SKIP TO MAIN CONTENT

සුදු පාලනය අවසන් කිරීමට උරදුන් අවසන් ජීවමාන අප්‍රිකානු නායක සාක්ෂිය, වසර 37 ක පාලනයට තිත තබයි.

Zimbabwe's president Robert Mugabe resigns, ending 37-year reign
Source: AAP

2 min read

Published

Updated

By Madhura Seneviratne



Skip to article content

වසර 37 ක පාලනය කාලය අවසන් කරමින් සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ ඊයේ (21/11) සිම්බාබ්වේ ජනාධිපතිධුරයෙන් ඉල්ලා අස්විය.

බ්‍රිතන්‍යයෙන් නිදහස ලබා ගැනීමේ අරගලයේදී සිම්බාබ්වේ රාජ්‍යයේ ස්වාධීනත්වය වෙනුවෙන් සටන් කළ දැනට වාසය කරන අවසාන අප්‍රිකානු නායකයා වන්නේ ද රොබට් මුගාබේ ය.

1980 දී සිම්බාබ්වේ රාජ්‍යය නිදහස ලබාගැනීමෙන් අනතුරුව රොබට් මුගාබේ එරට අග්‍රාමාත්‍යධුරයට පත්වූ අතර පසුව ජනාධිපතිධුරයට පත්විය.

වසර 37 ක් සිම්බාබ්වේ පාලනය කළ මුගාබේ ව නිවාස අඩස්සියේ රදවා රාජ්‍ය පාලනය සියතට ගැනීමට සිම්බාබ්වේ හමුදාව කටයුතු කළේය.

මේ අතර රොබට් මුගාබේ ව පක්ෂ නායකත්වයෙන් නෙරපූ අතර ඔහුට ජනධිපති ධුරයෙන්ද ඉල්ලා අස්වීමට බල කළේය.

එය ඉල්ලීම ඉවත ලූ රොබට් මුගාබේ තමන් බලයෙන් ඉවත් නොවන බව ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් කියා සිටියේය.

ඉන අනතුරුව සානු පී.එෆ් පක්ෂය විසින් ඊයේ (21/11) රොබට් මුගාබේ ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කරන ලදි. 

දෝෂාභියෝග විවාදය පාර්ලිමේන්තු තුළ පැවැත්වෙන අවස්ථාවේදී රොබට් මුගාබේ තමන් ජනාධිපතිධුරයෙන් ඉවත් වන බව පාර්ලිමේන්තුවට ලිපියක් එවමින් සඳහන් කළේය. 

අනූතුන් හැවිරිදි වියේ පසුවන රොබට් මුගාබේ ජනාධිපතිධුරයෙන් ඉල්ලා අස් වී ඇති බව කතානායක ජාකෝබ් මුඩෙන්ඩා නිවේදනය කළ අතර දෝෂාභියෝග ක්‍රියාවලිය නවතා දැමීමට ද හෙතෙම කටයුතු කළේය.

රොබට් මුගාබේ ජනාධිපතිධුරයෙන් ඉල්ලා අස් වී ඇති බව නිවේදනය කිරීමත් සමඟ පාර්ලිමේන්තුව තුළ ද සිම්බාබ්වේ රාජ්‍යයෙන් පිටත දීද සැමරීම් සිදු වූ බව වාර්තා විය. 

අප්‍රිකානු ජාතීන්ට එරෙහිව ක්‍රියාත්මක වූ සුදු පාලනය අවසන් කිරීමට උරදුන් අවසන් ජීවමාන අප්‍රිකානු නායක සාක්ෂියේ වසර 37 ක පාලනයට ඒ අනුව ඊයෙන් අවසාන තිත තැබිණි.

SBS පුවත් ඇසුරෙනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now