විග්නේෂ්වරන්ගෙන් නැවතත් හර්තාලයක්.

C V Wigneswaran

C V Wigneswaran Source: Daily News

උතුරු නැගෙනහිර පළාත්හි යුද සමයේදී අතුරුදන් වූවන්ගේ ඥාතීන් විසින් මේ වන විට ආරම්භ කොට ඇති සත්‍යග්‍රහයන්ට වත්මන් රජයෙන් විසඳුමක් නොලැබීම නිසා හෙට දිනයේදී (27/04) ඔවුන්ට සහය වීමක් වශයෙන් උතුරු නැගෙනහිර පළාත්හි පූරණ හර්තාලයක් සිදු කිරීමට දෙමළ ජනතා සභාව පියවර ගෙන ඇත.

උතුරු පළාත් මහඇමති සී.වී.විග්නේස්වරන් සභාපතීත්වය දරන දෙමළ ජනතා සභාව විසින් මෙම හර්තාලය සංවිධානය කරන අතර මේ වන විටත් උතුරු නැගෙනහිර පිහිටි සියලු වෙළඳසැල් හා පෞද්ගලික ආයතනයන් වෙතට හර්තාලයට සහය වන මෙන් දැනුම් දී තිබේ.

උතුරු නැගෙනහිර පලාත්හි දිස්ත්‍රීක්ක කිහිපයක මේ වන විට අතුරුදන් වූවන්ගේ ඥාතීන් විසින් මාස දෙකකට වැඩි කාලයක් සිය අතුරුදන් වූවන් වෙනුවෙන් විසඳුම් ලබාදෙන ලෙසට ඉල්ලා සිටියද මෙතෙක් වත්මන් ආණ්ඩුව විසින් මෙම ගැටලුවට විසඳුමක් ලබා නොදීම නිසා පූර්ණ හර්තාලයක් සිදු කිරීම සඳහා සහය වන්නයි උතුරු නැනෙහිර වෙළඳ සංගම් වෙතට දැනුම් දී ඇත.


1 min read

Published

By Madhura Seneviratne

Source: Daily Mirror



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now