ඔස්ට්‍රේලියාව තුල මේ කොරෝනා වෛරස ව්‍යාප්ති තත්වය මත අත්‍යාවශ්‍ය සේවා ලෙසින් වර්ගීකරණය කොට ඇති අංශ මොනවාද ? (SBS සිංහල /වාර්තා)

s

Source: Supplied

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුල ඖශධ වෙළද සල් හා සුපිරි වෙළද සල් පැය 24 තුලම ක්‍රියාත්මක කිරීමට අවසර දී ඇති අතර, ඔවුන්ගේ සේවාව අත්‍යවශ්‍ය ලෙස සලකන අතර තවත් බොහෝ සේවා අත්‍යවශ්‍ය ලෙස සැලකේ.
දැනට බොහෝ සේවකයින්ට නිවසේ සිට වැඩ කිරීමට පහසුකම් සලසා ඇති අතර, සිඩ්නි නුවර Manly හි ඖශධ හලක සේවය කරන Lachlan Rose පවසන්නේ කිසි දිනක මෙතරම් වැඩ කිරීමට සිදුවී නොමැති බවයි. අග්‍රාමාත්‍ය Scott Morrison ප්‍රකාශ කලේ සියලු අත්‍යවශ්‍ය සේවා වල යෙදෙන පිරිස තවදුරටත් රැකියා කරන පිරිස බවයි.

අත්‍යාවශ්‍ය සේවා යනු මොනවාද ?

අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ හෙදියන්, වෛද්‍යවරුන් , ගුරුවරුන් , රජයේ සේවකයින් , රාත්‍රී 8 වන තුරු සේවය කරන centrelink දුරකත සේවා සේවකයින් ආදී සියලු රැකියා අත්‍යාවශ්‍ය බවයි. සුපිරි වෙළද සල් වල සේවකයින් හා ඔබේ පවුල වෙනුවෙන් සේවය කරන රැකියාවක් සහිත සියලු දෙනා අතවශ්‍ය සේවකයින් බව ඔහු පවසයි.

Queensland University of Technology හි මහාචාර්ය Gerard Fitzgerald පවසන්නේ අත්‍යවශ්‍ය සේවා යනු හරිහැටි සීමාවකින් තීරණය කල නොහැකි බවයි. රෝහල් වල හදිසි ප්‍රතිකාර අංශ පවත්වා ගැනීමට නම් ඉන්දන , විදුලිය ආදී සීවාද පවත්වා ගෙන යා යුතු නිසා, ඒ සියල්ල අත්‍යවශ්‍ය සේවා බවට පත් වේ.
s
Source: AAP

අත්‍යාවශ්‍ය සේවකයින් ආරක්ෂිතව සිටින්නේ කෙසේද?

සුපිරි වෙළද සල් වල සේවකයින්, Medicare හා Centrelink ආයතන වල සේවය කරන සේවකයින්, භාණ්ඩ පරිවහනය කරන ට්‍රක් රථ රියදුරන් ද අත්‍යවශ්‍ය සේවකයින් වේ. මහාචාර්ය Fitzgerald පවසන්නේ එම සේවා ලබා ගැනීමේදී වැඩි පිරිසක් එක වර එම සේවය ලබා ගැනීම සිදු නොකිරීම තුලින් ඔවුන්ට රෝගය බෝ වීමේ අවධානම අඩු කර ගත හැකි බවයි. උදාහරණයක් ලෙස සුපිරි වෙළද සලක මුදල් ගෙවීමේ ස්ථානයේ වැඩි පිරිසක් එක වර රැදී සිටීම වැළක්විය යුතු වේ. එසේම ඖශධ වෙළද සල් වලට ද රෝගී වූ පුද්ගලයින් වැඩි පුර පැමිණෙන නිසා වයිරසය ශරීරගත වීමේ වැඩි අවධානමකට ඔවුන් ලක් වේ.

බොහෝ සේවා ස්ථාන එම සේවකයින් Covid -19 ආසාධිතයින්ට නිරාවරණය වීම වැලැක්වීම සදහා විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබේ.එකිනෙකා අතර මීටර් 1.5ක පරතරයක් ඇති වීම , පාරිභෝගිකයන් හා ඔවුන් අතර ගනුදෙනු කරන විට මුහුණු ආවරණයක් යොදා ගැනීම ආදී කරුණු සිදු වේ.
s
Source: sbsupplied

පාසල් ගුරුවරුන්

අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ පාසල් විවෘතව තබන නිසා ගුරුවරුන්ගේ ආරක්ෂාව පිලිබදව වෘත්තීය සංගම් සමග සාකච්චා කරන බවයි. මෙම අත්‍යවශ්‍ය සේවකයින් වෙනුවෙන් පාසල් විවෘතව තබන බව ඔහු පවසයි. මාහාචාර්ය Fitzgerald පවසන්නේ අත්‍යවශ්‍ය සේවකයින්ට දිගටම සේවය සදහා යාමට ඔවුන්ගේ දරුවන්ට යා හැකි පරිදි මෙසේ පාසල් විවෘතව තබන බව

මාධ්‍යවේදීන්

රුපවාහිනිය හා ගුවන් විදුලිය වැනි සේවා වල සේවය කරන මාධ්‍යවේදීන් ද නිරන්තරයෙන් පුවත් මගින් ඔබ දැනුවත් කිරීමට අවශ්‍ය බැවින් අත්‍යවශ්‍ය සේවා ලෙස සැලකේ. SBS ආයතනයද එසේ අත්‍යවශ්‍ය සේවාවක් ලෙස සැලකේ. අපගේ පුවත් හා විවිධ භාෂා වැඩසටහන් දිගටම ක්‍රියාත්මක කිරීමට SBS ආයතනය නිරන්තරයෙන් බැදී සිටී. SBS ආයතනයද සේවක ආරක්ෂාව පිළිබද ක්‍රියාමාර්ග ගෙන ඇත.

කිසිදු විටක අවධානම සම්පුර්ණයෙන්ම නැති වන්නේ නැහැ

මහාචාර්ය Fitzgerald පවසන්නේ සෑම විටම යම් තාක් දුරක අවධානමකට මෙම අත්‍යවශ්‍ය සේවකයින් මුහුණ දෙන බවයි. ඔවුන් අවධානමක් ගන්නා බවත් , අපිට කල හැකි එය හැකිතාක් දුරට අඩු කිරීම පමණක් බවත් ඔහු පවසයි.

ඕස්ට්‍රේලියානුවන් එකිනෙකා අතර මීටර් 1.5ක දුරස්ථ භාවයක් තබා ගත යුතු වේ.

ගෘහස්තව  වර්ග මීටර 4කට එක පුද්ගලයෙකු පමණක් සිටිය යුතු වේ.

ඔබට වයිරසය ආසාධනය වී ඇති බව සිතයි නම් 1800 020 080 යන ජාතික කොරෝනා වයිරස සහය දුරකථන අංකය අමතන්න , ඔබ හදිසි තත්වයකට මුහුණ පා ඇත්නම් 000 අමතන්න.

SBS ගුවන් විදුලිය ඔබේ භාෂාවෙන් ඔබව දැනුවත් කිරීම සදහා කොරෝනා වයිරසය පිළිබද තොරතුරු රැස් කොට ඇති වෙබ් අඩවිය වන්නේ  sbs.com.au/language/coronavirus

Source: SBS News


Share

Published

Updated

By Charitha Adikari

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඔස්ට්‍රේලියාව තුල මේ කොරෝනා වෛරස ව්‍යාප්ති තත්වය මත අත්‍යාවශ්‍ය සේවා ලෙසින් වර්ගීකරණය කොට ඇති අංශ මොනවාද ? (SBS සිංහල /වාර්තා) | SBS Sinhala