Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

ලෝක සෞඛ්‍ය සංවිධානය, කොරෝනා වයිරසය වසංගත රෝගයක් ලෙස නම් කරයි

coronavirus
Source: AAP

මේ දිනවල ලොව පුරා ශීග්‍රව පැතිර යන COVID-19 හෙවත් නව කොරෝනා වයිරසය, වසංගත රෝගී තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඊයේ (11/03) නිල වශයෙන් ප්‍රකාශ කරන ලදී.

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ඊයේ (11/03) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Tedros Adhanom Ghebreyesus මේ බව පැවසීය.

නව කොරෝනා වයිරසයේ ශීග්‍ර පැතිර යාම, එහි බරපතලකම සහ ඊට විරුද්ධව ක්‍රියා කිරීමට ගෙන ඇති ක්‍රියා මාර්ග වල හිඟකම යන හේතු නිසා මෙය වසංගත රෝගී තත්ත්වයක් ලෙස ප්‍රකාශ කර තිබේ.

ඉදිරි දින හා සති කිහිපය තුළදී කොරෝනා වයිරසය ආසාදිත පිරිසෙහි වැඩිවීමක් මෙන්ම ඉන් අත්වන මරණ සංඛ්‍යාවේ වැඩි වීමක් ද දක්නට ලැබෙනු ඇතැයි Tedros Adhanom Ghebreyesus පැවසීය.

චීනයේ වූහාන් පළාතෙන් ආරම්භවූවා යයි සැලකෙන මෙම වයිරසය නිසා අද (12/03) උදෑසන වන විට ලොව පුරා තහවුරු වූ ආසාදිතයින් 124,578 ක් වාර්තා වන අතර 66,702 ක් සුවය ලබා ඇති බවද වාර්තා වේ.

එමෙන්ම මෙම වයිරසය ආසාදනය වීමෙන් පුද්ගලයින් 4,584 ක් ජීවිතක්ෂයට පත්වී ඇති බවද සඳහන්.


1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now