නවතම මත විමසුමක් අනුව සන්ධානය වෙනුවෙන් සහාය දක්වන කාන්තා හා පිරිමි ප්‍රමාණය අඩුවී ඇති බවත්, කම්කරු පක්ෂයට සහය වර්ධනය වී ඇති බවත් පවසනවා.
මෙම සමීක්ෂණයට අනුව කාන්තාවන් 30%ක් තමා කැමති Malcolm Turnbull ටද Bill Shorten ටද යන්න තවම තීරණය කර නැහැ. The Australian පුවත් සේවය විසින් පසුගිය මාස දෙක තුල විශ්ලේෂණය කර ඇති පරිදි කම්කරු පක්ෂ නායකයා විසින් පිරිමි සහය වැඩි පුර ලබා තිබෙනවා.
චන්ද දායකයන් 6819 කාගෙන් විමසා ඇති පරිදි සන්ධානයට කාන්තා හා පිරිමි සහය 41%ක් ද කම්කරු පක්ෂයට එය 36%ක්ද වෙනවා.
නමුත් රජයේ මුලික චන්ද අනුපාතය 7.4 කින් අඩුවී ඇති අතර එය පිරිමි චන්ද දායකයන්ගෙන් ද වේ. කාන්තාවන්ගෙන් එම අඩුවීම 2.9ක් වෙනවා.
බොහෝ පිරිමින් සිය සහාය කම්කරු පක්ෂයට ලබා දුන්නත් සන්ධානයට අහිමි වූ කාන්තා සහය කම්කරු, ග්‍රීන්ස් හා වෙනත් පක්ෂ අතර සමසේ බෙදී තිබෙනවා.
පිරිමින් අතර Malcolm Turnbull වඩා කැමති නායකයා ලෙස 50%ක්ද Bill Shorten 32%ක්ද කැමැත්ත ලබා සිටී.
නමුත් අප්‍රේල් සිට කම්කරු නායකයා ලකුණු 10ක් වැඩි කර ගෙන ඇතත් Turnbull මහතා ලකුණු 8ක් අහිමි කර ගෙන තිබේ .
කාන්තාවන් අතර වඩා කැමති නායකයා ලෙස Malcolm Turnbull 45% ද Bill Shorten 25%ක්ද කැමැත්ත ලබා සිටී. නමුත් අග්‍රාමාත්‍යවරයා පසුගිය මාස දෙක ඇතුලත අගයන් 7කින් පහල ගොස් තිබෙනවා.
කාන්තාවන් 30%ක් තමා කැමති Malcolm Turnbull ටද Bill Shorten ටද යන්න තවම තීරණය කර නැහැ.

