Key Points
- සූදුවෙන් ඇති විය හැකි හානිය මූල්‍ය ගැටලු සිට මානසික සෞඛ්‍ය ගැටලු දක්වා විහිදේ
- සූදුවට ඇබ්බැහි වූ පුද්ගලයාගේ පවුලේ සාමාජිකයින් සහ මිතුරන් හට එමගින් බලපෑම් සිදු වන්නේ නම්, ඒ සඳහා උපකාර ලබාගත හැක
- විවිධ සංස්කෘතික පසුබිම් වල සිටීම, මේ සඳහා උපකාර පැතීම වැළැක්විය හැක
- සූදු ගැටළු සම්බන්ධයෙන් උපකාර ලබාදීමට එම පුද්ගලයාගේ පවුලේ සාමාජිකයින් සහ මිතුරන් ද සහාය ලබා ගැනීම වැදගත් වේ
University of Sydney හි මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්ය Sally Gainsbury පවසන්නේ ඔන්ලයින් ඔස්සේ සිදු කරන සහ ඔන්ලයින් ඔස්සේ නොවන සූදුව යන දෙකෙහිම හානිවීමේ අවදානම සැමවිටම නොපෙනෙන බවයි.
යම් අයකුට සූදු ප්‍රශ්නයක් පැවතියත් ඔබට එය එම පුද්ගලයාගේ බාහිර ක්‍රියාකාරකම් හෝ චර්යාවෙන් නොපෙනීම හේතුවෙන් එය බොහෝ විට සැඟවුණු ඇබ්බැහි වීමක් ලෙස හැඳින්වේ. නමුත් එමගින් සිදු වන හානිය සහ මූල්‍ය වියදම තවමත් එසේම වන බවත් මහාචාර්ය Sally පෙන්වා දෙයි.
___________________________________________________________________
මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත් කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.
_____________________________________________________________________
මහාචාර්ය Sally, University of Sydney හි සූදු ප්‍රතිකාර හා පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයාද වෙයි.
ඇය අවධාරණය කොට සිටින්නේ සූදුවෙන් මිදීමේ මාර්ගය සංකීර්ණ ක්‍රියාවලියක් වන අතර එය සූදුවට ඇබ්බැහි වූ පුද්ගලයාට මෙන්ම එම පුද්ගලයාගේ පවුලේ පිරිසට සහ මිතුරන්ටත් බලපාන බවයි.
එමෙන්ම නැවත නැවතත් සූදුව සඳහා පෙළඹීම් ද දැකිය හැක.

ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය හා සුභසාධන ආයතනයට (Australian Institute of Health and Welfare) අනුව, වැඩිහිටියන්ගෙන් 7.2% ක් සූදුවට ඇබ්බැහි වීමේ අවදානමක් පවතී.
සංස්කෘතිකමය හා භාෂාමය වශයෙන් විවිධ වූ (CALD) ප්‍රජාවේ පිරිස, සාමාන්‍ය ඕස්ට්‍රේලියානු ජනගහනයට සාපේක්ෂව අඩුවෙන් සූදුවේ නියැලේ. නමුත් පර්යේෂණවලින් පෙනී ගොස් ඇත්තේ සූදුව හේතුවෙන් වන හානිය ඔවුන් වැඩි වශයෙන් අත්විඳීමට ඉහල අවදානමක් ඇති බවයි.
Responsible Gambling in New South Wales හි අධ්‍යක්ෂ Natalie Wright පවසන්නේ සූදු ගැටලුවලට මුහුණ දෙන විවිධ ප්‍රජා සඳහා අයත් පුද්ගලයින් ලැජ්ජාව සහ අපකීර්තිය හේතුවෙන් උපකාර පැතීමෙන් වැළකී සිටීමට බොහෝ ඉඩ ඇති බවයි.
එමෙන්ම බොහෝ ප්‍රජා, Counselling නොහොත් "උපදේශන සේවා" විදේශීය බටහිර සංකල්පයක් වශයෙන් සලකයි. Natalie පවසන්නේ මේ හේතුවෙන් බොහෝ විට පිරිස මෙවැනි ගැටලු පවුල තුල තබාගැනීමට උත්සාහ කරන බවයි.

සූදුවට ඇබ්බැහි වීම හේතුවෙන්, සූදුවේ නියැලෙන පුද්ගලයින්ගේ ඥාතීන්ට සහ මිතුරන්ටද බලපෑම් ඇති විය හැක.
ඔවුන් බොහෝ විට සූදුව හේතුවෙන් මූල්‍ය හානි අත්විඳීම සිදු කරයි.එමෙන්ම ඔවුන් සෙසු පිරිස සමග පවතින සම්බන්ධතා වල ආතතිය අත්විඳීමට ඉඩ පවතී, මේ හේතුවෙන් ඔවුන්ට ඒවාට සම්බන්ධ ඍණාත්මක ප්‍රතිවිපාක සමඟ කටයුතු කිරීමට සිදු වේ.
_____________________________________________________________________
ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ "Settlement Guide" සතිපතා විශේෂාංගය ට සවන්දෙන්න සෑම අඟහරුවාදා දිනකම පෙරවරු 11 සිට
_____________________________________________________________________
මහාචාර්ය Sally පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් සූදුවෙන් මිදීමට උත්සාහ දරන පිරිස මෙන්ම, සූදුවට ඇබ්බැහි වූ අයකුට උපකාර කරන පිරිසද සහාය ලබාගැනීම ප්‍රයෝජනවත් වන බවයි.

බටහිර සිඩ්නි හි පදිංචි අරාබි පසුබිමක් සහිත Adam, 2014 වසරේ සිට සූදු ක්‍රීඩාවෙන් මිදීමේ ක්‍රියාවලියේ නිරත වේ.
ඔහු පවසන්නේ තම ඇබ්බැහි වීම හේතුවෙන් තම පවුලේ පිරිස දැඩි බලපෑමකට ලක් වූ බවයි. නමුත් තමන් සුදූ ඇබ්බැහි වීමෙන් මිදීමට සිදු කල උත්සාහයට ඔවුන් සියලු දෙනා උපකාර කල බවත් Adam පෙන්වා දෙයි.
ඔහුගේ සමීපතම ඥාතියෙකුද, තම සුදූ ඇබ්බැහි වීමෙන් වූ ආතතියෙන් මිදීමට උපදේශන සේවා ලැබූ බව සඳහන් කරන Adam කියා සිටින්නේ තම සුදූ ඇබ්බැහි වීමෙන් මිදීමට සහාය දැක්වීමේදී උපදේශන සේවා ඔහුගේ අවශ්‍යතා වලට වඩාත් හොඳින් සහාය වූ බවයි.
සූදු ගැටලුවලින් මිදීමට අන් අයට උපකාර කරන සහ තම අත්දැකීම් බෙදාගන්නා Gamblers Anonymous යන පදනම ඔස්සේ Adam ට තම සූදු ඇබ්බැහි වීමෙන් මිදීම සඳහා මාර්ගය සැලසී තිබේ.
නමුත් ඔහු විශ්වාස කරන්නේ සූදුව පිළිබඳ ගැටළු විසඳීමට මෙවලම් සොයා ගැනීමට සෑම කෙනෙකුටම වෙනස් ක්‍රම පවතින අතර සතිපතා උපදේශන වලට යාම, රැකියා වෙනස් කිරීම, ජීවන රටාව වෙනස් කිරීම ඒ අතර වන සාර්ථක ක්‍රම බවයි.

මහාචාර්ය Sally පෙන්වා දෙන්නේ, සුදුසු සහාය ලබා දෙන තුරු ඕනෑම ආධාරක මාර්ගයක් උපකාරී විය හැකි බවයි.
සූදුව සමඟ කටයුතු කිරීම, ගුවන් යානයක හදිසි අවස්ථාවකදී ඔක්සිජන් අවරණ පැළඳීමට සමාන කරමින් ඇය පෙන්වා දෙන්නේ උපකාරක සේවා කෙතරම් තිබුනත් ඒ සඳහා තමන්ම යොමු වීම වැදගත් වන බවයි.

සූදු ඇබ්බැහි වීම සඳහා විවිධ ප්‍රාන්ත රජයන් ලබාදෙන සේවා මගින් දුරකථන හෝ Online ක්‍රමයට උපදේශන සේවා ලබාදීම සිදු කරයි.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ The Number that Changed our Life යන වැඩසටහන ඔස්සේ සූදුව සම්බන්ධයෙන් ගැටලුවලට මුහුණ දෙන සහ උපකාර ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳ අවිනිශ්චිත විවිධ සංස්කෘතීන් වල ප්‍රජා වලට උපකාර කිරීම සිදු කරයි.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සූදුව සම්බන්ධයෙන් උපකාර ලබාගැනීමට නම් 1800 858 858 ඔස්සේ Gamble Aware සම්බන්ධ කරගත හැකියි. ඔවුන්ගේ වෙබ් අඩවිය අරාබි, සරල සහ සම්ප්‍රදායික චීන, හින්දි, කොරියානු සහ වියට්නාම ඇතුළු ප්‍රජා භාෂා පහකට පරිවර්තනය කොට තිබේ.
එමෙන්ම මෙහි මුල්‍ය උපදේශන සේවාද පවතී. Natalie පවසන්නේ මේ ඔස්සේ ඔබේ සමීපතමයකුගේ සූදු ඇබ්බැහි වීම හේතුවෙන් මුල්‍ය ගැටලුවකට මුහුණ දී සිටී නම් ඔබට මූල්‍ය උපදේශන ලබා ගත හැකි බවයි.
මහාචාර්ය Sally පෙන්වා දෙන්නේ බොහෝ පිරිස තම පවුලෙන්, සෞඛ්‍ය වෘත්තිකයෙකුගෙන් හෝ ප්‍රජා නායකයකුගෙන් සහාය පතන අතර එය අවිධිමත් සහයක් වන බවයි.
මේ හේතුවෙන් Natalie අවධාරණය කොට සිටින්නේ, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය පුරා සිටින ඕනෑම කෙනෙකුට භාෂා 50කට වැඩි ප්‍රමාණයකින් උපදේශනය ලබා ගත හැකි අතර උපකාර අවශ්‍ය පිරිස වෘත්තීයමය උපකාර ලබාගැනීමට දිරිමත් කිරීම වැදගත් වන බවයි.
Adam යනු අන්වර්ථ නාමයකි
සූදු හා සම්බන්ධ ගැටළු සඳහා සහාය ලබාගැනීමට:
· National Gambling Helpline on 1800 858 858
· National Debt Helpline on 1800 007 007
_____________________________________________________________________
ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ "Settlement Guide" සතිපතා විශේෂාංගය ට සවන්දෙන්න සෑම අඟහරුවාදා දිනකම පෙරවරු 11 සිට
_____________________________________________________________________
SBS සිංහලගුවන් විදුලි සේවය,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට
SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර
- ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
- රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2
- අන්තර්ජාලයෙන්www.sbs.com.au/sinhalese
- SBS Radio APP (නොමිලේ Download කරගන්න

