කෝලිගේ අර්ධ ශතකයත් සමගින් ඉන්දියාවට පකිස්ථානයට එරෙහිව කඩුලු 6ක ජයක්

විස්සයි විස්ස ලෝක කුස්ලන් ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ ඉන්දියාව සහ පකිස්ථානය අතර පැවති තරගයෙන් කඩුලු 6ක ජයක් අත් කරගන්නට ඉන්දීය කණ්ඩායම සමත් විය.

India's Virat Kohli(L) shakes hand with Pakistan's captain Shahid Afridi

India's Virat Kohli(L) shakes hand with Pakistan's captain Shahid Afridi as he celebrates after victory in the World T20 World cup Source: Getty Images

කල්කටා හි ඊඩ්න්  ගාඩ්න්  ක්‍රීඩාංගනයේදී පවතී මෙම තරගය නරඹන්නට සහබාගී වී සිටි 62,000කට ආසන්න ප්‍රේක්ෂක සංඛ්‍යාවක් හමුවේ ඊයේ තරගයේ ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රාහී ලකුණ ඉන්දීය නායක මහේන්ද්‍ර සිංග් දෝනි විසින් වාර්තා කළේය. තරගය නැරඹීමට අමිතාබ් භචන් වැනි සුපිරි බොලිවුඩ් තරුද, සුපරි ක්‍රිකට් තරු වන, සචින් තෙන්දුල්කාර්, ඉම්රාන් කාන්, වසීම් අක්‍රම් , විරේන්ද ෂෙවාග් සහ ස්ටීව් වෝ ද එක්ව සිටිනු දක්නට ලැබිණි.

ක්‍රිකට් ලෝක කුසලාන කුසලාන ඉතිහාසයේ ඉන්දියාව පකිස්ථානයට එරෙහිව වාර්තා කල 11 වෙනි ජයග්‍රහණය මෙය බව සදහන්.

ඊයේ තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් පන්දුවාර 18කට සීමා කොට තරගය පැවැත්වුණු අතර, පළමුවෙන් පන්දුවට පහර දුන් පකිස්ථානය එහිදී කඩුලු 5ක් දැවී ලකුණු 118ක් වාර්තා කරන්නට සමත් විය. ඉන්දියාව වෙනුවෙන් පන්දුයැවීමේදී  අශ්වින් හැලුනුකොට අනුකුත් සියලුම පන්දු යවන්නන් එක් කඩුල්ල බැගින් දවා  ගැනීමට සමත් විය.

ඉන්දියාවට මෙම තරගයේදී පන්දුවාර 18ක් තුල ලකුණු 119ක ඉලක්කයක් හිමි වූ අතර එම ඉලක්කය පන්දුවාර  15 කුත් පන්දු 5 කදී කදුළු 4ක් පමණක් දී සපුරා ලන්නට ඉන්දීය පිති කරුවන් සමත් විය. තරගයේ විරය බවට පත් වූ විරාත් කෝලිගේ  සුපිරි පිති හරඹය ඉන්දීය ජයග්‍රහණයට සුවිශේෂී දායකත්වයක් ලබාදුන් අතර, කෝලි පන්දු 37 කදී නොදැවී ලකුණු 55ක් වාර්තා කරන්නට සමත් විය. ඔහේ මෙම අර්ධ ශතකය වාර්තා කලේ හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමගින්. මෙවැනි තරගයක පීඩනය යටතේ තනි ලකුණු ලබාගනිමින් ලකුණු රස කිරීමට කෝලි සතු හැකියාව ඔහුගේ සාර්ථකත්වයට  හේතු වූ බව ඉන්දීය නායක දෝනි තරගයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය. එමෙන්ම ඊඩ්න්  ගාඩ්න් තණ  තීරුව ඊයේ තමන්ට අභියෝගාත්මක තණ  තීරුවක් බවට පත්වූ බව, කෝලි තරගයෙන් අනතුරුව ප්‍රකාශ කළේය.

India's Virat Kohli(R)celebrates with captain Mahendra Singh Dhoni after victory in the World T20 cricket tournament match between India and Pakistan
India's Virat Kohli(R)celebrates with captain Mahendra Singh Dhoni after victory in the World T20 cricket tournament match between India and Pakistan Source: Getty Images

පකිස්ථානයට වැරදුනේ කොතනද?

ඊයේ තරගයේදී අමතර දග පන්දුයවන්නෙක් යොදා ගන්නවා වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් සාමි යොදා ගැනීම, සමහරක් ක්‍රිකට් විචාරකයින්ගේ විවේචනයට ලක්ව තිබිණි. තවද පන්දුවට පහරදීමේදී පාකිස්ථානු පිතිකරුවන්  පන්දුව හදුනා ගැනීමේදී අපහසුතාවයට පත්ව සිටි අයුරු දක්නට ලැබුණු අතර, ආරක්ෂාකාරී පහර එල්ල කරන පන්දු සහ පහරක් සදහා ය යුතු පන්දු හදුනාගැනීමේදී ඔවුන් අපහසුතාවයට පත සිටි ආකාරය විචාරක කතා බහට ලක්ව තිබිණි.

පකිස්ථානු  කාන්තා  ක්‍රිකට් පිලිට ඉන්දියාවට එරෙහිව ලකුණු 2ක තියුණු ජයක්.

මේ අතර ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ පකිස්ථානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර මෙවර 20-20 ලෝක කුසලානය යටතේ පැවති  තරගයෙන් ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට ලකුණු 2ක තියුණු ජයක් හිමි කරගන්නට පකිස්ථානු  කාන්තා ක්‍රිකට් පිල සමත් විය

අද තරග බිමට

මෙවර ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලිය යටතේ අද  ශ්‍රී ලංකාව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග තරග වැදීමට නියමිත අතර, ඇෆ්ගනිස්ථානය දකුණු අප්‍රිකාව සමග තරග වැදීමට නියමිතයි.


3 min read

Published

Updated

By Sanjaya Dissanayake



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now