ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් ඉදිරිපත් කර ඇති 2021 සමාජ සේවා නීති සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු කමිටුව විමර්ශනය කරමින් පවතියි.
මෙම පනත සම්මත වුවහොත් ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබන නව සංක්‍රමණිකයින් හට ඇතැම් සුබ සාධන දීමනා ලබා ගැනීමට වසර 4 ක් පමණ බලාගෙන සිටීමට සිදුවනු ඇත.
Highlights
- මෙය සම්මත වුවහොත් ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබන නව සංක්‍රමණිකයින් හට ඇතැම් සුබ සාධන දීමනා ලබා ගැනීමට වසර 4 ක් පමණ බලාගෙන සිටීමට සිදුවනු ඇත.
- එසේ වුවහොත් එම නීති 2022 වසරේ සිට ක්‍රියාත්මක වනු ඇත.
- නමුත් නව ස්ථිර පදිංචිකරුවන් හට Medicare, National Disability Insurance Scheme වැනි සුබ සාධන සේවාවන් වසර 4 ක කාලයක් බලා නොසිට අඛණ්ඩව ලබාගත හැකි බව සමාජ සේවා දෙපාර්තමේන්තුව පවසා ඇත.
ලබාගැනීමට වසර 4 ක් බලාසිටීමට සිදුවන සුබ සාධන දීමනා
සංක්‍රමණිකයින්ව ඔස්ට්‍රේලියාවේ ස්ථාපනය කර එයින් ලබන දිගු කාලීන ප්‍රතිඵලවලට වඩා කෙටිකාලීන අයවැය ඉතුරුම් වලට ප්‍රමුඛතාවය දීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම යෝජිත 2021 සමාජ සේවා නීති සංශෝධන පනත් කෙටුම්පත හැඳින්විය හැකි බව ඒ පිළිබඳ කරුණු විමසන පාර්ලිමේන්තු කමිටුවට දැනගන්නට ලැබී තිබේ.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
ඊයේ දිනයේදී (13/09) මෙම යෝජිත පනත් කෙටුම්පත පිළිබඳ එම පාර්ලිමේන්තු කමිටුව සංක්‍රමණික හා සුභසාධන උපදේශක කණ්ඩායම් වලින් සාක්ෂි ලබාගත්තේය..
මෙය සම්මත වුවහොත් ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබන නව සංක්‍රමණිකයින් හට ඇතැම් සුබ සාධන දීමනා ලබා ගැනීමට වසර 4 ක් පමණ බලාගෙන සිටීමට සිදුවනු ඇති අතර එම නීති 2022 වසරේ සිට ක්‍රියාත්මක වනු ඇත.
එම දීමනා අතර පහත සඳහන් ඒවා ප්‍රධාන වේ.
- Carer Payment
- Parental Leave Pay
- Dad and Partner Pay
- Carer Allowance
- Family Tax Benefit
- Low Income Health Care Card
- Commonwealth seniors health Card
- JobSeeker
- Youth Allowance
- Austudy

මුල්‍ය අසහනය සහ ගෘහස්ථ හිංසනයට පාර කැපීමක්
මෙම සංශෝධිත පනත් කෙටුම්පත සම්මත වුවහොත් ඒ හරහා අදාළ සංක්‍රමණිකයින්ගේ මුල්‍ය අසහනය ඉහළ යාමට බොහෝ සෙයින් ඉඩ ඇති බවත් අනෙක් පසින් ගෘහස්ථ හිංසනයට මුහුණ දෙන සංක්‍රමණික කාන්තාවන්ට තම කරදකාරී සහකරුවන්ගෙන් මිදී පළා යාමට ඇති අවකාශයට බාධා පමුණුවන බවත් පැවසේ.
මෙම සංශෝධන දැඩි අසාධාරණ ඒවා බවත් ඒවායේ කෙටි දැක්මක් පමණක් ඇති බවත් ඔස්ට්‍රේලියාවේ ජනවාර්ගික ප්‍රජා කවුන්සිලයේ සම්මේලනයේ (FECCA) ප්‍රධානී Mohammad Al-Khafaji අදාළ පාර්ලිමේන්තු කමිටුව හමුවේ පැවසීය.
මෙයින් පන්ති දෙකක ක්‍රමයක් ඇතිවන බවත් එය තමා දන්නා ඔස්ට්‍රේලියාව නොවන බවත් ඔහු සඳහන් කළේය.
මෙම සංශෝධිත පනත් කෙටුම්පතේ ආර්ථික හා සමාජීය ප්‍රතිවිපාක තක්සේරු කිරීමට මෙන්ම ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික වැඩසටහනේ ආකර්ෂණය කෙරෙහි එහි බලපෑම තක්සේරු කිරීම සඳහා ඒ පිළිබඳ වඩාත් සවිස්තරාත්මක ආකෘතියක් Mohammad Al-Khafaji ඉල්ලා සිටියි.
ඇතැම් සුබ සාධන දීමනා ලබා ගැනීමට අතිරේක කාලයක් බලා සිටීමට සිදුවීම සමාජ සංහිඳියාවට සහ සංක්‍රමණිකයින්ගේ ආර්ථික හැකියාවට අහිතකර ලෙස බලපාන බව Settlement Council of Australia හි රධාන විධායක නිලධාරිනී Sandra Elhelw Wright අදාළ පාර්ලිමේන්තු කමිටුවට ප්‍රකාශ කළාය.
සංක්‍රමණිකයින් ඔස්ට්‍රේලියාවට පැමිණ මෙහි ස්ථාපනය වීමට වැඩි සහයෝගයක් අවශ්‍ය කාලය පළමු අවුරුදු කිහිපය බව ඇය එහිදී අවධාරණය කළාය.

නව සංක්‍රමණිකයින්ට ලැබෙන සුබ සාධන දීමනා
මෙම සංශෝධිත පනත් කෙටුම්පතට අනුව Humanitarian වීසා හිමියන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් මෙම වසර 4 ක පොරොත්තු කාලයෙන් (waiting period) නිදහස් කෙරේ.
නමුත් නව ස්ථිර පදිංචිකරුවන් හට Medicare, National Disability Insurance Scheme වැනි සුබ සාධන සේවාවන් වසර 4 ක කාලයක් බලා නොසිට අඛණ්ඩව ලබාගත හැකි බව සමාජ සේවා දෙපාර්තමේන්තුව පවසා ඇත.
මෙය සම්මත වුවහොත් ලබන වසරේ සිට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබන පුද්ගලයින්ට පමණක් බලාත්මක වන අතර මේ වන විට ඔස්ට්‍රේලියාවේ සිටින ස්ථිර පදිංචිකරුවන්ට බල නොපාන බව සඳහන්.
මෙම වසරේ මැයි මාසයේදී එළිදැක්වූ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අය වැයෙන් මෙම යෝජනාව ප්‍රකාශයට පත් කරන ලද අතර වසර පහක් තුළ මධ්‍යම රජයට මේ හරහා ඩොලර් මිලියන 671 ක් ඉතිරි කර දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

