SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ අනාගතයේ දරුවන් නොමැති කාන්තාවන් ගේ වැඩිවීමක්?

child
Source: AAP

2 min read

Published

Updated

By Charitha Adikari



Skip to article content

ඕස්ට්‍රේලියානු කාන්තාවන්ගෙන් 24%ක් කිසිදිනක දරුවන් බලාපොරොත්තු නොවන බවට ඕස්ට්‍රේලියානු සංඛ්‍යාන බියුරෝව විසින් සිදුකල වාර්තාවකින් හෙළිවී තිබෙනවා. එසේම දරුවන් නොමැති පවුල් ඔස්ට්‍රේලියාව තුල වැඩිම වේගයෙන් වර්ධනය වන බවත් හෙළි වී තිබෙනවා. එය වසර 2013 දී දරුවන් පවුල් ගන්නට වඩා වැඩි විය හැකි බවත් පැවසෙනවා.

නමුත් තවමත් දරුවන් ලැබීම අනුගමනය් කල යුතු ප්‍රධානම ජීවන රටාව වන බවට සමාජ බලපෑම එලෙසම පවතිනවා . තවමත් ඔස්ට්‍රේලියාව තුලත් විවාහ වූ යුවලකගෙන් පළමුවෙන්ම අසන්නේ දරුවන් ලබන්නේ කවදාද යන්නත්, මහලු වියට පත්වූ විට ඔබ බලා ගන්නේ කවුරුන්ද යන ප්‍රශ්නයත්.

බොහෝ පුද්ගලයන් විවිද කරුණු හේතු කොට ගෙන දරුවන් නොහදීමට කටයුතු කරනවා. සමහර කාන්තාවන් තමන්ගේ කැමැත්තෙන් ද තවත් කාන්තාවන් ජීව විද්‍යාත්මක කරුණු හේතුවෙන් පිළිසිඳ ගත නොහැකිව ද සිටිනවා. තවත් සමහර සහකරුවන් දරුවන් ලැබීමට එකඟ නොවන අවස්ථාවන්ද තිබෙනවා.

මෙම තීරණයට සංස්කෘතික බලපෑමක් ද තිබෙනවා . ඔස්ට්‍රේලියාව තුල ඇමෙරිකාව, පිලිපීනය,මැලේසියාව යන රටවල ඉපදුන කාන්තාවන් අතර දරුවන් නොමැති බව වැඩි බවත් ඉතාලිය, ක්රෝඑසියව ග්‍රීසිය යන රටවල් වලින් පැමිණෙන කාන්තාවන් අතර දරුවන් ඇති කාන්තාවන් වැඩි බවද හෙළි වී තිබෙනවා.

මේ පිලිබඳ පර්යේෂණ කරන Edith Cowan විශ්ව විද්‍යාලයේ ආචාර්ය Bronwyn Harman පවසන්නේ අතීතයේදී තමන්ට දරුවන අනවශ්‍ය බව කීම සමාජීය වශයෙන් පිළිගත්තේ නැතත් දැන් එසේ කීම සඳහා බාධාවක් නැති බවයි .ඇගේ පර්යේෂණයට අනුව කන්න්තාවන් 29% පසුව දරුවන් ලැබීමේ බලාපොරොත්තුවෙන්ද, 27.6%ක් මවක් වීමට නොකැමත්තෙන් ද ,16%ක් තමාගේ ජීවන රටාවට බාධා වේ යන අදහසින්ද දරුවන් නොලබා සිටිනවා.

එසේම ආචාර්ය Bronwyn වයස 50ට වැඩි කාන්තාවන් අතරින් දරුවන් නොලැබීම පිලිබඳ පසුතවීමක් ඇතිද  යන්නත් සොයා බලා තිබෙනවා. එහිදී සහකරුවෙකු නොමැති කාන්තාවන් වැඩිපුර පසුතැවීමට ලක්වන බවත් හෙළි වී තිබෙනවා.

Norwegian Social Research Institute විසින් සිදු කරන ලද පර්යේෂණයකින් හෙළිවී ඇත්තේ දරුවන් ඇති නැති භාවය වැඩිහිටි කාලයේ යහපත් සෞඛ්‍ය තත්වයකට බලපෑමක් නැති බවයි.

එසේම වර්තමාන කාලයේ තම දරුවන් අපගේ මහලු කාලයේදී අප ළඟ සිටීවීද යන්නත් ගැටළුවක් බවට පත් වෙමින් පවතිනවා ...


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now