කොරෝනා වයිරසය පිලිබදව ප්‍රතිචාර දැක්වූ අයුරු පිළිබද අග්‍රාමාත්‍ය Scott Morrison චීන ප්‍රජාවට ප්‍රශංසා කරයි (SBS සිංහල / වාර්තා)

ඔස්ට්‍රේලියාව තුල කොරෝනා වයිරසය පැතිරී යාම පාලනය කිරීමට මේ දක්වා හැකි වී ඇති බවත් ඒ සදහා චීන ප්‍රජාවේ සහය අගය කරන බවත් අග්‍රාමාතය Scott Morrison මහතා පවසයි

d

Source: AAP

මේ අවස්ථාවේ වගකීමක් සහිතව ස්වයං නිරෝධායනක යෙදෙමින් සිටින චීන ප්‍රජාවට ඔහු ස්තුතිය පල කොට තිබේ.

මේ අවස්ථාවේ වගකීමක් සහිතව ස්වයං නිරෝධායනක යෙදෙමින් සිටින චීන ප්‍රජාවට ඔහු ස්තුතිය පල කොට තිබේ. පසුගිය සෙනසුරාදා රජය විසින් චීනයට ගිය විදේශිකයන් ට ඔස්ට්‍රේලියාවට පැමිණීමට නොහැකි ලෙස නීතියක් සකස් කල අතර ඊට පෙර  චීනයේ සිට පැමිණි පුද්ගලයින් දින 14ක් වෙන් වී සිටිමට කටයුතු කොට තිබේ. දැනට ඕස්ට්‍රේලියාවේ කොරෝනා ආසාධිතයින් 13ක් වාර්තා වී ඇති අතර ක්වීන්ස්ලන්තයේ 8 හැවිරිදි දරුවකු ද රෝගය වැලදී ඇති බවට වාර්තා විය.

ජාතිය මුල් කර ගෙන වෙනස්කම් සිදු කිරීම

ඕස්ට්‍රේලියානු ආසියාතිකයන්ට මෙම වයිරසය නිසා පාසල්, රැකියා ස්ථාන හා පොදු ප්‍රවාහන සේවා වලදී විවිධ වෙනස්කම් වලට මුහුණ පැමට සිදු වී ඇති බව වාර්තා වේ. එවන් අවස්ථා වලදී වගකීමෙන් යුතුව චීන ප්‍රජාව කටයුතු කිරීම පිළිබද අග්‍රාමාත්‍යවරයා ප්‍රශංසා කොට ඇත. එසේම ක්වීන්ස්ලන්තයේ Chinese United Council, හි ලේකම් Michael Ma පවසා ඇත්තේ පොදු ස්ථාන වල සිදු කරන අවමන් කිරීම් වලින් වලකින ලෙස. ඔහු පවසා ඇත්තේ මෙය වයිරසයක් මිස චීන වයිරසයක් නොවන බවයි. එසේම වයිරසය කොටු කිරීම මිස චීන ජාතිකයන් කොන් කිරීමක් සිදු නොකරන බවත් ඔහු පවසයි.

මෙවන් ජාතිය මුල් කර ගෙන වෙනස් කම් කිරීම ප්‍රංශය ජපානය හා සින්ගප්පුරුවේ ද වාර්තා වී තිබේ. නවසීලන්තයේ මානව හිමිකම් කොමිසමද එවන් හැසිරීම් නවත්වන ලෙස පවසා තිබේ.

අග්‍රාමාත්‍ය  Morrison පවසා ඇත්තේ චීනයේ වුහාන් සිට ඕස්ට්‍රේලියානුවන් ගෙන ඒමට දෙවැනි ගුවන් යානයද සකස් කරමින් සිටින බවත් එයින් පසු වෙනත් ගුවන් යානා නොයවන බවයි. එම දෙවැනි ගුවන් යානයට එක් නොවන මගීනට ඉන් පසු වෙනත් වෙළද ගුවන් යානා වලින් රටින් පිටවීමට සිදු වන බවයි අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ.

වුහාන් සිට ක්‍රිස්මස් දුපත වෙත පැමිණි ප්‍රථම ගුවන් යානයේ ආ 234 දෙනාගෙන් එක අයෙකුට වත් රෝග ලක්ෂන පහල වී නොමැත. එසේම තවත් ඕස්ට්‍රේලියානුවන් 35 දෙනෙකු රැගත් Air New Zealand යානයක් නවසීලන්ත හා පැසිෆික් ජාතිකයන් රැගෙන් ඕක්ලන්ඩ් වෙත ගිය අතර ඉන් පසු එහි සිටින ඕස්ට්‍රේලියානු ජාතිකයන් දින 14ක් ක්‍රිස්මස් දුපත වෙත යොමු කෙරෙනු ඇති.

අග්‍රාමාත්‍යවරයා පවසන්නේ ආසාධිත රෝගීන් කිහිප දෙනෙකු සුව වීමෙන් පෙනී යන්නේ මෙය පාලනය කිරීමට හැකි තත්වයක් ඇති වී ඇති බවයි. ආසාධිත 13 දෙනාගෙන් 3 දෙනෙකු සම්පුර්ණ සුවය ලබා ඇති අතර දල වශයෙන් ඔස්ට්‍රේලියාව තුල රෝගීන් වාර්තා වීම අඩු ලෙස ඇති බව සදහන්. මේ නිසා චීන ප්‍රජාවට අග්‍රාමාත්‍යවරයා ස්තුතිය පල කොට තිබේ.

Source: SBS News


2 min read

Published

Updated

By Charitha Adikari


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now