ඔස්ට්‍රේලියාවේ බහුතරයකගේ Yes මනාපයට ලෝකය වටෙන් සුබ පැතුම් ආපු හැටි.

same-sex marriage

Source: SBS

ඔස්ට්‍රේලියාව තුළ සමලිංගික විවාහ නීතිගත කිරීම උදෙසා පැවැත්වූ තැපැල් සමීක්ෂණයේ බහුතර මනාපය Yes යනුවෙන් ජයගැනීම හේතුවෙන් ලෝක නායකයින් මෙන්ම ලොව ප්‍රසිද්ධ චරිත ඔස්ට්‍රේලියාවට තම සුබ පැතුම් එක් කර තිබේ.

අදාළ තැපැල් සමීක්ෂණයේදී ඔස්ට්‍රේලියාව තුළ සමලිංගික විවාහ නීතිගත කිරීම උදෙසා 61.6% ප්‍රතිශතයක් කැමැත්ත පළ කර තිබුණි.

ස්කොට්ලන්තයේ නායිකාව වන Nicola Sturgeon තම ට්විටර් ගිණුමේ "Well done, Australia." යනුවෙන් සුබ පැතුමක් එක් කර තිබුණි.

Same-sex marriage
Source: Twitter

එමෙන්ම, බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති David Cameron ද ඊයේ නිකුත්වූ ප්‍රතිඵලය පිළිබඳ තම සතුට පළ කර සිටියේය.

same-sex marriage
Source: Twitter

ලොව වඩාත් ජනප්‍රිය තරුණ අගමැතිවරයා ලෙස හැඳින්වෙන කැනඩාවේ අගමැති Justin Trudeau පවසා තිබුණේ ඔස්ට්‍රේලියාව ලද ප්‍රතිඵලය පිළිබඳ තමන් උද්දාමයට පත් වන බවය.

Same-sex marriage
Source: Twitter

එමන්ම ඇමෙරිකානු රූපවාහිනයේ සුපිරිම තරුවක් වන Ellen DeGeneres ද ඊයේ ලද ප්‍රතිඵලය සම්බන්ධව තම සතුට, ට්විටර් පණිවිඩයකින් පළ කර තිබුණි. Ellen DeGeneres විවාහ වී සිටින්නේ ඔස්ට්‍රේලියානු ජාතික Portia de Rossi සමගය.

Same-sex marriage
Source: Twitter

එමෙන්ම Apple සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Tim Cook ද තම සුබ පැතුම එක් කර තිබුණේ මේ අයුරිනි.

same-sex marriage
Source: Twitter

SBS පුවත් ඇසුරෙනි.


1 min read

Published

Updated

By Madhura Seneviratne




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now