SKIP TO MAIN CONTENT

අවසන් තරගය කඩුලු 3 කින් ජයගනිමින් සිම්බාබ්වේ පිළ ලංකාව පරදා තරගාවලියම ජය ගනී. (SBS සිංහල ක්‍රීඩා පිටුවෙන්)

Zimbabawe beat SL to secure series win.
Source: AFP

2 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya, Madhura Seneviratne

Source: espncricinfo



Skip to article content

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඊයේ (10/07) හම්බන්තොට සූරිය වැව ක්‍රීඩාංගනයේදී පැවති 5 වන සහ අවසාන එක් දින තරගයෙන් කඩුලු 3 ක ජයක් අත් කරගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්වූ අතර තරග 3-2 ක් ලෙස සමස්ත තරගාවලියම ජයගැනීමට ද ඔවුන් සමත් විය. මේ අනුව 3-2 ක එක්දින තරගාවලි ජයක්‌ ලද සිම්බාබ්වේ පිල, ශ්‍රී ලංකාවට එරෙහිව ලද පළමු එක්‌දින තරගාවලි ජයද මෙය වේ.

කාසියේ වාසිය දිනු සිම්බාබ්වේ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළ අතර මුල සිටම ශ්‍රී ලංකා පිතිකරුවන් අසාර්ථක බවක් පෙන්වීය.

ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක ලකුණු 52 ක් ලබා ගත් අතර මැද පෙළ වෙනුවෙන් අසේල ගුණරත්න නොදැවී ලකුණු 59 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව ලකුණු 203 දක්වා ගෙන ආවෝය.

ජයග්‍රාහී ලකුණු 204 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 38 යි එක් පන්දුවකදී කඩුලු 7ක් පමණක් දැවී ලකුණු 204 ක් ලබා ගනිමින් තරගයේ ජය සනිටුහන් කළේය.

පන්දු යැවීමේදී අකිල ධනංජය විශිෂ්ඨ මෙහෙවරක නියැලින. ඔහු නියමිත ඕවර 10 තුලදී ලකුණු 47 ක් ලබාදී කදුළු 4ක් දවාගැනීමට සමත් වුයේය. ලසිත් මාලිංග ඕවර 10 ක් අවසානයේදී ලකුණු 44 ට කදුළු 2 ක් ලබා ගත්තේය.

තරගයේ වීරයා සම්මානය සිම්බාබ්වේ කණ්ඩායමේ Sikandar Raza හට හිමිවූ අතර තරගාවලියේ වීරයා සම්මානය සිම්බාබ්වේ කණ්ඩායමේ H Masakadza ට හිමි විය.

----------************-------------------**************--------------------***********-------------------************

ටෙස්‌ට්‌ වරම් හිමි රටකට එරෙහිව සිම්බාබ්වේ පිල එක්‌දින තරගාවලියක්‌ ජයගනු ලැබුවේ සිව් වසරකට පමණ පසුව වන අතර ඔවුන් අවසන් වරට එම දක්‍ෂතාව දක්‌වා ඇත්තේ 2013 දී බංග්ලාදේශයට එරෙහිවය. කෙසේ වෙතත් ගෙවීගිය මාස හතක කාලය තුළදී ශ්‍රී ලංකාව එක්දින තරංග 16 කට සහභාගී වී ඇති අතර ඊයේ ලද පරාජය ශ්‍රී ලංකා කණ්ඩායමේ 11 වෙනි පරාජය ලෙසට සනිටුහන් වෙයි. පසුගිය  වසරේ සිට ශ්‍රී ලංකාව සහභාගි වූ එක්‌දින තරග 35 කදී ජය ලබා ඇත්තේ තරග 10 ක්‌ පමණකි. මේ හේතුවෙන් කණ්ඩායම සතු ප්‍රසාද ලකුණු සංඛ්‍යාව පහත වැටීමේ අවදානමක්‌ මතුව තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now