SKIP TO MAIN CONTENT

ICC ශූරයින්ගේ ශ්‍රී ලංකා - පාකිස්තාන ගැටුම අද.

ICC Champions Trophy 2017
Source: Reuters

1 min read

Published

By Madhura Seneviratne

Source: espncricinfo



Skip to article content

ICC ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන පළමු වටයේ තරගය අද (12/06) ඔස්ට්‍රේලියානු නැගෙනහිර දිවා වේලාවෙන් රාත්‍රී 7.30 ට Cardiff හි ආරම්භ වීමට නියමිතය.

මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම එංගලන්ත කණ්ඩායම සමග ජුනි 14 වන දින Cardiff හි පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයට සහභාගී වීමට අවස්තාව උදා කරගනු ඇත.

“අපි ගොඩක් දුර හිතන්නේ නැහැ. තරගයෙන් තරගයට අපි ක්‍රීඩා කරනවා. අපි අවසන් පූර්ව වටය ගැන හිතල ක්‍රීඩා කරන්නේ නැහැ. පාකිස්ථානය කියන්නේ භයානක කණ්ඩායමක්. එනිසා අපි මේ තරගය පුළුවන් තරම් හොඳට ක්‍රීඩා කරන්න බලනවා.” යනුවෙන් අද දින තරගය පිළිබඳ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් තම අදහස් පවසා සිටියේය.

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර මේ දක්වා පන්දුවාර 50 එක් දින ජාත්‍යන්තර තරග 147 ක් පවත්වා ඇති අතර ඉන් තරග 84 ක් ජයගන්නට පාකිස්ථානය සමත්වී ඇති අතර තරග 58 ක් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්ව සිටියි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now