මාස 4 කට පසුව ලෝක සෞඛ්‍ය සංවිධානය ගෝලීය කොවිඩ් රෝගීන්ගේ පළමු වැඩිවීම වාර්තා කරයි

මේ ගෙවී යන සතියේ ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

COVID19 DAILY LIFE

Mask wearing is recommended with the rise of COVID cases in Australia. Source: AAP / DIEGO FEDELE/AAPIMAGE

BA4 සහ BA5 තවමත් ඔස්ට්‍රේලියාව තුළ පවතින බැවින් ඔස්ට්‍රේලියාව කොවිඩ් උප ප්‍රභේදවල මිශ්‍රණයක් දකින අතර නව ප්‍රභේද වන XBB සහ BQ.1. ඉහළ යමින් පවතී.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මේ සතියේ කොවිඩ් ආසාදිත පුද්ගලයින් 22,672 ක් හඳුනාගෙන ඇති අතර එය පෙර සතියට සාපේක්ෂව 52.8% ක වැඩිවීමකි.

එම කාලය තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ජීවිත 39 ක් ද කොවිඩ් නිසා අහිමි විය.

වික්ටෝරියා ප්‍රාන්තයේ මේ සතියේ කොවිඩ් ආසාදිත පුද්ගලයින් 16,636 ක් හඳුනාගෙන ඇති අතර එය පෙර සතියට සාපේක්ෂව 63% ක වැඩිවීමකි..

එම කාලය තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ වාර්තා වූ කොවිඩ් මරණ ගණන 46 කි.

ක්වීන්ස්ලන්තයේ, මේ සතියේ නව COVID-19 රෝගීන් 5828 සිට 10,106 දක්වා දෙගුණයකින් වැඩි වී තිබේ.

NSW Health, අනෙකුත් ප්‍රාන්ත මෙන්, පුද්ගල දුරස්ථභාවය තබා ගැනීමට දුෂ්කර ස්ථානවල සහ පොදු ප්‍රවාහනයේදී මෙන්ම ගෘහස්ථ පොදු ස්ථානවලදී මුව ආවරණ පැළඳීම නිර්දේශ කරයි.

මේ සතියේ එන්නත්කරණ නිවේදන

සෞඛ්‍ය හා Aged Care දෙපාර්තමේන්තුව මේ සතියේ COVID එන්නත් සම්බන්ධයෙන් වැදගත් නිවේදන තුනක් නිකුත් කළේය.

  1. Pfizer සමාගමේ Omicron-විශේෂිත COVID බූස්ටර් එන්නත වයස අවුරුදු 18 සහ ඊට වැඩි පුද්ගලයින් සඳහා තුන්වන සහ සිව්වන මාත්‍රාව ලෙස ඔස්ට්‍රේලියාවේ ලබාගැනීමට අනුමත කර ඇත. මෙය නිකුත් කිරීම දෙසැම්බර් 12 සිට ආරම්භ වේ.
  2. දරුණු ප්‍රතිශක්තිකරණ දුර්වලතා, සංකීර්ණ හෝ බහුවිධ සෞඛ්‍ය ගැටළු හෝ සැලකිය යුතු හෝ සංකීර්ණ සෞඛ්‍ය අවශ්‍යතා ඇති ආබාධ සහිත මාස 6 සිට අවුරුදු 5 දක්වා ළමුන් සඳහා ළමා Pfizer COVID-19 එන්නත ද අනුමත කර ඇත. එය 2023 ජනවාරි මැද සිට ලබා ගත හැකිය.
  3. ATAGI හෙවත් ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඔස්ට්‍රේලියානු තාක්ෂණික උපදේශක කණ්ඩායම මෙම අවස්ථාවේදී පස්වන මාත්‍රාව හෝ තුන්වන බූස්ටර් මාත්‍රාව නිර්දේශ නොකිරීමට තීරණය කර ඇත. ශීත ඍතුවට පෙර 2023 මුල් භාගය සඳහා නව නිර්දේශයක් අපේක්ෂා කෙරේ.

කෙසේ වෙතත්, බූස්ටර් මාත්‍රාව ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය.

ATAGI ට අනුව බූස්ටර් මාත්‍රාව ලබාගැනීම සඳහා සුදුසුකම් ලබා ඇති නමුත් තවමත් එය නොගෙන ඉන්නා ඔස්ට්‍රේලියානුවන් මිලියන 5.5 ක් ඔපමණ සිටියි.

ඒ හා සමානව, වයස අවුරුදු 50 ට වැඩි ඔස්ට්‍රේලියානුවන් මිලියන 3.2 ක් සිටින අතර, ඔවුන් තවමත් ඔවුන්ගේ සිව්වන මාත්‍රාව ලබාගෙන නොමැත.

ඔස්ට්‍රේලියානුවන් ද ප්‍රතිවෛරස් ප්‍රතිකාර සඳහා ඔවුන්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීමට දිරිමත් කරනු ලැබේ.

හැකි ඉක්මනින් එම ප්‍රතිකාර ලබා ගැනීම ඇදහිය නොහැකි තරම් වැදගත් උනන්දුවක් ඇති බව ප්‍රධාන වෛද්‍ය නිලධාරී මහචාර්ය Paul Kelly පැවසීය

රෝග විනිශ්චය කිරීමෙන් දිනක් ඇතුළත එය ගතහොත් වඩාත් සුදුසු නමුත් දින පහක් දක්වා වුවත් සනීප කළ හි බවද ඔහු විස්තර කළේය.

ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ Long COVID සායන ඇති ස්ථාන මෙතනින් සොයාගන්න

ACT New South Wales Northern Territory Queensland

South Australia Tasmania Victoria Western Australia

ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ COVID-19 පරීක්ෂාකරන ස්ථාන මෙතනින් සොයාගන්න

ACT New South Wales Northern Territory Queensland

South Australia Tasmania Victoria Western Australia


Share

3 min read

Published

Updated

By Yumi Oba, Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now