තුවක් ගෙවීමට සිදු නොවේ
PayID තනි තනි බැංකු හරහා පරිපාලනය කෙරේ. PayID කිසිවිටෙක කෙටි පණිවිඩ, ඊමේල්, හෝ දුරකථන ඇමතුම් හරහා පාරිභෝගිකයන් සමඟ ඍජුව සන්නිවේදනය නොකරනු ඇත.
සැබෑ ගැණුම්කරුවෙකු සාමාන්‍යයෙන් ඕනෑම භාණ්ඩයක් පරීක්ෂා කර එය මිලදී ගැනීමට පැමිණෙයි. එම භාණ්ඩය ලබා ගැනීමට පවුලේ සාමාජිකයෙකු හෝ මිතුරෙකු එවන බව පවසන ගැණුම්කරුවෙකු යම් ආකාරයේ අසාමාන්‍ය පුද්ගලයෙකු විය හැකිය. විශේෂයෙන් ඔවුන් භාණ්ඩය සඳහා අත්පිට මුදල් ගෙවීමට අකමැති නම් එය වඩාත් සැක සහිතය.