කොරෝනා කලබල නිසා ඔස්ට්‍රේලියාවේ වියපත් සහ ආබාධිත පුද්ගලයින්ට භාණ්ඩ මිලට ගැනීම සඳහා Woolworths සුපිරි වෙළෙඳ සැල් ජාලය විශේෂ පැයක් වෙන් කරයි

Woolworths

Woolworths緊急回收一店鋪出售和生產的麵包 Source: AAP

ඔස්ට්‍රේලියාවේ වියපත් පුද්ගලයින්ට සහ ආබාධිත පුද්ගලයින්ට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලට ගැනීම සඳහා හෙට සිට මාර්තු 20 වන දා සිකුරාදා තෙක් වෙනමම කාලයක් වෙන් කිරීමට Woolworths සුපිරි වෙළෙඳ සැල් ජාලය තීරණය කර තිබේ.

ඒ අනුව හෙට සිට මාර්තු 20 වන දා සිකුරාදා තෙක් උදෑසන 7 සිට 8 දක්වා වූ පැය, වියපත් පුද්ගලයින්ට සහ ආබාධිත පුද්ගලයින්ට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලට ගැනීම සඳහා Woolworths සුපිරි වෙළෙඳ සැල් ජාලය වෙන්කොට ඇත.

කොරෝනා වසංගතය හමුවේ මහජනතාව නොසන්සුන්කාරී ලෙස භාණ්ඩ මිලට ගැනීම නිසා සුපිරි වෙළෙඳ සැල් වල බොහෝ අත්‍යවශ්‍ය භාණ්ඩ නොමැතිවී තිබේ.

මෙවන් අවස්ථාවකදී toilet paper, පාස්ටා, සහල් සහ ටින් කෑම වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලට ගැනීමට ඔස්ට්‍රේලියාවේ වියපත් පුද්ගලයින්ට සහ ආබාධිත පුද්ගලයින්ට අවස්ථාව නොලැබී තිබේ.

මේ අනුව ඔස්ට්‍රේලියාවේ Woolworths සුපිරි වෙළෙඳ සැල් වෙත උදෑසන 8 ට පෙර ඇතුළු වීමට නම් රජයෙන් නිකුත් කළ concession card පතක් ඉදිරිපත් කළ යුතුවේ.


Share

Published

By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service