SKIP TO MAIN CONTENT

එක්සත් ජාතීන්ගේ නියෝජිතවරයාට බන්ධනාගාරගත කර ඇති LTTE සැකකරුවන් මුණ ගැසීමට අවසර ලබා දුන්නේ කවුද ? ජනපති මෛත්‍රී කැබිනට්ටුවෙන් ප්‍රශ්න කරයි.

Sri Lanka Politics
Source: Daily News

1 min read

Published

By Madhura Seneviratne

Source: Daily Mirror



Skip to article content

පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් සහ ත්‍රස්තවාදය පිටුදැකීමේ විශේෂ නියෝජිත  Ben Emmerson හට බන්ධනාගාරගත කර ඇති LTTE සැකකරුවන් මුණ ගැසීමට අවසර ලබා දුන්නේ කවුරුන්ද යන්න ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (18/07) කැබිනට් රැස්වීමේදී ප්‍රශ්න කර ඇති බව වාර්තා වේ.

ත්‍රස්ත විරෝධී පණත යටතේ රඳවා තබාගෙන සිටින පුද්ගලයන් හට වධ හිංසා පමුණුවන බවට Ben Emmerson ලබා දුන් අවසන් වාර්තාවේ සඳහන් කර ඇති බව පැවසේ.

මේ අතර ශ්‍රී ලංකාවේ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා Ben Emmerson ගේ ක්‍රියා කලාපය දැඩි ලෙස විවේචනය කළ අතර ඔහු සමග දැඩි වාදයකට ද පැමිණි බව වාර්තා වේ.

Ben Emmerson හට බන්ධනාගාරගත කර ඇති LTTE සැකකරුවන් මුණ ගැසීමට අවසර ලබා දී ඇත්තේ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය බව මේ වන විට හෙළිවී තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now