SKIP TO MAIN CONTENT

ජගත් ජයසූරියට විතරක් නෙමේ මේ රටේ කිසි කෙනෙකුට අත තියන්න මම ඉඩ දෙන්නෙ නෑ : ජනපති මෛත්‍රී කියයි.

Won’t allow anyone to touch Jagath Jayasuriya: President Maithree
Source: Daily News

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: Daily News



Skip to article content

ශ්‍රී ලංකාවේ හිටපු හමුදාපති ජනරාල් ජගත් ජයසූරිය මහතාට පමණක් නොව ශ්‍රී ලංකාවේ කිසිවකුට හෝ අත තැබීමට ලෝකයේ කිසිවකුට තමා ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (03/09) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 66වැනි සංවත්සර සම්මේලනය අමතමින් පැවසීය.

"මම දැක්කා ඊයේ පෙරේදා හිටපු හමුදාපති ජගත් ජයසූරිය මහතා පිළිබඳ ප්‍රශ්නයක්. ඒක මේ රටේ ප්‍රශ්නයක් නෙමෙයි. මුහුදෙන් එතෙර ප්‍රශ්නයක්. ජගත් ජයසූරිය මහතාට පමණක් නොවෙයි මේ රටේ කිසිවකුට අත තියන්න ලෝකේ කාටවත් මම ඉඩ තියන්නේ නෑ. NGO කියන විදියට මම නටන්න ලෑස්ති නෑ. රටට ආදරේ කරන රාජ්‍ය නොවන සංවිධානත් එක්ක මම වැඩකරනවා" යනුවෙන් ජනපති සිරිසේන මහතා එහිදී ප්‍රකාශ කළේය.

බ්‍රසීලය ප්‍රමුඛ දකුණු ඇමෙරිකානු රටවල් 6 ක මානව හිමිකම් සංවිධාන කිහිපයක් හිටපු හමුදාපති ජනරාල් ජගත් ජයසූරිය මහතාට එරෙහිව පසුගිය සතියේදී  යුධ අපරාධ චෝදනා එල්ල කළ අතර ඒ මහතා බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති ධුරයෙන් ඉවත් කරන ලෙසටද බලපෑම් එල්ල කළේය.

ජයසූරිය මහතා බ්‍රසීලයේ  ශ්‍රී ලංකා තානාපති ලෙස පසුගිය කාලයේ කටයුතු කළ අතර අගෝස්තු අවසාන සතියේ සිය ධුරයේ වැඩකටයුතු නිමකරමින් ශ්‍රී ලංකාවට පැමිණියේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now