ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ අටවන ගොදුර Derryn Hinch ද ?

Hinch may refer himself to High Court over US social security card

Source: AAP

ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ අටවන ගොදුර බවට Justice පක්ෂයේ ස්වාධීන සෙනට් සභික Derryn Hinch  පත්වීමේ අවදානමක් මතුව තිබේ.

1960 ගණන්වල ඇමෙරිකා එක්සත් ජනපදයේ මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරන සමයේදී ඇමෙරිකානු සමාජ ආරක්ෂණ කාඩ් පත (US social security card) හිමිව තිබෙන බව වාර්තා වුවද ඔහු ඇමෙරිකානු පුරවැසියෙකු නොවන බවත් ඔහුට තවදුරටත් එහි සේවය කිරීමට නොහැකි බවත් වාර්තා වේ.

තමන් වසර 10 ක් පමණ ඇමෙරිකානු සමාජ ආරක්ෂණ බද්ද ගෙවූ බවත් තමන් ඇමෙරිකානු විශ්‍රාම වැටුපට හිමිකම් කීමට සුදුසු බවත් පවසා ඇත.

නමුත් පසුගිය වසරේ අගෝස්තු 30 වන දිනට පසුව තමන්ගේ විශ්‍රාමික දීමනා අත්හිටුවන ලෙසට තමන් ඇමෙරිකානු සමාජ ආරක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිතව දැනුම් දුන් බවද ඔහු ප්‍රකාශ කළේය.

කෙසේවෙතත්, තමන්ගේ මෙම තත්ත්වය හේතුවෙන් ඔස්ට්‍රේලියානු ව්‍යවස්ථාවේ 44 වන වගන්තිය උල්ලංඝනය වීමක් සිදුව ඇත්දැයි සොයා බැලීමට තමන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යන බවද ඔහු සඳහන් කළේය.


1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now