SKIP TO MAIN CONTENT

තානාපති සේවයේදී ඇමෙරිකාවෙන් ඔස්ට්‍රේලියාවට කුඩම්මාගේ සැළකිලි.

White House pulls incoming US ambassador to Australia for post in South Korea
Source: Twitter

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියාවේ ඇමෙරිකානු තානාපති ලෙස නම් කර තිබූ අද්මිරාල් Harry Harris ව එම තනතුරෙන් ඉවත් කරගැනීමට ඇමෙරිකානු ජනාධිපති Donald Trump ගත් තීරණය ඔස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය Kevin Rudd විවේචනය කර තිබේ.

ඔස්ට්‍රේලියාවේ ඇමෙරිකානු තානාපති ධුරය 2016 වසරේ සැප්තැම්බර් මස සිට පුරප්පාඩුව පැවති අතර එම ධුරය සඳහා ඇමෙරිකානු අද්මිරාල් Harry Harris ව යෝජනා කර තිබුණි.

නමුත් ඇමෙරිකානු ජනාධිපතිවරයා උතුරු කොරියානු නායක Kim Jong Un සමග සාකච්ඡා කිරීමට ගත් තීරණයත් සමග අද්මිරාල් Harry Harris ව ඔස්ට්‍රේලියාවට එවනවා වෙනුවට ඔහුව දකුණු කොරියාවේ ඇමෙරිකානු  නියෝජිතවරයා ලෙස පත් කර තිබේ.

ඔස්ට්‍රේලියාව, ඇමෙරිකාවේ දෙවැනි පන්තියේ මිතුරෙකු ලෙස දිස්වන බව ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාව මගින් පෙනී යන බව  ඔස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය Kevin Rudd,  A-B-C පුවත් සේවයට පැවසීය.

මේ අතර ඔස්ට්‍රේලියාවේ මීළඟ ඇමෙරිකානු තානාපතිවරයා ලෙස අද්මිරාල් Harry Harris පත් නොකිරීම සම්බන්ධයෙන් තමන්ද කණගාටු වන බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් පවසයි.

නමුත් අද්මිරාල් Harry Harris ව දකුණු කොරියාවට පත් කිරීමේ වැදගත්කම පිළිබද තමන්ට වැටහෙන බවද අගමැති ටර්න්බුල් පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now