SKIP TO MAIN CONTENT

Wikileaks නිර්මාතෘ Julian Assange ව ඇමෙරිකා එක්සත් ජනපදයට උදර්පණය කිරීම සඳහා විරුද්ධ වන ලෙස ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට බලපෑම්.

Barnaby Joyce calls on Australia to help Julian Assange
Source: AAP

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ආන්දෝලනාත්මක Wikileaks වෙබ් අඩවියේ නිර්මාතෘ Julian Assange ව ඇමෙරිකා එක්සත් ජනපදයට උදර්පණය කිරීමට විරුද්ධ වීමට සහ ඔහුගේ නඩු කටයුතු සඳහා මැදිහත් වීමට නැෂනල්ස් පක්ෂයේ මන්ත්‍රී සහ හිටපු ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අගමැති Barnaby Joyce ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට බල කර සිටී.

ඔස්ට්‍රේලියානු පුරවැසියෙකු වන Julian Assange මේ වන විට ලන්ඩන් නුවර සිරගත කර ඇති අතර ඔත්තු බැලීමේ චෝදනා මත ඔහුව ඇමෙරිකාවට උදර්පණය කිරීමට සූදානම් වේ.

ඒ සම්බන්ධ නඩු විභාගය මේ මාසයේදී පැවැත්වීමට අපේක්ෂිත බවද සඳහන්.

විදේශයකදී ඔස්ට්‍රේලියානු පුරවැසියෙකු යම් ගැටලුවකට මුහුණ දුන් විට ඔහුගේ ආරක්ෂාව පතා ඔස්ට්‍රේලියානු නීතියට අනුව අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග මෙහිදී ද අනුගමනය කළ යුතු බව නැෂනල්ස් පක්ෂයේ මන්ත්‍රී Barnaby Joyce අවධාරණය කරයි.

Julian Assange හට එල්ලවී ඇති චෝදනා සඳහා නීතිය හමුවේ අවසානයේ ඔහුට පෙනී සිටීමට සිදුවන බවත් එය නීතිමය පටිපාටිය යටතේ සිදුවන දෙයක් බවත් ලිබරල් පක්ෂයේ නියෝජ්‍ය නායක Josh Frydenberg, ABC පුවත් සේවයට පැවසීය.

නමුත් ඔහුට අදාළ කොන්සල් සේවා රජයක් වශයෙන් ලබාදීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය කටයුතු කරන බවද ඔහු පැහැදිලි කළේය.

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now