20-20 ලෝක කුසලානයේ ප්‍රබලම ප්‍රතිවාදියෝ අද තරග බිමට

මෙවර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම ක්‍රීඩා ලෝලීන් පිරිසකගේ අවධානය යොමුවන, තරගයක් වශයෙන් හැදින්විය හැකි ඉන්දීය - පකිස්තානු තරගය අද රාත්‍රී ඉන්දියාවේ කල්කටා හිදී එරට වේලාවෙන් රාත්‍රී 07:30ට ආරම්භ වීමට නියමිතයි. කල්කටා හි ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන මෙම තරගය දෙරට අතර පවතින දේශ පාලනික සහ සමාජ සබදතා හේතුවෙන් ඉතා වැදගත් තරගයක් බවට පත්ව තබේ.

India's Virat Kohli(R) shakes hands with Pakistan's captain Shahid Afridi

India's Virat Kohli(R) shakes hands with Pakistan's captain Shahid Afridi Source: Getty Images

පකිස්ථානය ජාත්‍යන්තර ක්‍රිකට් තරග ඉතිහාසයේ කෙදිනකවත්, එක දින ලෝක කුසලාන තරගයකදී හෝ 20-20 ලෝක කුසලාන තරගයකදී ඉන්දියාව පරාජයට පත්කොට නැති අතර යම් හෙයකින් ඔවුන් මෙම තරගයේදී ඉන්දියාව පරාජයට පත් කළහොත් එය වාර්තා ගත ජයග්‍රහණයක් වනු ඇති.  ඕනෑම්  අවස්ථාවක පකිස්ථානය සහ ඉන්දියාව ක්‍රිකට් පිටියේ තරග වදින විට එය ක්‍රිකට් තරගයකට එහා ගිය කාරණයක් බවට පත් වනු ඇති අතර, සමහරෙක් එය නිර්වචනය කරන්නේ දෙරටේ ගරුත්වය ආරක්ෂා කර ගැනීමේ සටනක් ලෙසිනි.

මේ වන විට ඉන්දියාව නවසීලන්තය හමුවේ තරගාවලිය තුලදී පරාජයට පත් වී ඇති නිසා තරගාවලියෙන් ඉවත් වීමේ අවධානමෙන් ගැලවීමට ඔවුන්ට මෙම තරගය ජය ගැනීම ඉතා වැදගත් කාරණයක් බවට පත් වනු ඇති.

මේ වන විට 20-20 ලෝක කුසලාන තරගාවලි ඉතිහාසය තුල වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගෙන ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රීඩක ලසිත් මාලිංග වන අතර, මෙම තරගයේදී පකිස්තානු නායක සහිඩ් අෆ්රිඩි කදුළු දෙකක් දවාගතහොත් ඔහු මාලිංග අභිබවා යෑමට  සමත් වනු ඇති.

ඉන්දියාව සහ පකිස්ථානය එක්දින ලෝක කුසලාන තරග ඉතිහාසය තුල සහ 20-20 තරග ඉතිහාසය තුල 10 වතාවක් තරග වති අතර ඉන් තරග 9ක් ඉන්දියාව ජයගෙන ඇති අතර එක තරගයක් ජය පැරදුමෙන් තොරව නිමාවට පත් වී තිබේ.


1 min read

Published

Updated

By Sanjaya Dissanayake



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now