ඔස්ට්‍රේලියාවේ හිටපු අගමැති Scott Morrison ට පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වන ලෙස තම පක්ෂ සගයන්ගෙන් ඉල්ලීම් ලැබෙමින් පවතී.
මීට පෙර පැවති ලිබරල් සන්ධාන රජය සමයේදී හඳුන්වා දී ක්‍රියාත්මක කරන ලද Centrelink ආයතනයේ robodebt වැඩසටහන දෝෂ සහිත බවත් ඒ හරහා මිලියන ගණනක මුදල් ජනතාවගෙන් අක්‍රමවත් ලෙස අය කරගැනීම බරපතල වරදක් බවත් ඒ පිළිබඳ සිදුකළ රාජකීය විමර්ශන කොමිසම තීරණය කිරීමත් සමග මෙම තත්ත්වය උද්ගත වී තිබේ.
හිටපු අගමැති මොරිසන්ට අස්වෙන්නට බලපෑම්
Centrelink ආයතනයට ජනතාවගෙන් අය වීමට නියමිත හිඟ මුදල් එකතු කරගැනීමට පසුගිය ලිබරල් සන්ධාන රජය සමයේ නිර්මාණය කර ක්‍රියාත්මක කරන ලද robodebt වැඩසටහනේ දෝෂසහගත භාවය පිළිබඳ සිදුකළ රාජකීය කොමිසම් විමර්ශනයේ වාර්තාව පසුගිය සිකුරාදා (ජූලි 07) නිකුත් කෙරිණි.
ප්‍රසිද්ධියේ නිකුත් නොකළ මුද්‍රා තැබූ කොටසක, අදාල වාර්තාව සිවිල් සහ අපරාධ නඩු පැවරීම සඳහා වගකිව යුතු පුද්ගලයන්ව යොමු කළ යුතු බවට නිර්දේශ ඉදිරිපත් කෙරිණි.
ඒ සමග ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය සහ ජාතික දූෂණ විරෝධී කොමිසම හිඟ මුදල් අයකර ගැනීමේ robodebt ක්‍රමයට අදාළව නම් නොකළ පුද්ගලයන්ට එරෙහිව සිවිල් සහ අපරාධ සාක්ෂි සලකා බලමින් සිටී.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
එවකට අගමැතිව සිටි Scott Morrison ඇතුළු හිටපු ලිබරල් සන්ධාන රජයේ ඇමතිවරුන්, robodebt ක්‍රමයේ නීත්‍යානුකූලභාවය පිළිබඳ ගැටළු සහ දෝෂ ප්‍රතික්ෂේප කර හෝ නොසලකා හරින ලද බවට අදාළ වාර්තාවෙන් දක්වා තිබේ.
මෙම අනිසි ණය අය කරගැනීමේ ක්‍රමය හේතුවෙන් පුද්ගල මරණ කිහිපයක්ද සිදුවූ බව වාර්තා වීම නිසා මෙය බරපතල අපරාධයක් ලෙසට නම් කර ඇත.
2022 මහ මැතිවරණය පරාජය වීමෙන් පසුව Scott Morrison විශ්වාසය කඩ කිරීම සහ වගකීම් පැහැර හැරීම පිළිබඳ ඔප්පුවූ දෙවැනි අවස්ථාව ලෙස මෙය හැඳින්වේ.
මීට පෙර තම පාලන කාලය තුළ Scott Morrison මහජනතාවට හෝ තම බහුතරයක් සගයන්ට නොකියා අමාත්‍යාංශ පහක පාලනය රහසිගතව ගෙන ගිය බව ඔප්පු විය.
මේ සියලු කරුණු නිසා හිටපු අගමැති මොරිසන්ට පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වන ලෙසට සිය සගයෝ ඉල්ලීම් කරමින් සිටිති.
මොරිසන්ගේ ප්‍රතිචාරය සහ ඔහුට ලැබෙන ප්‍රතිචාරය
රාජකීය කොමිසමේ වාර්තාව නිකුත් වූ විගස තමාට එරෙහිව සටහන් වූ සියලු විවේචනාත්මක සොයාගැනීම් හිටපු අගමැති මොරිසන් ප්‍රකාශයක් නිකුත් කරමින් ප්‍රතික්ෂේප කළේය.
තමන් මෙම robodebt ක්‍රමය සම්බන්ධයෙන් "එවකට සිටි කැබිනට් මණ්ඩලය නොමඟ යැවීමට ඉඩ හල බවට වූ සොයා ගැනීමද ඔහු ප්‍රතික්ෂේප කළේය.
"ඒවා වැරදියි, තහවුරු නොකළ සහ කොමිසමට ඉදිරිපත් කර ඇති පැහැදිලි ලේඛනමය සාක්ෂි පරස්පරයි." ලෙස ඔහු පැවසීය.
නමුත් Alan Tudge, Stuart Robert සහ Christian Porter යන තවත් හිටපු අමාත්‍යවරුන් තිදෙනෙකු විවේචනයට ලක් විය.
මොරිසන් තමන්ට එරෙහිව අපරාධ හෝ සිවිල් නඩු පැවරීමක් සිදු කර තිබේද යන්න හෙළි කළේ නැත.
එය තවමත් අපැහැදිලිය.

මොරිසන් අගමැතිධුරය හොබවන සමයේ රහසිගතව අමාත්‍යංශ 5 ක් තබාගෙන සිටීමේ සිද්ධිය හෙළිවීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවෙන් නෙරපා හැරීමට ඡන්දය භාවිත කළ ලිබරල් පක්ෂ පසුපෙළ මන්ත්‍රිනී Bridget Archer, මේ සිදුවීමත් සමග මොරිසන්ට අස්වන ලෙසට ඉල්ලා තිබේ.
මේ අතර මීළඟ ෆෙඩරල් මැතිවරණය සඳහා ලිබරල් පක්ෂයේ අපේක්ෂයින් තේරීමේ පූර්ව ක්‍රියාවලිය දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතින අතර, මොරිසන් ඔහුගේ සිඩ්නි ආසනය වන Cook සඳහා ලිබරල් අපේක්ෂකයා ලෙස නම් නොකිරීම සහතික කිරීමට පක්ෂය පියවර ගනු ඇතැයි වාර්තා වේ.
ලිබරල් පක්ෂයට පිටතින්ද මොරිසන්ට පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වන ලෙසට ඉල්ලීම් ලැබෙමින් පවතී.

The Liberal pre-selection process for the next federal election is already underway, and there are reports the party will move to ensure Morrison is not named as their candidate for his Sydney seat of Cook.
The calls are coming from outside the tent, too.
On Monday, radio host Neil Mitchell, whose audience leans conservative, said Morrison "should be out in disgrace" over a saga he described as "one of the most disgusting political scandals in the history of this country".
“He is discredited, disgraced. Get him out and get in somebody who adds something meaningful to the parliament," Mitchell said.
The Cronulla Sharks NRL team is also reportedly considering stripping Morrison of his No. 1 ticket-holder status at the club.
විවිධ අදහස්
තමන් මොරිසන්ගේ ඉල්ලා අස්වීම ඉල්ලා නොසිටින බව වත්මන් ෆෙඩරල් විපක්ෂ නායක Peter Dutton සති අන්තයේදී පැවසුවේය.
මොරිසන්ට ඉල්ලා අස්වන ලෙසට කරන ඉල්ලීම ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Anthony Albanese මදකට නතර කර තිබේ.
"ඇත්ත වශයෙන්ම, මෙම වාර්තාවේ Scott Morrison ගැන අසංඛ්‍යාත වාර සංඛ්‍යාවක් සඳහන් කර තිබෙනවා. ඔහු ඊට ප්‍රතිචාර වශයෙන් ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද යන්න ඔහුටම ප්‍රශ්නයක්," ලෙස ඔහු පැවසීය.
මොරිසන්ගේ සමයේ නියෝජ්‍ය අගමැති ලෙස කටයුතු කළ Nationals පාර්ලිමේන්තු මන්ත්‍රී Barnaby Joyce ද උපදෙස් ලබා දීම ගැන කල්පනාකාරී වූ අතර, "මම මෙහි පැමිණියේ Scott Morrison වෙනුවෙන් කතා කිරීමට නොවේ" යනුවෙන් පැවසීය.
මොරිසන් පාර්ලිමේන්තුවෙන් අස්වන ලෙසට ඉල්ලා සිටීමට උනන්දු නොවුන බවත් එවැනි ඉල්ලීම් "දේශපාලන ආයුධයක්" ලෙස භාවිතා කිරීමට එරෙහිව අනතුරු ඇඟවූ බවත් ඔහු Sunrise වැඩසටහනට පැවසීය.
මොරිසන්ට Cook මැතිවරණ බල ප්‍රදේශයේ ජනතාව සමඟ ඇතිකරගත් දේශපාලන වගකීමක් ඇති බවත්, තමන් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වන්නේ කෙදිනද යන්න ඔහුම තීරණය කළ යුතු බවත් Nationals පක්ෂයේ වත්මන් නායක David Littleproud පැවසීය.
අනෙක් ඇමැතිවරු ගැන තත්ත්වය
රාජකීය කොමිසමේ මෙම වාර්තාවෙන් තවත් අමාත්‍යවරු තිදෙනෙකු හට බරපතල චෝදනා එල්ල කර තිබේ.
නමුත් තමන් වරදක් නොකළ බවත් තමන්ට එරෙහිව නඩු පැවරීමක් සිදුව නැති බවත් හිටපු අමාත්‍යවරු Alan Tudge, Stuart Robert සහ Christian Porter පවසා ඇත.

2022 මැතිවරණයට තරඟ නොකිරීමට තීරණය කළ ඇති Christian Porter තවදුරටත් පාර්ලිමේන්තුවේ නැත.
Alan Tudge ද මේ වසර මුලදී පාර්ලිමේන්තුව හැර ගියේය.
ශතවර්ෂයකට පසු පැවති අතුරු මැතිවරණයකදී බලයේ සිටින ආන්ඩුවක් විපක්ෂයෙන් මැතිවරණ ආසනයක් දිනාගත් පළමු අවස්ථාව උදා කරගනිමින් කම්කරු පක්ෂය Alan Tudge ගේ ආසනය වූ Aston ආසනයද හිමි කරගත්තේය.
පසුගිය මැයි මාසයේදී ඉල්ලා අස්වන බව ප්‍රකාශ කළ Stuart Robert ද පාර්ලිමේන්තුවෙන් ඉවත්වීමට සිටී.
ඔහුගේ ආසනය වන Fadden සඳහා අතුරු මැතිවරණයක් මේ සෙනසුරාදා පැවැත්වේ.

