ලොව අංක එකේ ටෙනිස් ශූරයා ලෙස වැජඹෙන Novak Djokovic මෙවර ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට ඊයේ (14/02) සුදුසුකම් ලැබීය.
කැනඩාවේ Milos Raonic ට එරෙහිව Djokovic 7-6ක්, 4-6ක්, 6-1ක් සහ 6-4 ක් ලෙස ලකුණු ලබාගනිමින් ඊයේ තරගයේ ජය වාර්තා කළේය.
තරගයට පෙර තමාගේ ශාරීරික යෝග්‍යතාවය පිළිබඳව සැකයක් පැවති බව Djokovic පැවසීය.