ගෝලීය ඉල්ලුම ඉහළ යාමත් සමඟ ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල් මිල වසරේ ඉහළම මිලකට වැඩිවී ඇති අතර යම් කාලයක් සඳහා පෙට්‍රල් මිල ඉහළ මට්ටමක පැවතිය හැකිය.
Unleaded 91 පෙට්‍රල් සඳහා ඔස්ට්‍රේලියාවේ සාමාන්‍ය ජාතික සිල්ලර මිල ලීටරයකට ඩොලර් 2.06 කි.
Compare the Market සංසන්දනාත්මක වෙබ් අඩවියේ විශ්ලේෂණවලට අනුව 2022 ජූලි මාසයෙන් පසු ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල් මිලෙහි වාර්තා වූ ඉහළම අගය මෙයවේ.
Compare the Market වෙබ් අඩවියේ ප්‍රධාන නගර පහක විශ්ලේෂණයට අනුව පෙට්‍රල් සඳහා වැඩිපුරම ගෙවන්නේ මෙල්බර්න් වැසියන් වන අතර එම මුදල ලීටරයකට ඩොලර් 2.16කි.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
ඇඩිලේඩ් සහ බ්‍රිස්බේන්හි පෙට්‍රල් මිල තවමත් සාමාන්‍යයෙන් ලීටරයකට ඩොලර් 2ට වඩා අඩු වන අතර පිළිවෙලින් ඩොලර් 1.94 ක් සහ 1.97 ක් ලෙස වාර්තා වේ.
පර්ත් වැසියන් පෙට්‍රල් ලීටරයකට ඩොලර් 2.05 ක් සහ සිඩ්නි වැසියන් ඩොලර් 2.10 ක් ගෙවයි.
ඔස්ට්‍රේලියාවේ unleaded 91 පෙට්‍රල්වල තොග මිල ලීටරයකට ඩොලර් 1.87 ක් වන අතර එය අවසන් වරට ඩොලර් 1.80 පරාසයක පැවතියේ පසුගිය අප්‍රේල් මාසයේදීය.
පෙට්‍රල් මිල මෙතරම් ඉහළ යන්නේ ඇයි?
ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ (IEA) අගෝස්තු මාසය සඳහා වන තෙල් වෙළඳපොල වාර්තාවට අනුව ගෝලීය වශයෙන් තෙල් සඳහා ඇති ඉල්ලුම සෑම විටම ඉහළ මට්ටමක පවතින අතර සැපයුම දුර්වල වී ඇත.
IEA ගෝලීය බලශක්ති ක්ෂේත්‍රය සම්බන්ධයෙන් රජයන්ට ප්‍රතිපත්ති උපදෙස් සපයයි.
"ලෝක ඛනිජ තෙල් ඉල්ලුම වාර්තාගත ඉහළ මට්ටමක පවතී, ගිම්හාන ගුවන් ගමන් වැඩිවීම, බලශක්ති උත්පාදනයේ තෙල් භාවිතය වැඩි කිරීම සහ චීනයේ ඛනිජ රසායනික ක්‍රියාකාරකම් ඉහළ යාම මගින් ඛනිජ තෙල් භාවිතය ඉහළ නංවා ඇත" යනුවෙන් එම වාර්තාව පවසයි.
ජූනි මැද භාගයේ පහළ මට්ටමක තිබුණු ඛනිජ තෙල් මිල 23% කින් ඉහළ ගොස් ඇත. එය ඔස්ට්‍රේලියාවේ තොග ඉන්ධන මිල ඉහළ මට්ටමක තබා ඇත.
පෙට්‍රල් මිල වැඩි කිරීමට ප්‍රබලතම සාධකයක් බවට විනිමය අනුපාතය ද පත්වී තිබේ.
ඛනිජ තෙල් සඳහා ගෙවනු ලබන්නේ ඇමෙරිකානු ඩොලර් වලිනි.
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ඔස්ට්‍රේලියානු ඩොලරය තරමක් දුර්වල වී ඇති අතර එම බැස්ම නිසා ඔස්ට්‍රේලියාවට තෙල් බැරලයකට ගෙවීමට සිදුවන ඔස්ට්‍රේලියානු ඩොලර් ප්‍රමාණය සාපේක්ෂව වැඩිය.
ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල් මිල තව කොපමණ කාලයක් ඉහළ මට්ටමක පවතීද?
ඔස්ට්‍රේලියානු ඩොලරය ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව දුර්වල මට්ටමේ ම තිබුණහොත් තවත් සති කිහිපයක් පෙට්‍රල් මිල ගණන් ඉහළ මට්ටමක පැවතිය හැකි බව Compare the Market හි ඉන්ධන පිළිබඳ විශ්ලේෂක Chris Ford පැවසීය.
OPEC+ සංවිධානය වැඩි අනතුරු ඇඟවීමක් ලබා නොදී තීරණ ගැනීමට නැඹුරු වන බැවින් ඔවුන් නිෂ්පාදනය තවදුරටත් කපා හැරීමට සහ සැපයුම නැවත අවහිර කිරීමට තීරණය කළහොත් ඔස්ට්‍රේලියාවේ තෙල් මිල යළි ඉහළ යනු ඇත.
මේ අතර ඉදිරි සති කිහිපය තුළ පෙට්‍රල් මිලෙහි කිසිදු සහනයක් අපේක්ෂා කළ නොහැකි බව Commonwealth බැංකුවේ පතල් හා බලශක්ති ආර්ථික විද්‍යාඥ Vivek Dhar, ABC වෙත පැවසීය.
පාරිභෝගික මිල දර්ශකයට අනුකූලව ෆෙඩරල් රජයේ ඉන්ධන බද්ධ අගෝස්තු 1 වන දින ලීටරයකට ශත 46 සිට ශත 48 දක්වා වැඩි විය.
මෙය ඉහළ පෙට්‍රල් මිලක් පවත්වා ගැනීමට සුළු වශයෙන් දායක විය හැකි බව විශ්ලේෂක Chris Ford පැවසීය.
ඔස්ට්‍රේලියාවේ මිල අඩු ඉන්ධන සොයා ගන්නේ කෙසේද?
මෝටර් රථ හිමියන්ට මාර්ගයේ විවිධ ඉන්ධන පිරවුම් හල්වල මිල ගණන් පරීක්ෂා කිරීමෙන් සහ එක් එක් ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ පවතින comparison apps සහ දත්ත භාවිතා කිරීමෙන් ඔවුන්ගේ ඉන්ධන පිරිවැය අඩු කර ගත හැකි බව Compare the Market හි ඉන්ධන පිළිබඳ විශ්ලේෂක Chris Ford පැවසීය.
ඔබට මිනිත්තු කිහිපයක් තම වාහනය මාර්ගයේ ධාවනය කර ඉන්ධන පිරවුම්හල් කිහිපයක මිල ගණන් පරීක්ෂා කිරීමට යන වියදම ආපසු පියවා ගත හැකි බවද ඔහු පැවසීය.
එමෙන්ම සෑම ඉන්ධන නැවත පිරවීමකදීම ඩොලර් කිහිපයක් හෝ ඉතිරි කර ගැනීම සඳහා ප්‍රධාන සුපිරි වෙළඳසැල්වලින් ලබාදෙන සහ අනෙකුත් ප්‍රතිලාභ වැඩසටහන් හරහා ලබාදෙන ඉන්ධන වට්ටම් වලින් ප්‍රයෝජන ගන්නා ලෙසද ඔහු නිර්දේශ කළේය.