Voice to Parliament ජනමත විචාරණයේ අවසන් ප්‍රතිඵලය දැනගත හැක්කේ කවදාද? සියලු විස්තර මෙන්න (SBS සිංහල/ වාර්තා)

ඔස්ට්‍රේලියාව පුරා ඡන්ද මධ්‍යස්ථානවල සිටින මැතිවරණ කොමිසමේ කණ්ඩායම් ඔක්තෝබර් 14 සවස සෑම ඡන්දයක්ම ගණන් කරනු ඇත.

A poster saying vote yes, with a no written over it.

After months of campaigning from both the Yes and No camps, voters will head to the polls on Saturday to decide whether Australia will have an Indigenous Voice to Parliament. Source: SBS

ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ට ව්‍යවස්ථාපිත පිළිගැනීමක් ලබාදීමට කැමතිද - අකැමතිද යන්න ප්‍රකාශය කිරීම සඳහා මිලියන සංඛ්‍යාත ඔස්ට්‍රේලියානුවන් ඔක්තෝබර් 14 වනදා Voice ජනමත විචාරනයෙදී සිය ඡන්දය භාවිත කරනු ඇත.

රට පුරා ඡන්ද මධ්‍යස්ථාන වැසීමෙන් පසු, ඔස්ට්‍රේලියානු මැතිවරණ කොමිසමේ කණ්ඩායම් ඡන්ද පත්‍රිකා ගණන් කිරීමේ කාර්යයට යොමුවනු ඇත.
Voice යනු යෝජිත ස්වාධීන සහ ස්ථිර උපදේශන ආයතනයක් වන අතර, විශේෂයෙන්ම ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ට බලපාන ගැටළු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට සහ මධ්‍යම රජයට බැඳීමක් නොවන දායකත්වයක් සපයයි.

ඔස්ට්‍රේලියානු ඡන්ද දායකයින් මිලියන 17.5 ක් පමණ මෙම Voice ජනමත විචාරනය සඳහා ඡන්දය දීමට සුදුසුකම් ලබා ඇත.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————

ඔක්තෝබර් 14 දින පෙරවරු 8 සිට පස්වරු 6 දක්වා රට පුරා ඡන්ද මධ්‍යස්ථාන 7,000කට වැඩි ප්‍රමාණයක් විවෘතව තැබේ.

පූර්ව ඡන්දය ලබාදුන් පිරිස මිලියන 4.45 ක් වන අතර අවසන් ඡන්ද ගණනය කිරීම ඉතා ආසන්න එකක් වුවහොත් අවසාන ප්‍රතිඵලය රාත්‍රියේම දීමට නොහැකි වනු ඇතැයි ඔස්ට්‍රේලියානු මැතිවරණ කොමිසම (AEC) SBS ප්‍රවෘත්ති සේවයට පැවසුවේය.

ඡන්ද ගණන් කිරීමේ ක්‍රියාවලිය

ඔස්ට්‍රේලියාව පුරා ඡන්ද මධ්‍යස්ථානවල සිටින මැතිවරණ කොමිසමේ කණ්ඩායම් ඔක්තෝබර් 14 සවස සෑම ඡන්දයක්ම ගණන් කරනු ඇත.

පූර්ව ලෙස ප්‍රකාශ කළ අති විශාල ඡන්ද සංඛ්‍යාවක් ඔවුන් මුලින් ගණනය කරනු ඇත.

කෙසේ වෙතත්, සෑම ඡන්දයක්ම එදින රාත්‍රියේම ගණනය කළ නොහැකිය.

"මැතිවරණ දින රාත්‍රියේ ගණන් නොකරන්නේ ප්‍රාදේශීය ගණන් කිරීමේ මධ්‍යස්ථානවල තවමත් අප සතුව නොමැති ඡන්දයි," මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙකු SBS ප්‍රවෘත්ති වෙත පැවසීය.

අතර මග සිරවී ඇති ඡන්ද පත්‍රිකා ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත පැමිණෙන තෙක් කොමිසම බලා සිටිය යුතු බවත් එය නීත්‍යානුකූලව ඡන්දය ප්‍රකාශ කළ දිනයෙන් පසු දින 13ක උපරිම බලා සිටීමේ කාලයක් බවත් සඳහන්.

මේවා දුරස්ථ ජංගම ඡන්ද මධ්‍යස්ථානවලින් ලැබෙන ඡන්ද, වෙනත් මැතිවරණ කොට්ඨාසවලින් ලැබෙන තැපැල් ඡන්ද හෝ විදේශයන්හි ඡන්දය ප්‍රකාශ කරන ඔස්ට්‍රේලියානුවන්ගේ ඡන්ද විය හැකිය.

දෙවරක් පරීක්ෂා කරයි

ෆෙඩරල් මැතිවරණ වලදී මෙන්, ඔස්ට්‍රේලියානු මැතිවරණ කොමිසම විසින් මෙහිදීද ගණන් කළ ඡන්ද ගැන නැවත සෝදිසි කිරීමේ ක්‍රියාවලියක් සිදු කළ යුතුය.

ප්‍රතිඵල නිවැරදි බව සහතික කිරීම සඳහා ඔවුහු ජනමත විචාරණයෙන් පසු දිනවලදී සෑම ඡන්දයක්ම දෙවරක් ගණන් කරති.

ජනමත විචාරණයක් සාර්ථක වන්නේ කෙසේද?

ජනමත විචාරණයක් සම්මත වීමට නම් එය ද්විත්ව බහුතරයකට ළඟා විය යුතුය.

එනම් ජනගහනයෙන් බහුතරයක් සහ ප්‍රාන්තවලින් බහුතරයක් Yes ලෙස ඡන්දය දිය යුතුවේ.

ACT සහ Northern Territory හි පුද්ගලයින්ගේ ඡන්ද ජාතික ඡන්ද එකතුවට ගණන් ගනු ඇත, නමුත් Territory වල බහුතරය ප්‍රාන්තවල බහුතරය වෙත ගණන් නොගනු ඇත.

මෙවර වාර්තාගත 97.5% ක් ඡන්දය ප්‍රකාශ කිරීමට ලියාපදිංචි වී ඇත.

ප්‍රතිඵල ලැබෙන්නේ කවදාද?

මැතිවරණ රාත්‍රියකට වඩා මෙය සරල වුවද (පක්ෂ මනාපයන් සලකා බැලීමෙන් තොරව), තමන් සතුව ඇති සියලුම ඡන්ද ගණන් නොකර අවසන් ප්‍රතිඵලයක් ගැන එදින රාත්‍රියේදීම ප්‍රකාශයක් කිරීම නීති විරෝධී බව ඔස්ට්‍රේලියානු මැතිවරණ කොමිසම පැවසීය.

කෙසේ වෙතත්, මෙය ජනමාධ්‍ය ඔස්සේ ප්‍රතිඵල පුරෝකථනය කිරීම වළක්වන්නේ නැත.


2023 Indigenous Voice to Parliament ජනමත විචාරණය පිළිබඳව දැනුවත්ව වීම පිණිස ලිපි, වීඩියෝ සහ පොඩ්කාස්ට් වෙත ප්‍රවේශ වීම සඳහා SBS Voice Referendum වෙබ් අඩවියට පිවිසෙන්න.

එහි සිංහල පිටුවට පිවිසීමට, www.sbs.com.au/voicereferendum වෙත පිවිස පහළට ගොස් “find your language’ යන TAB එක මත ක්ලික් කර සිංහල යන ලින්ක් එක මත ක්ලික් කරන්න.


Share

Published

By Ewa Staszewska, Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service