SKIP TO MAIN CONTENT

ලක්ෂ 62ක ජනතාවක් ඡන්දෙ දුන්නේ නව ව්‍යවස්ථාවකටයි : රාජිත සේනාරත්න.

New Constitution of Sri Lanka
Source: www.parliament.lk

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: Daily Mirror



Skip to article content

2015 වසරේ දී ශ්‍රී ලංකාවේ ලක්ෂ 62ක ජනතාවක් ආණ්ඩුවට ජනවරමක් ලබා දී ඇත්තේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මතර කර ගැනීමට යැයි ද, ඒ සඳහා විවිධ සංවිධානවලට බලපෑම් කළ නොහැකි බව ද ඊයේ (05/07) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ශ්‍රී ලංකාවේ කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තවමත් අවසන් ලියවිල්ලක් ලෙස සකස් කොට නැති බව ද, එවැන්නක් සකස් කළ පසුව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයකින් සම්මත කොට පසුව ජනමත විචාරණයක් පවත්වන බව ද රාජිත සේනාරත්න මහතා එහිදී ප්‍රකාශ කළේය.

එම ජනමත විචාරණයේදී නව ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප කිරීම හෝ පිළිගැනීම හෝ ජනතාව තීන්දු කරනු ඇතැයි ද ජනතාවගේ තීන්දුව ආණ්ඩුව පිළිගන්නා බව ද ඔහු පැවසුවේය.

ජනමත විචාරණයක දී ඕනෑම සංවිධානයකට පාර්ශ්වයකට ජනතාවට කරුණු තේරුම් කර දීමේ අවස්ථාව තිබෙන බව ද ඇමැතිවරයා පැහැදිලි කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now