පළමු ලෝක යුද්දයෙන් පසුව ඕස්ට්‍රේලියාවේ චන්දය ප්‍රකාශ කිරීම ඉතාම අඩු වුනා, 1919 එය 71% වූ අතර 1922 එය 60%ක් වුනා. ඒ නිසා දේශපාලන පක්ෂ එක වී 1924 දී Electoral Act නම් පනත වෙනස් කරමින් වෙනසක් ඇති කළා. ඉන් පසුව 1925 වසරේදී එක වරම චන්දය ප්‍රකාශ කිරීම 91% තරම් ඉහල ගිය බවයි මැතිවරණ කොමිසම පවසන්නේ. ඉන් පසුව ප්‍රාන්ත ද චනදය ප්‍රකාශ කිරීම අනිවාර්ය කළා. මුලින්ම වික්ටෝරියා හි 1926 දීත් නිව් සවුත් වේල්ස් හා තස්මෙනියා 1928දීත් බටහිර ඕස්ට්‍රේලියාවේ 1939 දීත් දකුණු ඕස්ට්‍රේලියාවේ 1942 දීත් එය සිදු වුනා.
1962 දී ආදිවාසී ජනතාවට ස්වෙච්චා පදනමක් යටතේ චන්දය ප්‍රකාශ කිරීම ආරම්භ කලත් 1984දී සියලු සුදුසුකම් ඇති චන්ද දායකයන්ට චන්දය ප්‍රකාශ කිරීම අනිවාර්ය කලා. Australian National University හි දේශපාලන මහාචාර්ය Ian McAllister පවසන්නේ විශ්ව විද්‍යාලය කල සම්මේක්ෂණ වලින් හෙළිවී ඇත්තේ තවමත් බොහෝ ජනතාව අනිවාර්ය චන්දය ප්‍රකාශ කිරීමට සහාය දක්වන බවයි.
ඔබ චන්දය ප්‍රකාශ නොකළහොත් කුමක් සිදු වේද ?
ඕස්ට්‍රේලියානු මැතිවරණ කොමිසමට අනුව චන්දය ප්‍රකාශ නොකර පුද්ගලයින්ට ඒ සඳහා සාධාරණ හේතුවක් ඇත්දැයි අසා ලිපියක් එවන අතර නැතිනම් ඩොලර් 20ක දඩයක් ගෙවීමට සිදුවේ. කොමිසම පවසන්නේ එම දඩය හෝ හේතුවක් ඉදිරිපත් නොකර පුද්ගලයන්ට එරෙහිව නඩු පවරන අතර නඩුවේදී ඔබ වැරදිකරු බවට පත් වුව හොත්, ඩොලර් 180ක දඩයක් හා අපරාධ වාර්තාවක් ද ඇති විය හැකියි. දැනට වසරකට එසේ කෙතරම පුද්ගලයන් පිරිසකට දඩ ගෙවීමට සිදු වනවාදයි හරියට ගණන් බලා නැතත් එය 2000-3000ක් පමණ වන බවයි සඳහන් වන්නේ .
ලෝකයේ රටවල් 26ක් පමණ චන්දය ප්‍රකාශ කිරීම අනිවාර්ය කර ඇතත් එම රටවල එය නීතිය මගින් ක්‍රියාත්මක කර නැහැ.
අනිවාර්ය චන්දය ප්‍රකාශ කිරීම ඇති අනෙක් රටවල්
එසේම Costa Rica , Dominican ජනරජය හා තායිලන්තයේත් මෙසේ චන්දය ප්‍රකාශ කිරීම අනිවාර්ය වුවත් එය ට දඬුවම් නැහැ. නෙදර්ලන්තය , ෆීජී හා චිලි යන රටවල්ද එය අනිවාර්ය කිරීමට ගොස් දැන් එම අදහස ඉවත දමා තිබේ
ඇමෙරිකානු ජනපති ඔබාමා ද Chicago නීති විද්‍යාලයේදී ඕස්ට්‍රේලියානු අනිවාර්ය මතිවරන ක්‍රමය ප්‍රෂන්ෂා කොට තිබේ. නමුත් මහාචාර්ය McAllister පවසන්නේ ඇමෙරිකාව වැනි බොහෝ රටවල් මෙම ක්‍රමය අනුගමනය කරාවි යන්න සැක සහිත බවයි.
ඔස්ට්‍රේලියාව උපයෝග්‍යවාදී රටක් නිසාත් ඇමෙරිකාව හා බ්‍රිතාන්‍ය පෞද්ගලික අයිතීන් පිලිබඳ අවධානය වැඩි සංස්කෘතීන් නිසාත් බහුතර යහපත වෙනුවෙන් යමක් බලෙන් කරවීම එම දේශපාලනය තුල සිදු නොවනු ඇති බව ඔහු පවසනවා.
මෙම ක්‍රමයේ දුර්වලතා
සමහරක් මත අනුව බලෙන් චන්දය ප්‍රකාශ කිරීමට යොමු වීමෙන් Donkey Vote ලෙස හැඳින්වෙන නිශ්චිත අපේක්ෂකයකු කෙරේ අවධානයක් නොමැති චන්ද වැඩි වීම සිදු විය හැකි බව පැවසෙනවා. වසර 2015 වික්ටෝරියා මැතිවරණයෙන් පසු ලිබරල් මන්ත්‍රී Bernie Finn ප්‍රකාශ කර සිටියේ මිනිසුන්ට චන්දය ප්‍රකාශ කිරීමට බල කිරීමෙන් එය පිලිබඳ හැගීමක් නොමැති පුද්ගලයන්ට චන්දය ලබා දීමට අවස්තාව දීම අනුවන ක්‍රියාවක් බවයි.
මහාචාර්ය McAllister පවසන්නේ මේ නිසා ප්‍රචාරක කටයුතු ද වෙනස් වී ඇති බවයි. චන්දය වෙත ජනතාව ඇද ගැනීමට අවශ්‍යතාවක් නැති නිසා පක්ෂ ජනතාව තමන් වෙත හරවා ගැනීමට පමණක් වෑයම් කරනවා.
නමුත් චන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය වැඩි වීමෙන් දේශපාලන පද්ධතියට එය සුභ දායක බවත් ඔහු පවසනවා.
Share

