තරගාවලිය සම කරමින් සිව්වන තරගයේ ජය සිම්බාබ්වේ පිළට.

Zimbabwe defeat Sri Lanka by 4 wickets.

Source: espncricinfo

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද (08/07) හම්න්බන්තොට සූරිය වැව ක්‍රීඩාංගනයේදී පැවති සිව්වන එක් දින තරගයෙන් කඩුලු 4 ක ජයක් ලබා ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර නියමිත පන්දුවාර 50 තුළදී කඩුලු 6 ක් දැවී ලකුණු 300 ක් රැස් කිරීමට ඔවුන් සමත් විය.

නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක අදත් ශ්‍රී ලංකාවට ලකුණු 209 ක හොඳ ආරම්භයක් ලබා දුන්නෝය.

දික්වැල්ල නොකඩවා තම දෙවන ශතකය රැස් කරමින් ලකුණු 116 ක් ලබා ගත් අතර ගුණතිලක ලකුණු 87 ක් ලබා ගත්තේය.

ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 42 ක් සහ උපුල් තරංග ලකුණු 22 ක් ලබා ගත්තේය.

පසුව තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවූ හෙයින් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ජයග්‍රහණය වෙනුවෙන් සිම්බාබ්වේ පිල ඕවර 31 කදී ලකුණු 219 ක් ලබාගත යුතු විය.

සාර්ථකව සිය ඉලක්කය කරා ගිය සිම්බාබ්වේ පිතිකරුවෝ පන්දු 10 ක් ඉතිරිව තිබියදී කඩුලු 6 ක් පමණක් දැවී සිය ඉලක්කය කරා අවතීර්ණ වූහ.

තරගයේ වීරයා සම්මානය සිම්බාබ්වේ කණ්ඩායමේ ක්‍රේග් අර්වින් හට හිමි විය.

ඒ අනුව තරග 5 කින් සමන්විත මෙම එක් දින තරගාවලියේ දෙපිළම තරග 2 බැගින් ජයගෙන සම තත්ත්වයේ සිටියි.


1 min read

Published

By Madhura Seneviratne

Source: espncricinfo



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now