SKIP TO MAIN CONTENT

මෙවර අය වැයෙන් විදේශ ආධාර කප්පාදු කළහොත් ඔස්ට්‍රේලියාවට සරණාගතයින් වැඩි වේවි :World Vision ආයතනයෙන් අනතුරු ඇඟවීමක්.

Australia Budget 2017
Source: Reuters

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

මෙවර අය වැයෙන් විදේශ ආධාර කප්පාදුවක් සිදු කළහොත් එය සාහසික ක්‍රියාවක් බවත් එහි ප්‍රතිපලයක් ලෙස සරණාගතයින් වැඩි ප්‍රමාණයක් ඔස්ට්‍රේලියාව බලා පැමිණෙනු ඇතැයිද World Vision ආයතනය පවසයි.

2013 වසරේ ලිබරල් සන්ධාන රජය බලයට පත් වූ තැන සිට මේ දක්වා ඩොලර් බිලියන 11 කට වඩා වැඩි විදේශ ආධාර ප්‍රමාණයක් කප්පාදු කර තිබෙන බව වාර්තා වේ.

ඔස්ට්‍රේලියානු මධ්‍යම පොලීසියට මෙවර අය වැයෙන් ඩොලර් මිලියන් 321 ක් වෙන් කිරීම පිළිබඳ තීන්දුව අගමැති ටර්න්බුල් විසින් ප්‍රකාශයට පත් කිරීමත් සමග එම මුදල් විදේශ ආධාර සඳහා වෙන්කෙරුණු මුදල් වලින් ලබාගත්තාද යන්න බියක් පවතින බවද එම ආයතනය පවසයි.

ඔස්ට්‍රේලියාව විදේශ ආධාර පිළිබඳ සැලකිල්ලක් දැක්වුයේ නොමැතිනම් එහි ප්‍රති විපාක අත් විඳීමට සමස්ත ඔස්ට්‍රේලියාවමටම සිදු වන බව World Vision Australia ආයතනයේ ප්‍රධානී Tim Costello පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now