Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

සෑම ඕස්ට්‍රේලියානුවන් 5 දෙනෙකුගෙන් එක් අයකුම, සහකරුගෙන් පවුල් ප්‍රචණ්ඩත්වය හෝ අපයෝජනය අත්විඳ ඇති බව හෙළි වෙයි

Domestic Violence, victim, Help in Australia
Credit: SBS

සෑම ඕස්ට්‍රේලියානුවන් 5 දෙනෙකුගෙන් 1අයකුම තම සහකරු හෝ සහකාරිය හේතුවෙන් පවුල් ප්‍රචණ්ඩත්වය හෝ අපයෝජනය අත්විඳ ඇති බවට ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසයි.


Published

By Nipuna Dodangoda

Source: SBS



Share this with family and friends


සෑම ඕස්ට්‍රේලියානුවන් 5 දෙනෙකුගෙන් 1අයකුම තම සහකරු හෝ සහකාරිය හේතුවෙන් පවුල් ප්‍රචණ්ඩත්වය හෝ අපයෝජනය අත්විඳ ඇති බවට ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසයි.


ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය නිකුත් කල 2021-22 වසර සඳහා වන Personal Safety Survey හෙවත් "පුද්ගලික ආරක්ෂණ සමීක්ෂණයේ" දත්ත මගින් හෙළිව ඇත්තේ සෑම ඕස්ට්‍රේලියානුවන් 5 දෙනෙකුගෙන් 1අයකුම තම සහකරු හෝ සහකාරිය හේතුවෙන් පවුල් ප්‍රචණ්ඩත්වය හෝ අපයෝජනය අත්විඳ ඇති බවයි.

මෙම දත්ත වලට අනුව, ඇස්තමේන්තු කර ඇති ඕස්ට්‍රේලියානු වැඩිහිටියන් මිලියන 4.2 ක් සහකරුවෙකු හෝ සහකාරියක හේතුවෙන් ප්‍රචණ්ඩත්වය, මානසික අපයෝජන හෝ ආර්ථික අපයෝජනයන් අත්විඳ තිබේ.

මෙය ප්‍රතිශතයක් ලෙස 21% ක් හෝ සෑම ඕස්ට්‍රේලියානුවන් 5 දෙනෙකුගෙන් 1අයකු වේ.

ඕස්ට්‍රේලියානුවන් වයස අවුරුදු 15 සිට සහකරුවෙකු හෝ සහකාරියක හේතුවෙන් ප්‍රචණ්ඩත්වය, මානසික අපයෝජන හෝ ආර්ථික අපයෝජනයන් අත්විඳ තිබේ.

මෙම තත්වය පිරිමි පාර්ශවයට වඩා කාන්තා පාර්ශවය තුල ඉහල අගයක් ගනී.

ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ අපරාධ සහ යුක්තිය පිළිබඳ සංඛ්‍යාලේඛන ප්‍රධානී Will Milne පෙන්වා දෙන්නේ, මෙහිදී කාන්තාවන් මිලියන 2.7ක් සහ පුරුෂයින් මිලියන 1.5ක්, සහකරු හෝ සහකාරිය හේතුවෙන් පවුල් ප්‍රචණ්ඩත්වය හෝ අපයෝජනය අත්විඳ ඇති බව සමීක්‍ෂණයෙන් හෙළි වූ බවයි.

Screenshot 2023-11-27 at 2.45.53 pm.png
Prevalence of partner violence and abuse since the age of 15(a)(b) Credit: Australian Bureau of Statistics / SBS

මූල්‍යමය තත්වය පදනම් කරගත් ආතතිය හේතුවෙන් තම සහකරුගෙන් වන හිංසනය සහ අපයෝජන බොහෝ කාන්තාවන්ට අත්විඳීමට සිදුව ඇති බවද මෙහිදී හෙළිව තිබේ.

මේ අනුව මුදල් ගැටලු ඇති නිවෙස්වල ජීවත් වන කාන්තාවන් මෙම මුදල් ගැටලු නොමැති නිවෙස්වල සිටින කාන්තාවන්ට වඩා පසුගිය වසර දෙක තුළ තම සහකරුගෙන් වන හිංසනය සහ අපයෝජන වැඩි වශයෙන් අත්විඳ තිබෙන බවත් ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ Will Milne කියා සිටී

Women aged 18 years and over, Prevalence of partner violence and abuse in the last two years, By whether experienced household cash flow problems.jpeg
Women living in households with one or more cash flow problems were more likely to have experienced partner violence or abuse Credit: Australian Bureau of Statistics / SBS

සහකරුවෙකු හෝ සහකාරියක හේතුවෙන් සිදු වන ප්‍රචණ්ඩත්වය, මානසික අපයෝජන හෝ ආර්ථික අපයෝජනයන් හි ලක්ෂණ සහ බලපෑම් පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු මෙම සමීක්ෂණය මගින් එක්රැස් කොට තිබේ.

මෙහිදී හෙළිව ඇත්තේ පෙර සහකරුගේ ප්‍රචණ්ඩත්වය අත්විඳින ලද කාන්තාවන් 791,100ක් එම සම්බන්ධය තුළ යම් අවස්ථාවක ගැබ්ගෙන ඇති බවයි. මෙම කාන්තාවන්ගෙන් 42%ක් තම ගර්භණී සමයේදී ප්‍රචණ්ඩත්වය අත්විඳ ඇති අතර 17%ක පිරිසක් තම ගර්භණී සමයේදී ප්‍රථම වරට ප්‍රචණ්ඩත්වය අත්විඳි තිබේ.

Woman under attack
Credit: Dominic Lipinski/PA Wire

පෙර සහකරු මගින් මානසික හිංසනයට ලක් වූ මිලියන 1.9 ක කාන්තාවන්ගෙන් 73% ක් මානසික අපයෝජනය හේතුවෙන් කාංසාව හෝ බිය අත්විඳ තිබේ. එමෙන්ම පෙර සහකාරිය මගින් මානසික හිංසනයට ලක් වූ මිලියන 1.1 ක පිරිමින්ගෙන් 45% ක් මානසික අපයෝජනය හේතුවෙන් කාංසාව හෝ බිය අත්විඳ තිබේ.

ඔබ හෝ ඔබ දන්නා ඕනෑම අයකුට මෙවැනි ගැටළු සඳහා උපකාර අවශ්‍ය නම්, කරුණාකර 1800 737 732 අමතන්න, නැතිනම් 13 11 14 ඔස්සේ Lifeline අමතන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now