SKIP TO MAIN CONTENT

අලුත් අවුරුද්දේ පළමු තරගයෙන්ම ලංකාවට ලකුණු 12 ක පරාජයක්.

Sri Lanka, Bangladesh & Zimbabwe Tri nation series
Source: espncricinfo

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: espncricinfo



Skip to article content

ශ්‍රී ලංකා , බංග්ලාදේශ හා සිම්බාබ්වේ තුන්කොන් එක් දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ලෙස ඊයේ (17/01) මීර්පූර් හි Shere Bangla ජාතික ක්‍රීඩාංගනයේදී පැවති ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර තරගයෙන් සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 12 ක ජයක් අත් කරගත්තේය.

කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකාව, ප්‍රථමයෙන් පන්දුවට  පහර දීමට සිම්බාබ්වේ කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6 කට ලකුණු 290 ක් රැස් කළේය.

නමුත් ජයග්‍රහණය සදහා ලකුණු 291 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා පිලට ඕවර 48.1 කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 278 ක් පමණි.

ආරම්භයේදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වුවද පසුව කඩුල්ල ආරක්ෂා කරගනිමින් තැන්පත් පිතිහරඹයක නිරතවු කුසල් පෙරේරා ලකුණු 80 ක් රැස්කර සිටියදි බ්ලෙසින් මුසරබානි වෙත දුන් උඩපන්දුව රැකගැනිම හේතුවෙන් ඔහුගේ ඉනිම අවසන්විය.

සිය 9 වැනි එක්දින අර්ධ ශතකය ලබාගත් කුසල් පෙරේරා පන්දු 83 කට මුහුණදුන් අතර ඔහුගේ ඉනිමට හයේ පහර දෙකක් සහ හතරේ පහර 8 ක් ඇතුළත් විය.

මැතිවිස් ලකුණු 42 යි.

චන්දිමාල් ලකුණු 34යි.

හත්වැනි පිතිකරු ලෙස පිටියට පිවිසි තිසර පෙරේරා විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් ශ්‍රී ලංකා පිලෙන් ගිලිහෙමින් තිබුණු තරගයේ ජයග්‍රහණය පිළිබඳව යළිත් බලාපොරොත්තු ඇති කිරීමට සමත්විය. අවසන් මොහොත වනතෙක් හුදෙකළා සටනක නිරතවූ තිසර පෙරේරා දැවීයන විට පන්දු 37 කදී හයේ පහර තුනක් සහ හතරේ පහර පහක් සමගින් ලකුණු 64 ක් රැස්කිරීමට සමත්ව සිටියේය.

තරගයේ වීරයා සම්මානය පන්දු 67 කදී ලකුණු 81 ක් නොදැවී රැස්කළ සිම්බාබ්වේ කණ්ඩායමේ Sikandar Raza හට හිමි විය.

ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරඟය බංග්ලාදේශ කණ්ඩායම සමඟ හෙට (19 Jan) ආරම්භවීමට නියමිතයි. ඕස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් හෙට පස්වරු 5 ට තරඟය ආරම්භවෙයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now