2023 ජූලි 01 වැනිදා සිට ඔස්ට්‍රේලියාවේ ඇතැම් කලාපවල විදුලිය බිල එම කලාපවල බලශක්ති නියාමකයා විසින් නියම කරන ලද නව මිල ගණන් යටතේ 25% කින් පමණ ඉහළ යනු ඇතැයි වාර්තා වේ.
ඔස්ට්‍රේලියාවේ ඔබේ විදුලිය බිල ඉක්මනින් වැඩි විය හැක්කේ ඇයි සහ වැඩිපුර මුදල් ගෙවීම වළක්වා ගන්නේ කෙසේද යන්න පිළිබඳ මෙම ලිපියෙන් තොරතුරු ඉදිරිපත් කෙරේ.
විදුලිය මිල ඉහළ යන්නේ ඇයි?
ඔස්ට්‍රේලියාවේ බලශක්ති නියාමකයා විසින් නියම කරන ලද නව උපරිම මිලක් යටතේ විදුලිය මිල ඉහළ යාම සිදුවේ.
Default market දීමනාව නිව් සවුත් වේල්ස්, දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තවල සහ අග්නිදිග ක්වීන්ස්ලන්තයේ පාරිභෝගිකයින්ගෙන් උපරිම සිල්ලර වෙළෙන්දන්ට අය කළ හැකි උපරිම විදුලිය මිල නියම කරයි.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Audio App: App Store හෝ Google Play
වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
අධික තොග බලශක්ති පිරිවැය, සිල්ලර විදුලිය මිල ගණන් අඛණ්ඩව ඉහළ නැංවීමට හේතු වූ බව ඔස්ට්‍රේලියාවේ බලශක්ති නියාමකයා පවසයි.
පාරිභෝගිකයින්ගෙන් 9% ක් පමණ default market අනුපාතය අය කරනු ලබන අතර, ගෘහස්ථ විදුලි පාරිභෝගිකයින්ගෙන් අනිසි ලෙස ගාස්තු අය නොකිරීම සහතික කිරීම සඳහා ආරක්ෂිත දැලක් ලෙස එය ඵලදායී ලෙස ක්‍රියා කරයි.
බොහෝ පාරිභෝගිකයින් අඩු, වට්ටම් සහිත මිල ගණන් යටතේ සිටින නමුත් Default market දීමනාව පුළුල් මිල ගණන් සඳහා මිණුම් ලකුණක් ලෙසද ක්‍රියා කරයි.
විදුලිය බිල කොපමණ වැඩි වේද?
සිල්ලර විදුලිය වෙළෙන්දෝ විදුලිය බිල්පත් වෙනස් වන ආකාරය පිළිබඳ සංඛ්‍යා තවමත් නිකුත් කර නැත.
නමුත් ඔබේ නිවස හෝ ව්‍යාපාරය පවතින ස්ථානය සහ එහි ප්‍රමාණය අනුව විදුලිය මිල වෙනස් වේ.
2023 ජුලි 1 වනදා සිට ගෘහස්ථ පාරිභෝගිකයින්ට ඔවුන්ගේ කලාපය අනුව 19.6% සිට 24.9% දක්වා විදුලිය මිල වැඩි වනු ඇත.
සුළු පරිමාණ ව්‍යාපාර ගනුදෙනුකරුවන් 14.7% සිට 28.9% දක්වා විදුලිය මිල ඉහළ නැංවීමකට මුහුණ දෙයි.
Default දීමනාව මත නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පාරිභෝගිකයින්ට ඔවුන්ගේ කලාපය අනුව වාර්ෂිකව $440 සිට $594 දක්වා විදුලිය මිල ඉහළ යනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.
අග්නිදිග ක්වීන්ස්ලන්තයේ අදාළ නිවෙස්වලට අමතරව වසරකට ඩොලර් 402ක් ගෙවීමට සිදුවිය හැකිය.
දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ගෘහස්ථ පාරිභෝගිකයින්ට විදුලිය මිල ඩොලර් 512කින් පමණ ඉහළ යනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.
මෙවර අයවැය ඇස්තමේන්තුගත කර ඇති පරිදි සිල්ලර විදුලිය මිල 2023/24 දී 10% කින් ඉහළ යනු ඇත.

බලශක්ති බිල්පත් සඳහා රජය සහාය ලබා දෙනවාද?
බලශක්ති බිල්පත් සඳහා පාරිභෝගිකයින්ට සහාය ලබා ගත හැකි බව ඔස්ට්‍රේලියාවේ විදුලිය සහ ස්වාභාවික වායු ව්‍යාපාර සඳහා ඉහළම ආයතනය වන ඔස්ට්‍රේලියානු බලශක්ති කවුන්සිලයේ ප්‍රධාන විධායක Sarah McNamara පැවසුවාය.
සිල්ලර වෙළෙන්දන් එහි බලශක්ති මිල සහන සැලැස්මේ වට්ටම් ජූලි මාසයේ සිට පාරිභෝගිකයින්ගේ බිල්පත් හරහා සෘජුවම ලබා දෙන බව සහතික කිරීමට රජය සමඟ කටයුතු කරන බව ඇය ප්‍රකාශ කළාය.
“ෆෙඩරල් වට්ටම්, ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන්වල අමතර සහාය සමඟ එක් පාරිභෝගිකයෙකුට ඩොලර් 500 ක් දක්වා සහනයක් ලබාගැනීමට හැකිවනු ඇති," යනුවෙන්ද ඇය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියාය.
“සුදුසුකම් ඇති පාරිභෝගිකයන් අතර දැනටමත් බලශක්ති සහන සහ වට්ටම් ලබන අය ඇතුළත් වෙනවා, අනෙකුත් සුදුසුකම් ලත් ගනුදෙනුකරුවන් සැප්තැම්බර් මාසයේදී රජය විසින් සම්බන්ධ කර ගන්නා අතර ඔවුන්ට ගෙවීම් ලබා ගත හැකි ආකාරය පිළිබඳව උපදෙස් දෙනු ඇති," යනුවෙන්ද ඔස්ට්‍රේලියානු බලශක්ති කවුන්සිලයේ ප්‍රධාන විධායක Sarah McNamara පැවසුවාය.
බලශක්ති බිල්පත් මත මුදල් ඉතිරි කරගන්නේ කෙසේද?
රජයේ සහනාධාර මෙන්ම, ඔබේ නිවස සහ බලශක්ති භාවිතය ආශ්‍රිත වෙනස්කම් සිදු කිරීම ඔබේ බිල අඩු කිරීමට උපකාරී වේ.
හැකි නම් බලශක්ති කාර්යක්ෂම උපකරණ සහ පද්ධති වෙත මාරුවෙන ලෙස සංසන්දනාත්මක වෙබ් අඩවියක් වන CHOICE හි විදුලි විශේෂඥ Peter Giles පාරිභෝගිකයින්ට නිර්දේශ කරයි.
ඔබ නිවාස හිමියෙකු නම් ඔබේ බලශක්ති බිල අඩු කර ගත හැකි හොඳම ක්‍රමය ලෙස ඔබේ නිවසට සූර්ය පද්ධතියක් සවි කිරීම බවද ඔහු පැවසීය.
"Heat pump පද්ධති ද ඉතා කාර්යක්ෂමයි, එබැවින් ඔබට එම පද්ධති වෙත යාවත්කාලීන කළ හැකි නම් එය කිරීම ඵලදායී වෙනවා, ඒ හරහා ඔබේ බිල්පත් අඩු කරගත හැකියි," යනුවෙන්ද Peter Giles සඳහන් කළේය.
විශේෂයෙන් උණුසුම සහ සිසිලනය සහ උණු වතුර පද්ධතිය ආශ්‍රිත වඩාත් කාර්යක්ෂම උපකරණ භාවිතයෙන් ඔබට විශාල මුදලක් ඉතිරි කරගත හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.
බලශක්ති සිල්ලර වෙළෙන්දා මාරු කිරීම සහ රජයේ Energy Made Easy වෙබ් අඩවිය හරහා විවිධ සැපයුම්කරුවන්ගෙන් මිල ගණන් සංසන්දනය කිරීම ද Peter Giles යෝජනා කරයි.
ඔබ බලශක්ති සිල්ලර වෙළෙන්දෙකු සමඟ වැඩි කාලයක් රැඳී සිටින තරමට, ඔබ වැඩිපුර ගෙවීමට ඉඩ තිබෙන බවද ඔහු පැවසීය.

