SKIP TO MAIN CONTENT

!!..ඕස්ට්‍රේලියානු මහ මැතිවරණය 2016..!! මෙවර මැතිවරණයේදී චන්දය ප්‍රකාශ කරන්න යොදා ගන්නේ පෑනක් ද පැන්සලක් ද ?

voting
Source: ABC Australia

2 min read

Published

Updated

By Charitha Adikari

Source: ABC Australia



Skip to article content

වාර්තා වන අන්දමට Ball point පෑන 1930 නිර්මාණයට පෙර සිට ඕස්ට්‍රේලියානුවන් සිය චන්දය ප්‍රකාශ කිරීම සඳහා පැන්සල්  භාවිතා කර තිබෙනවා. 1902 දී මැතිවරණ පනත අනුව ඕස්ට්‍රේලියාවේ චන්ද දායකයන් සිය චන්දය පැන්සල් වලින් ප්‍රකාශ කිරීම සිදු කල යුතු වුනා. චන්ද පොළ වල වෙන් කර ඇති ස්ථාන වල අනෙක් පුද්ගලයා චන්දය සලකුණු කරන ආකාරය නොපෙනෙන ලෙස එය සිදු විය යුතු අතර එම ස්ථාන වල පැන්සල් තිබිය යුතු බව අද ටද වලංගු නීතියක්. නමුත් එම පනතට අනුව ඕස්ට්‍රේලියානු මැතිවරණ කොමිසමට පැන්සල් ලබා දීමට පැවසුවත් චන්ද දායකයන් ඒවා පාවිච්චි කල යුතු යයි එහි සඳහන් වන්නේ නැහැ.

මැතිවරණ කොමිසමේ ප්‍රකාශක Evan Ekin-Smith චන්ද දායකයනට තමන් කැමති නම් පෑන් හෝ පැන්සල් රැගෙන ආ හැකි බවයි.

නමුත් පැන්සල් භාවිතය ජනප්‍රිය ඇයි ? මැතිවරණ කොමිසම පවසන්නේ එය ඉතා පහසු නිසා බවයි. එසේම ඒවා වියලී නොයන මිලෙන් අඩු වීමත් හේතුවක් බවයි Evan Ekin-Smith පවසන්නේ. බොහෝ විට කොමිසම තම මැතිවරණය සඳහා භාවිත කරන උපකරණ ගබඩා කර තබන නිසා පෑන් එතරම් කල් තබා ගැනීමටද අසීරුයි.

පැන්සල් වලින් ලකුණු කරන දේ මකා දැමීමට හැකියි. ඒ නිසාම 2013 දී පැන්සල් භාවිතය පිළිබඳව පාර්ලිමේන්තු විමර්ශනයක් සඳහා ඉල්ලීමක් ද කෙරුණා. එහිදී සන්විදානාත්මක ලෙස චන්ද වෙනස් කිරීම කල හැකි බවට ප්‍රකාශ කෙරුණා. Fairfax හි Clive Palmer පවසා ඇත්තේ පැන්සල් භාවිතය නිසා සිය චන්දයෙදීත් බොහෝ පත්‍රිකා වල අංක 1 මක හෝ සඳහන් කොට නොතිබූ බවයි

නමුත් මේ විමර්ශනයේදී Joint Standing Committee on Electoral Matters (JSCEM) කමිටුවට කිසිදු චන්ද වංචාවක් හෙළි වුයේ නැහැ . නමුත් ඔවුන් පැන්සල් භාවිතය නතර කලෙත් නැහැ.නමුත් ඔවුන් පෑන භාවිතය වඩා සුදුසු බවත් මැතිවරණ කොමිසමට පෑන් භාවිත කිරීමේ තීරණය ගත හැකි බවත් පැවසුවා.

නමුත් පාර්ලිමේන්තුව විසින් තීරණය කරන තුරු මැතිවරණ කොමිසමට පෑන් භාවිතය අනිවාර්ය කිරීමටත් නොහැකියි. එය එතෙක් චන්ද දායකයන්ගේ කැමැත්ත මත තීරණය වෙනවා.

 ABC පුවත් සේවයේ Nick Harmsen ගේ  වාර්තාවක් ඇසුරින්  


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now