ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය සහ සුප්‍රසිද්ධ රැකියා වෙබ් අඩවියක් වන SEEK වෙබ් අඩවිය යන පාර්ශව ද්විත්වයේම සංඛ්‍යාලේඛන මගින් ඔස්ට්‍රේලියානු ශ්‍රම බලකායේ මෑත කාලීන වෙනස්කම් සහ ශ්‍රමිකයින්ට ගෙවනු ලබන වැටුප් පිළිබඳ හෙළ කර තිබේ.
SEEK වෙබ් අඩවියේ ඔක්තෝබර් මාසයේ ප්‍රචාරය කළ රැකියා දැන්වීම්වලට අනුව එම රැකියාවල වැටුප් 4% ක වැඩි වීමක් පෙන්නුම් කරන අතර ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය දත්ත මගින් එම වැටුප් ගෙවනු ලබන්නේ කාහටද යන්න හෙළි කර ඇත.
SEEK හි ප්‍රචාරය කළ රැකියා දැන්වීම්වල වැටුප් ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්තවල ඇති සැබෑ වැටුප්වලට වඩා මදක් වැඩි බව SEEK ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ Matt Cowgill පැවසීය.
ඔස්ට්‍රේලියාවේ වැටුප් වෙනස්වීම් මනින වැටුප් මිල දර්ශකය සැප්තැම්බර් දක්වා වූ වසර තුළ 3.1% කින් ඉහළ ගොස් ඇත.

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරිවලට අනුව වැටුප් වැඩිවීම්
ඔස්ට්‍රේලියාවේ වැටුප් වැඩි වීමට ප්‍රධාන හේතුව රට පුරා පවතින පුහුණු ශ්‍රමිකයින්ගේ හිඟය බව ස්වාධීන ආර්ථික විද්‍යාඥ Conrad Liveris පැවසුවේය.
ප්‍රචාරය කරන ලද රැකියා පුරප්පාඩු ආශ්‍රිතව ඔස්ට්‍රේලියාවේ වැඩිම වැටුප් වර්ධනයක් සිදුවී ඇත්තේ ටස්මේනියා ප්‍රාන්තයේ වන අතර එය 6.2% කි.
ටස්මේනියාවේ, ශ්‍රම වෙලඳපොල ඉතා උණුසුම්ව සහ තරගකාරීව ක්‍රියාත්මක වීම මීට හේතුවක් වී ඇති බව ස්වාධීන ආර්ථික විද්‍යාඥ Liveris සඳහන් කළේය.
Northern Territory ටස්මේනියාවට පමණක් පිටුපසින් සිටින අතර එහි වැටුප් වර්ධනය 6.1% කි.
මෙම ලැයිස්තුවේ තුන්වන ස්ථානයට 5.5% ක වැටුප් වර්ධනයක් ලබා ක්වීන්ස්ලන්තය පත්ව සිටින අතර 4.5% ක් ලැබූ බටහිර ඔස්ට්‍රෙලියා ප්‍රාන්තය සිව්වන ස්ථානයට පත්වී තිබේ.
වික්ටෝරියා ප්‍රාන්තයේ වැටුප් වර්ධනය 3.6% ක් ලෙසද නිව් සවුත් වේල්ස් සහ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තවල 3.5% බැගින්ද ACT හි 1.3% ක් ලෙසද වැටුප් වැඩිවී ඇති බව SEEK වෙබ් අඩවියේ ඔක්තෝබර් මාසයේ ප්‍රචාරය කළ රැකියා දැන්වීම්වලට අනුව අනාවරණය කර ඇත.

රැකියා ක්ෂේත්‍ර අනුව වැටුප් වැඩිවීම්
රැකියා ක්ෂේත්‍ර අනුව ඉහළම වැටුප් වැඩිවීමක් සිදුව ඇත්තේ Trades & Services අංශයේය.
COVID-19 අගුලු දැමීම් අතරතුර ආරම්භ වූ ප්‍රතිසංස්කරණවල සිට එම ක්ෂේත්‍රයේ රැකියා කරන පුද්ගලයින්ට ඉහළ ඉල්ලුමක් පවතින බවත් එය වැටුප් ඉහළ නැංවීමට හේතු වූ බවත් ස්වාධීන ආර්ථික විද්‍යාඥ Conrad Liveris පැවසුවේය.
රජයේ රැකියාවල සහ ප්‍රචාරණ හා මාධ්‍ය ක්ෂේත්‍රයේ රැකියාවල අඩුවෙන්ම වැටුප් වැඩිවී ඇති බවද අනාවරණය වී තිබේ.
රැකියා ක්ෂේත්‍ර අනුව වැටුප් වැඩිවීම් පහත පරිදි වේ.

ඔස්ට්‍රේලියාවේ වැඩිම වැටුප් ගෙවන රැකියා
ඔස්ට්‍රේලියාවේ ඉහළම වැටුප් ලබන රැකියා ලැයිස්තුවේ ශල්‍ය වෛද්‍යවරුන් ඉහළින්ම සිටීම බොහෝ දෙනෙකුව පුදුමයට පත් කරවයි.
ආදායම පිළිබඳ ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත පෙන්නුම් කරන පරිදි ශල්‍ය වෛද්‍යවරු සාමාන්‍යයෙන් වසරකට ඩොලර් 406,000ක් උපයති.
සෞඛ්‍ය සහ වෛද්‍ය, නීති, මුල්‍ය සහ පතල් ක්ෂේත්‍රවල රැකියා ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ සංඛ්‍යාලේඛනවලට අනුව ඉහළම ආදායම් ලබන රැකියා 10 අතරට පැමිණ තිබේ.
එම රැකියාවල වාර්ෂික ආදායම සාමාන්‍යයෙන් $155,000 සිට $390,000 දක්වා පැතිරෙන බව වාර්තා වේ.
ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත අනුව ඔස්ට්‍රේලියාවේ වැඩිම වැටුප් ගෙවන රැකියා 10 පහත පරිදි වේ.


