SKIP TO MAIN CONTENT

කොරෝනා වසංගතය හේතුවෙන් ආර්ථික පීඩාවට පත්වූ ඔස්ට්‍රේලියාවේ සත්වෝද්‍යාන හා මින් මැදුරු වලට ආර්ථික සහන පැකේජයක්

Melbourne zoo
Melbourne zoo Source: Flickr

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

කොරෝනා වසංගතය හේතුවෙන් ආර්ථික පීඩාවට පත්ව ඇති ඔස්ට්‍රේලියාවේ සත්වෝද්‍යාන හා මින් මැදුරු වලට ආර්ථික සහනයක් ලබා දීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් ඩොලර් මිලියන 95 ක ආර්ථික සහන පැකේජයක් ලබා දී තිබේ.

කොරෝනා වසංගතය මැඩලීම සඳහා පනවන ලද නීති හා සීමාවන් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සත්වෝද්‍යාන හා මින් මැදුරු නැරඹීම සඳහා සංචාරකයින් නොපැමිණෙන බැවින් ඒවායේ කටයුතු සිදු කරගෙන යාම අපහසු වී තිබේ.

මෙම සහන ලබා ගැනීමට සුදුසුකම් ලබන ආයතන සඳහා අදාළ මුල්‍ය දීමනා මාස 6 ක් යනතුරු ලබා දෙන අතර ඒ හරහා සත්ත්වයින්ගේ සුබ සාධන කටයුතු, ඔවුන්ට ආහාර පාන ලබා දීම් සහ ඔවුන්ට සෞඛ්‍ය පහසුකම් සැපයීම සිදු කිරීමට හැකිය.

අදාළ ආයතන වල සේවකයින්ට JobKeeper වැඩසටහන හරහා $1500 දීමනාව ලබාගැනීමට හැකි බවද මධ්‍යම රජය පවසයි.

ඔස්ට්‍රේලියාවේ සත්වෝද්‍යාන හා මින් මැදුරු, ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංචාරකයින්ගේ ප්‍රධාන ගමනාන්ත බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍ය Simon Birmingham, SBS පුවත් සේවයට පැවසීය.

වනජීවී සංරක්ෂණ කටයුතු වලදී ඔස්ට්‍රේලියාව සැමවිටම ලෝකයේ ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරන බැවින් මෙම පියවර ඉතා වැදගත් බව සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍ය Simon Birmingham වැඩි දුරටත් පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now