SKIP TO MAIN CONTENT

කොරෝනා කලබල නිසා ඔස්ට්‍රේලියාවේ වියපත් සහ ආබාධිත පුද්ගලයින්ට භාණ්ඩ මිලට ගැනීම සඳහා Woolworths සුපිරි වෙළෙඳ සැල් ජාලය විශේෂ පැයක් වෙන් කරයි

Woolworths
Woolworths緊急回收一店鋪出售和生產的麵包 Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියාවේ වියපත් පුද්ගලයින්ට සහ ආබාධිත පුද්ගලයින්ට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලට ගැනීම සඳහා හෙට සිට මාර්තු 20 වන දා සිකුරාදා තෙක් වෙනමම කාලයක් වෙන් කිරීමට Woolworths සුපිරි වෙළෙඳ සැල් ජාලය තීරණය කර තිබේ.

ඒ අනුව හෙට සිට මාර්තු 20 වන දා සිකුරාදා තෙක් උදෑසන 7 සිට 8 දක්වා වූ පැය, වියපත් පුද්ගලයින්ට සහ ආබාධිත පුද්ගලයින්ට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලට ගැනීම සඳහා Woolworths සුපිරි වෙළෙඳ සැල් ජාලය වෙන්කොට ඇත.

කොරෝනා වසංගතය හමුවේ මහජනතාව නොසන්සුන්කාරී ලෙස භාණ්ඩ මිලට ගැනීම නිසා සුපිරි වෙළෙඳ සැල් වල බොහෝ අත්‍යවශ්‍ය භාණ්ඩ නොමැතිවී තිබේ.

මෙවන් අවස්ථාවකදී toilet paper, පාස්ටා, සහල් සහ ටින් කෑම වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලට ගැනීමට ඔස්ට්‍රේලියාවේ වියපත් පුද්ගලයින්ට සහ ආබාධිත පුද්ගලයින්ට අවස්ථාව නොලැබී තිබේ.

මේ අනුව ඔස්ට්‍රේලියාවේ Woolworths සුපිරි වෙළෙඳ සැල් වෙත උදෑසන 8 ට පෙර ඇතුළු වීමට නම් රජයෙන් නිකුත් කළ concession card පතක් ඉදිරිපත් කළ යුතුවේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now