SKIP TO MAIN CONTENT

සිඩ්නි වරාය යටින් ඉදි කරන ප්‍රථම භූගත දුම්රිය උමගට සියලු වැඩකටයුතු සූදානම්.

Work is set to start on the first-ever rail tunnel under Sydney Harbour.
Source: Daily Telegraph

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

සිඩ්නි වරාය යටින් ඉදි කරන ප්‍රථම භූගත දුම්රිය උමගට සියලු වැඩකටයුතු සූදානම් බව වාර්තා වේ.

මෙම දැවැන්ත ඉදිකිරීම සඳහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය ඩොලර් බිලියන 2.81 ක් වෙන් කර ඇති බව ද සඳහන්.

මෙම දුම්රිය උමන් මාර්ගය ද්විත්ව උමගක් වන අතර එය කිලෝ මීටර් 15 ක දුරක් සිඩ්නි වරාය සහ සිඩ්නි මධ්‍යම ව්‍යාපාරික දිස්ත්‍රික්කය යටින් දිව යන බවද වාර්තා වේ.

2021  වසරේ මැද භාගයේදී ඉදිකිරීම් අවසන් වීමට නියමිත මෙම උමන් මාර්ගය  වයඹ දිග සිඩ්නි සහ නිරිත දිග සිඩ්නි ප්‍රදේශ සිඩ්නි මධ්‍යම ව්‍යාපාරික දිස්ත්‍රික්කය හරහා  යා කෙරෙනු ඇත.

2024 වසරේදී මෙහි මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂිතය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now