SKIP TO MAIN CONTENT

විජයදාස අස්කිරීමට ජනපති අනුමැතිය.

Wijeyadasa Sacked.
Source: Daily News

1 min read

Published

By Madhura Seneviratne

Source: Daily Mirror



Skip to article content

අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ අමාත්‍ය ධුරයෙන් සහ බුද්ධ ශාසන අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂය විසින් ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ ඉල්ලීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අනුමත කර අදාළ ඉවත් කිරීමේ ලිපිය ජනාධිපති කාර්යාලය විසින් විජයදාස රාජපක්ෂ මහතාට අද (23/08) බාරදෙනු ලැබීය.

විජයදාස මහතාට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ඒමට සූදානම් වී තිබූ අතර ඒ මහතා පිළිබඳ විශ්වාසයක් නැතැයි එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල හා එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැසවීමේ දී ඒකමතිකව යෝජනාවක් සම්මත විය.

ඒ අනුව ඔහුට ඉකුත් සඳුදා (21/08) වන තෙක් ඉල්ලා අස්වීමට කාලය ලබාදුන් අතර විජයදාස මහතා ඉල්ලා අස් නොවීය.

ඉන්පසු විජයදාස මහතා අදාළ අමාත්‍ය ධුරවලින් අස් කරන ලෙස  එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දෙනු ලැබීය.

අවසන් වරට මෙලෙස ජනාධිපතිවරයකු විසින් බලතල භාවිත කර ඇමතිවරුන් අස්කරනු ලැබුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසිනි.

ඒ අවස්ථාවේ ඉවත් කරනු ලැබුවේ මංගල සමරවීර,අනුර බණ්ඩාරනායක සහ ශ්‍රීපති සූරිය ආරච්චි යන මහත්වරුය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now